රවීට ගෙවල් දුන් විනෝදනී ගැන කුතුහලයක්

bandumkaraබැඳුම්කර කොමිසම හමුවේ අනිකා විනෝදනී විජේසුරිය මෙනවිය දුන් සාක්ෂියෙන් අනතුරුව තවත් බොහෝ දේ හෙළිවීමට නියමිතව තිබේ. ඇගේ සාක්ෂිය මධ්‍යයේ වාර්තා නොකරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ඇයට අර්ජුන් ඇලෝසියස් කළ අයුතු යෝජනාවක් ගැනත් ඇයට කරුණු කියන්නට සිදුවිය. ගිවිසුමේ ඇගේ පිටපත විනශ කිරීම, ඇය හා රවී අතර ඇතිවී තිබෙන ගනුදෙනුව සුළුපටු එකක් නොවේ.

මේ කාන්තාව කෝටිපතිනියකි. ඇය අධ්‍යක්ෂවරියක් වුයේ ඇගේ පියාගේ සමාගමේය. පියාත් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ගාමිණී දිසානායක ගේ සමීප මිතුරකි. විනෝදනී විජේසුරිය මුල්‍ය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව වීද්‍යාලයේ උපාධිධාරිනියකි.

හෝටල් කළමනාකරණය ඇගේ විෂය ක්ෂේත්‍රයයි. මේ දිනවල වැලිගම හෝටලයක් හදන නිසා කොළඹ නිවස විකිණු බව කොමිසමට පැවසුවාය. ආණ්ඩුවේ බලවතුන් සහ ඊස්ට්-වෙස්ට් සමාගම අතර සිදු වූ එකම ගනුදෙනුව මේ නිවාස ගනුදෙනුව පමණක්ද යන්න හොයා බැලීම වටී.

ඊස්ට්-වෙස්ට් සමාගම 2013/14 වසර තල 155% මුල්‍ය ප්‍රගතියක් ලබා තිබේ. මෙම සමාගම මාධ්‍ය විකාශන මධ්‍යස්ථාන ගණනාවක් පවත්වාගෙන යයි. ETV නාලිකාව ඔවුන් සතු විය. ඔහු දක්ෂ, කිව යුතු දේ කෙලින් කියන ව්‍යාපාරිකයෙක්කු සේ ප්‍රකටය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.