රවිට මෛත්‍රීපාල ගෙන් රතු එළියක්?

ravi&maithripalaශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි. එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.

එජාප ය බෙදිලා

මේ පිළිබඳව එකසත ජාතික පක්ෂය තුළ ඇත්තේ බෙදුණු මතයකි. විශ්වාශ භංග යෝජනාවක් ඉදිරිපත් කොට ආණ්ඩුවේ ශත්තිය පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව එක පිරිසක් කියන අතර තවත පිරිසක් කියා සිටින්නේ. රවීට ඉල්ලා අස්වන ලෙස පවසා දැනට සිදුවී ඇති හානිය අවම කරගත යුතු බවයි.

පක්ෂය රවී කරුණානායක ආරක්ෂා කරන බව කබීර් හසීම් මහා ලේකම්වරයා පැවසීය. බැඳුම්කර මගඩියට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් ඇය සම්බන්ධ නම් ඔවුන් හෙළිදරව් වීම අවම කිරීම සඳහා රවී කරුණානායක ආරක්ෂා ඉරීමට සිදුවෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.