රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Ravi Karunanayake” ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරවී”  යනුවෙන් පැවසු රවී කරුණානායක ඉල්ලා අස්වෙයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නම සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය. එම නිසා රවී කරුණානායක ඇමැතිවරයාට ඉවත්වන්නැයි දේශපාලනඥයින් රැසක් ඉල්ලීම් කර තිබිණි. මේ අනුව ජනපති හා අගමැති හමුවී ඊයේ(9) විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ රවී කරුණානායක මහතා අද(10) තම තීරණය ප්‍රකාශයට පත් කළේය. මේ වන විට ඇමැති රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ රැස්ව සිටිති. රවී කරුණානායක මහතාගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවට වාර්තා වේ.

මම ශක්තිමත් – ඉල්ලා අස් වූ රවී

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි පසු පෙළට එක්විය. මේ මොහොතේදී පීඩාවට පත්ව සිටින තම බිරිද සහ දරුවන් වෙත තම ආදරය පල කළේය, අට ලෝ දහමට මුහුණ දෙමින් ගැටළුවට මුහුණ දීමට තමන් ශක්තිමත් බව රවී කරුණානායක පැවසීය. විපක්ෂය දැඩි ලෙස රවී කරුණානායක වෙනුවෙන් කථා කළ අගමැතිවරයාට බාධා කළහ. තමන් පසු පෙළට යන්නේ ආඩම්බරයෙන් බව රවී කරුණානායක පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.