රවී ගේ උදව්වට ශුද්ධවූ භාෂිතයන් – පිටපත මාරයි

Ravi Karunanayakeරවි කරුණානායක මහතා ඉදිරිපෙළ අසුනෙන් නැගිට ගොස් පසු පෙළ අසුනක වාඩිවීමට පෙර කළ කථාව පුරා ශුද්ධවූ භාෂිතයන් පිළබඳව සඳහන් විය. ඒ කථාව ආසා සිටි මාධ්‍යවේදියෙක් පැවසුවේ’අනේ මේ තරම් ධර්මය දන්න මනුස්සයා ළුණු බිකක් තරම් වරදක් කරපු එකට සමාජය මොනවට උරණ වෙනවද”? යනුවෙනි.

රවිට අනුව කථාව මෙසේය:
“ අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.” බැඳුම්කර කොමිසම හමුවට ගිය රවී කරුණානායක කරුණු නොදැන ගෙන සිටීම හේතුවෙන් පත් වූ අසරණ තත්වය දැක පසුව ඔහුව දැනුවත් කලා විය හැකිය.

අනෙක රවී දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කොට ඇත. පසුව නිවස මිලට ගෙන ඇත්තේ සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙනය. එහෙත් ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි.

තමන්ට එල්ල වූ පීඩනයන් පිළිබඳවත් රවී කියා සිටියේය.
.
‘ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා.’

“යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා”යැයි පැවසු රවී කරුණානායක. අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙන බව පැවසීය.

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි යැයි පසු විට මතක් වුනේ මොන්කාදෝ ප්‍රහාරය අසාර්ථකව ෆිදෙල් කස්ත්‍රෝ විත්ති කුඩුවේ සිට කලා ප්‍රකාශයයි.

“අපේ පක්‍ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් පේ‍ර්මදාස, ජේ ආර් ජයවර්ධන, මැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා” සත්‍ය වසන් කිරීම කලබල විය යුතු නැත

ශුද්ධ වූ කුරානයේ මෙසේ සඳහන් වේ.
“සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.” හින්දුන් අතර පුජනීය වල්ලුවර් කවිය බැඳුම්කර ගැන දැන නොසිටින්න ඇත. එහෙත් මෙසේ ලිය තිබේ.

“සදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.” රවී ගේ චේතනාව වේ ඇත්තේ නිවැරදි දේ කිරීමයි.සුපිරි නිවසක වාසය කලත්
තමන්ගේ පවුල දැඩි පීඩනයකට ලක්ව සිටින බව පවස්වේය.

මගේ ආදරය ඔබ ළඟයි

“සියළු පීඩනයන් හා අපහාස විඳිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි” ධම්ම පදයද උපුටා දක්වන්නට රවී අමතක නොකළේය.

අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක් සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි.” ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා. ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.”

මේ කථාව අසා සිටි මාධ්‍යවේදියෙක් පැවසුවේ “වැඩේ හරි වැරැද්ද මොනවා වුනත් කථාවේ පිටපත නම් මාරයි යනුවෙනි”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.