රවීට එරෙහි විශ්වාස භංගය ගැන ජවිපෙ දෙකට දෙවාරේ

sunil-handunneththiරවී කරුණානායක කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරද්දී රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුම්කර ගනුදෙනුවට අදාළ නිසි ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇතැයි යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ විමර්ශන කටයුතු අවසානයේ අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවය.

මෙයින් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහය වන්නේ ඒකාබද්ධ විපක්ෂය ගෙනෙන විශ්වාසභංගයකට පංගුකාරයෙක් නොවී ආණ්ඩුව ලවාම රවී කරුණානායක ඉවත් කරන්නටය.

වට වංගු තර්කය

“නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ආයතනයක්. රජයේ ඇමතිවරයෙක්ම චෝදනාවට ලක්වෙලා ඔහු කැබිනට් ඇමති ධුරයේ තියා ගෙන නීතිපති දෙපාර්තමේන්තුවට සාධාරණ ආකාරයට නීති ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇත්දැයි යන ප්‍රශ්නය තිබෙනවා” යැයි
මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ වට වංගු තර්කයකිනි.

“ආණ්ඩුවට සදාචාරයක් තියෙනවා නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න ඕනි. ඉවත් කර තමයි පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්න ඕන. ඊට හේතුව තමයි ඔහු වැරදිකරු වුනත් නිවැරදිකරු වුනත් මේ වන විට ආණ්ඩුව එහි එක් පාර්ශවයක් බවට පත් වී තිබීම”
යැයි සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ තමන්ගේ ක්‍රියා මාර්ගය හෙළිදරව් නොකරන්නට ප්‍රවේසම් වෙමිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.