රවි ගේ අළුත්ම මෙහෙයුම ජාඇල

Ravi Karunanayakeජාඇල වැලිගම්පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ගම්පහ යොවුන් පෙරමුණේ රැස්වීමේදී ජා ඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කපා හැර ඇති හැටි දැකගත හැකි විය.

තමාට සභාව ඇමතීමට අවස්ථාවක් නොලැබුනේ යයි කියමින් ජෝෂප් මයිකල් පෙරේරා මහතා ආරෝවක් ඇති කර ගත් අතර රවි කරුණානායකට හොඳ පාඩමක් උගන්වන බව පැවසීය. වේදිකාවට නැගි ජෝෂප් මයිකල් පෙරේරා මහතා කතාව ආරම්භ කළද ආරම්භයේදී ශබ්ද විකාෂණ පද්ධතිය අක්‍රීය විය.

ජෝෂප් මයිකල් මහතා බැන වදිද්දී රවී කරුණානායක මහතා ඇතුලු පිරිස අසුන්වලින් නැගිට පිටව ගියහ.

, ජෝෂප් මයිකල් මහතාද එවිට තම කතාව අතර මග නවතා පිටව යෑමට කටයුතු කිරීමත් සමග පැමිණ සිටි පිරිස නායක රනිල් වික්‍රමසිංහ මහතාටත්, රවී කරුණානායක මහතාටත් කාවින්ද ජයවර්ධන මහතාටත් ජයඝෝෂා කළහ. රවී කරුණානායක මහතා ඇතුළු පිරිස පිටව ගිය පසු ජෝෂප් මයිකල් පෙරේරාද එම ස්ථානයෙන් පිටව යන ලදී.

මෙහිදී හෙළිදරව් වුනේ රවි ගේ අළුත්ම මෙහෙයුමයි. ඔහු යළිත් පක්ෂය තුළ තහවුරු වීමේ මෙහෙයුමක නිරත ව සිටී

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.