රවී ගේ ආධාරකරුවන්ට වෙඩි කටක් මරුට

කොළඹ, කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටි පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් කළ වෙඩි තැබීමක් නිසා කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අද දහවල් කාලයේ දීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් ගිය 250 ක් 300 ක් පමණ පිරිස දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.

රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ කටයුතු වල යෙදී සිටි අවස්ථාවේදී රවී කරුණානායක මහතා කොටහේන දෙසට ගොස් ඇති බවත් අනෙක් පිරිස පත්‍රිකා බෙදමින් බ්ලූමැන්ඩල් මාර්ගය දිගේ ආමර් වීදිය දෙසට පැමිණි බවත් එහි සිටි අය කියති. එසේ පැමිණි පිරිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ පිරිස් එම ස්ථානයේ ඇද වැටුණු බවත් ඔවුන් රෝහල්ගත කළ බවත් රෝහල් ගත කළ එක් කාන්තාවක් මිය ගිය බවත් රෝහල් ආරංචි පවසයි. තැබූ පිරිස පළා ගොස් ඇති බවත් කියති.

 

වාහන දෙකකින් පැමිණි පිරිසක් මෙසේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ අධාරකරුවන්ට වෙඩි තබා පලා ගොස් තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

තුවාල කරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවයි ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ.

මෙවර මැතිවරණයේ මෙතෙක් වාර්තාවුණු සිදුවීම මෙය වන අතර මේ සිද්ධියට පෙර මෙම මැතිවරණය අතිශය සාමකාමී මුහුණුවරක් ගනු දක්නට ලැබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.