රවි රාජ් නඩුව යළි අහන්න

Nadarajah Ravirajනඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අහෝසි කර එම නඩුව නැවත විභාග කිරීමට මහාධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

අදාළ නඩුව විභාග කළ විශේෂ ජූරි සභාව හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුව සම්බන්ධයෙන් නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කිරීමක් සිදුනොකළ බව නීතිපතිවරයා අභියාචනාධිකරණ‍ය හමුවේ දැනුම් දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා අළුයම ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී චෝදනා එල්ල වී තිබු විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කෙරුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.