රවී කැබිනට් රැස්වීමට නැහැ

Ravi Karunanayakaජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එම සාකච්ඡාවක පැයක පමණ කාලයක සිට පැවැත්වෙන බව වාර්තා වේ.

මේ අතර ඊයේ (09) පැවැති කැබිනට් රැස්වීමටද රවි කරුණනායක මහතා සහභාගී නොවීය. මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාටද චෝදනා එල්ල වී තිබේ. ඔහු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජිතයින් පවසා ඇති බවද වාර්තා පලවිය.

මේ අතර විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පෙරේදා (08) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.