රවීට හුස්ම ගන්න ඉඩ – විදේශ ඇමති කමට පෝලිමක්

ravi-karunanayakeවිදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ අතර අගමැතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව කතානායකවරයාට තීරණයක් ගත හැකි බවයි. මේ අනුව ලබන බ්‍රහස්භාස්පතින්දා දක්වා කාලයක් රවී කරුණානායක ඇමතිවරයාට ලැබේ.

ඒ අතර වාරේ විදේශ ඇමති තනතුර සඳහා සරත් අමුණුගම, තිලක් මාරපන සහ නවීන් දිසානායක ගේ නම් යෝජනා වෙමින් පවතී.  බාධක පැමිණියත් තමන් දේශපාලනයෙන් ඉවත් නොවන බව රවී කරුණානායක ඇමතිවරයා තමන්ගේ හිතවතුන්ට පවසා ඇත. දැනට තිබෙන තත්වය අනුව දේශපාලනය කෙසේ වෙතත්ත රවී කරුණානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් කීප දෙනෙකුට නීතිමය අභියෝග වලට මුනුන දීමට සිදුවනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ දෙවන් පෙළ නායකත්වයේ මුල් තැන ගැනීමට නිබඳ කස කවන සජිත් ප්‍රේමදාස මේ මොහොතේ කරන ලියන දේ පිළිබඳව දේශපාලන විචාරකයින් ගේ අවධානය යොමු වී තිබේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.