රවී රේගුවට බලපෑම් කළේ නැති බව කියයි

83608_ravi-new-

 

 

 

සිය කීර්ති නාමයට හානි වන ආකාරයේ ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය නීතීඥවරුන් මගින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතා වෙත එන්තරවාසි යවා තිබේ.

2015 මැයි මස 27 වැනි දින හෝ ඊට ආසන්න දිනක එම වෙබ් අඩිවියේ

Another Scandal Rocks The United National Party යන ශීර්ෂයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළ කිරීම ඊට හේතුව බව මුදල් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතා ඉල්ලා අස්වීම අමාත්‍යවරයාගේ බලපෑම මත වූ බව තහවුරු කිරීමට එම ලිපිය මගින් උත්සහ කර තිබේ.

එබැවින් අදාළ ලිපිය ඊයේ (03) දින සිට දින හතක් ඇතුළත වෙබ් අඩවියෙන් ඉවත් කර ඒ සම්බන්ධයෙන් එම ප්‍රසිද්ධියම ලබා දී කනගාටුව පළ කිරීමට කටයුතු කරන ලෙස අදාළ එන්තරවාසිය මගින් දැනුම් දී ඇත.

එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියන 5ක මුදල ගෙවන ලෙසත්, ඊට ද අපොහොසත් වන්නේ නම් සිය සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් අදාළ මුදල ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් නීතීඥවරුන් යැවූ එන්තරවාසියේ සඳහන් වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.