රවීට සජිත්ගෙන් සමාවක් නැත

sajith-premadasaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රවී කරුණානායක මහතා හෙළිදරව් කොට ඔහුව නායකත්ව තරඟයෙන් අයින් කරවා ගැනීම සඳහා සියළුම දේ කරමින් සිටී. සියඹලාණ්ඩුව මානභරණ උදාගම්මානය ජනතා අයිතියට පත්කරමින් සජිත් පේ‍්‍රමදාස පැවසුවේ
තමන් ඇතුළු යහපාලන රජයේ කිසිවෙකුත් දූෂණයට පක්ෂව අත ඔසවන්නේ නැති බවයි. හොර කමට පක්ෂව අත ඔසවන්න යැයි කවුරුන් හෝ තමන්ට කීවහොත් සියළු තනතුරු අතහැර ජනතාව සමග පාරට බසින්නට තමන් සූදානම් බව සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරනය කළේය. මේ අතරවාරයේ අගමැති රනිල් වික‍්‍රමසිංහත් පවසන්නේ තමන් දූෂණයට විරුද්ධ බවයි. ඔහු පවසන්නේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා නොකරන බවත් ඕනෑම කරුණක් හෙළිදරව් උනොත් ඒ වාර්තා අනුව ඒවා සොයා බලා කටයුතු කරන බවයි.

“අද කොපමණ විමර්ශන ක‍්‍රම තිබෙනවාද කිව්වොත් ඇමතිවරුන්ගෙන් නීතිපති ප‍්‍රශ්න අහනවා. මීට පෙර එවන් ක‍්‍රමයක් තිබුණාද ? එතන නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැත්නම් සුදු වෑන් වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙක්ට ප‍්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා.” හැටන් ඞී.කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරී හමුවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.