රවී ගේ සිදුවීම ළුණු බිකක් සේ ඉතා සුළුයි – රාජිත

Rajitha Senaratneරවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන එකාබද්ධ විපක්ෂයේ නායකයින් ද හොරුන් වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මන්නාරම සිලාවතුර ප්‍රදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (07) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට මුල්‍ය අපරාධ, දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන චෝදනා පවතින අතර අදාළ පිරිසට ‍තොග වශයෙන් චෝදනා පවතින බවයි.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධි ළුණු බිකක් වැනි ඉතා සුළු සිදුවීමක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ ඩුබායි බැංකු ගිණුම්වල තිබෙන මුදල් ප්‍රමාණ ගැනත් ජනතාව දැනගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රාජිතට අනුව රවී කරුණානායක අමාත්‍ය වරයාගේ සිද්ධිය ගැන කථා කරන පුද්ගලයින් නිසැකයෙන්ම හොරුන් ය. හොරුන් විසින්ම මේ පිළිබඳ කථා කිරීම ලැජ්ජාවට කරුණකි. ගැටළුව වන්නේ කොටි ගණනක්ක් ළුණු බිකක්ව වන්නේ කෙසේද යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.