රවී නිසා ආණ්ඩුවට ලකුණු කැපේ

ravi-karunanayakeමතභේදාත්මක බැඳුම්කර වංචාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිව් දිගින් ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඇමැති රවි කරුණානායක බැඳුම්කර කොමිසම මඟහැරියේ ඔහුට එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනාවලින් ගැලවීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

රවි කරුණානායක නම් පුද්ගලයාට හොරා යන නාමය හැර වෙනත් කීර්තිනාමයක් නොමැති බවත් ඊයේ බැඳුම්කර කොමිසම මඟහැරියේ එම හොරකම් යට ගැසීමට අවශ්‍ය ලිපිගොනු සකසා ගැනීමට කාලයක් නොමැති හේතුවෙන් බවත් දිසානායක මහතා පෙන්වා දෙයි.

සෘණාත්මක බලපෑමක්

රවි කරුණානායක මහතාගේ නම අෑඳීමෙන් ආණ්ඩුවට විශාල සෘණාත්මක බලපෑමක් අතිවී ඇති බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පිළිගත්තේය. අමාත්‍ය රවි කරුණානායක මහතා ගැන බැඳුම්කර කොමිසමේදී සිදු වී ඇති හෙළිදරව්ව ආණ්ඩුවට විශාල කළු පැල්ලමක් නොවන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එය විශාල සෘණාත්මක බලපෑමක් බව පිළිගත්තේය.

ඇමැති රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට ආණ්ඩුවට ඇතිවූ සෘණාත්මක බලපෑම ධනාත්මක කරනු ඇතැයි කැබිනට් මණ්ඩලය බලාපොරොත්තු වන බවද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.