රවී ගෙන් පුවක් සහන

 

rrecunutඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ ජාවාරමක් සඳහා මුදල් ඇමති රවී කරුණානායකගේ සහාය ලැබී ඇතැයි වාර්තා වේ. ගෝල්ඩන් ෆුඩ්, වයඹ ට්‍රේඩර්ස්, AR,4S යන සමාගම් හතරක් මගින් මෙම කරුංකා පුවක් ජාවාරම සිදු කරමින් අධික ලාභයක් ලබා ගන්නා බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කරුංකා පුවක් ගෙන්වා ප්‍රති අපනයනය කිරීමත් රේගු ආඥා පනතේ තාවාකාලිකව ආනයනය කරවා අපනයනය කිරීම යන ක්‍රමවේදයට (TEEP) පටහැනි ආකාරයෙන් සිදු වී ඇත. එමෙන්ම කරුංකා පුවක් වැනි ශාඛ ආශ්‍රිත භාණ්ඩ ලංකාවට ආනයනය කිරීමේදී පැළෑටි ශාඛ නිරෝධායන සහතිකය අදාළ සමාගම් විසින් ලබා ගත යුතු අතර ඉහත සමාගම් එවැනි සහතිකයක් ලබා නොගෙන නීති විරෝධීව මේවා අපනයනය කර ඇත

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය මාර්තු අප්‍රේල් දෙමස ඇතුළත ඉහත ආකාරයෙන් ආනයනය කරන ලද කරුංකා පුවක් තොගයක් රේගු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ගෝල්ඩන් ෆුඩ් සමාගම විසින් ගෙන්වන ලද කන්ටේනර් 10කින් 8ක් සඳහාද AR සමාගම විසින් ගෙන්වන ලද කන්ටේනර් 09ක් සඳහාද ඩොලර් 5000 බැගින් දඩ අයකර ගෙන ඇති අතර නැවත එම පුවක් තොගය ඉන්දුනීසියාවට යවා ඇත.

මේ අතර තුර පසුගිය අප්‍රේල් 30 වනදා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මැදිහත් වීමෙන් කරුංකා පුවක්ද තාවාකාලිකව ආනයනය කරවා අපනයනය කිරීමට (TEEP) හැකි වන පරිදි රේගු ආඥා පනත සංශෝධනය කර ඇත.

4S සමාගම විසින් කන්ටේනර් 200කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර ඒ සඳහා දඩ මුදල් ගෙවීමට මැයි 15 වන දින එම සමාගම රේගුවට පැමිණ ඇත. නමුත් රේගු ආඥා පනත සංශෝධනය කර ඇති බැවින් එම වගන්තියට අනුව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා විසින් දෙපාර්තමේන්තු නියෝගයක් මගින් සියලුම කරුංකා තොග අත්අඩංගුවෙන් නිදහස් කර තිබේ. ඒ අනුව රේගුවට විශාල දඩ මුදලක් අහිමි වී තිබෙන අතර ගෝල්ඩන් ෆුඩ් සහ AR සමාගමෙන් අය කරගන්නා ලද දඩ මුදල් නැවත ගෙවීමට සිදු වී තිබේ.

මීට ඉහත මෙම ජාවාරම සඳහා දේශපාලන බලය සපයා දී ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බවටද වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.