රවී මුරණ්ඩු පිළිවෙතක

Ravi Karunanayakeවිශ්වාශ භංගය පාර්ලිමේන්තුවට ගෙනන් ඒමට පෙර රවී කරුණානයකට ඉල්ලා අස්වන්නැයි බලපෑම් ආණ්ඩුව එල්ල වෙමින් පවතී. දැනට රවී කරුණානයක මේ සම්බන්ධයෙන් මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කරමින් පවසන්නේ එසේ නම් චෝදනා ඇති අනෙක් අයත් ඉල්ලා ඇස විය යුතු බවයි. මේ චෝදනා බරපතල හෙයින් ලබන අඟහරුවාදා විශ්වාශ භංගයට දින නියම කිරීමට පෙර ඉල්ලා අස්වීමේ වැදගත් කම මංගල සමරවීර ඇමතිවරයා විසින් පෙන්වා දී ඇත.

පසුගියදා ජනාධිපතිවරයා අරලියගහදී මන්දිරයේදී පැවති රැස්වීමකදී සුළු මොහොතකට රවී කරුණානයක හමු වූ අවස්ථාවේදී’ඉල්ලා අස් වුනොත් හොඳයි’ යැයි පවසා ඇත.එහිදී ඇමතිවරයා කිසිත් පවසා නැති නමුත් ජනානධිපතිවරයා පසුව පවසා ඇත්තේ ‘එය මට බැන බැන යනවා’ යනුවෙනි.

මේ අතර වාරේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටින බව වාර්තාවේ. රවී කරුණානයක මුල්‍ය අනුග්‍රහ දැක්වූ මන්ත්රීවරු දැන් ඔහුව ඟ හාරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංච් මාර්ග වලින් දැන් ගන්නට තිබේ. රවී කරුණානායක ඉල්ලා අස් නොවුන හොත් ඔහුට සැර මාධ්‍ය ප්‍රහාරයකට ලක් වීමට සිදුවෙනු ඇත. බොහේ දේශපාලන විචාරකයින් පවසන්නේ මේ විශ්වාශ භංගය ඉදිරිපත් නොවන එකක් බවයි. ඒ වෙනුවට රවී කරුණානයක ට ඉල්ලා ඇස නොවී ඉඳීමට බැරි තත්වයක් නිර්මාණය වෙමින් පවතී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.