රාජකීය නැකත්කරු සුමනදාස වැරදුන හැටි හෙලිදරව් කරයි.

 

 

images (47)

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යොතිශාත්‍රඥයා  ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන (63) මහතා ජනපතිවරණයට කලින් කියා සිටියේ නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.

මහින්ද රාජපක්ෂ  ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව සුමනදාස අබේගුණවර්ධන කියා සිටී.

ජනවාරි අට වැනි දා හිටපු ජනපතිට වාසනාව උදාවන බව ඔහු කියා තිබිණි.

මහින්ද රාජපක්ෂ සිවුවරක්ම ජනපති වන බවත් ඔහු ස්ථිරවම කියා සිටියේය.

ඔහුගේ වැරදි අනාවැකිය ගැන විමසීමට දුරකතනයෙන් ඔහුට කතා කළ විට ඔහු කේන්තියෙන් පිළිතුරු දුන්නේය.

‘පිස්සු නැතිව ඉන්න නෝනා. ඔහේලා අපිට මඩ ගහලා තව කතා කරන්න එනවා‘ යනුවෙන් පැවසූ අබේගුණවර්ධන මහතා දුරකතනය විසන්ධි කළේය.

 

 

download (62)

 වාසනාවක් තියෙන්න ඕනෑ

‘මම ඔහුට ලොකු දෙයක් කළා. නමුත් ජනාධිපති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. ‘

සිකුරාදා අලුයම් කාලයේ ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමඟ රාජපක්ෂ සැනසීමට තමා උත්සාහ කළ බවත් ඔහු කීවේය.

රාජපක්ෂ එදා උදෙන්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවත්, ඊට කලින් තමා පදිංචිව සිටි බංගලාවේ යතුර ද  කාරය ද රියදුරා ද බාරදී, රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වූ බව සුමනදාස ප්‍රංශ පුවත් සේවය සමඟ කීවේය.

රාජපක්ෂ එම ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව ද ගාල්ලේ පදිංචියට ගිය සුමනදාස ‘‘රාජපක්ෂ පරදින බව කිව්වා නම් ඔහු මානසික වශයෙන් බිඳ වැටෙනවා. ඔහුගේ පරාජය තවත් බරපතල වන්නට තිබුණා. මෙම ප්‍රතිඵලය ඔහුගේ කේන්දරයේ ලියැවී තිබුණා. අපේ සර්ගේ කේන්දරේට වඩා විරුද්ධ වාදියාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ) කේන්ද්‍රය බලවත්. ‘‘එහෙත් රාජපක්ෂ ජනපතිවරණය පවත්වන බවට පසුගිය නොවැම්බර 20 වැනි දා පස්වරු 1.32ට ගැසට් නිවේදනයට අත්සන් කරද්දී අබේගුණවර්ධන ඔහුට උපදෙස් දුන්නේ බෙහෙවින්ම බලවත් සුබ නැකතක් බවයි. ඔහුගේ ජය නියත බවයි.

ඔහුගේ වැරදුණු අනාවැකියේ ප්‍රතිඵලය ගැන විමසූ විට සුමනදාසගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.

නව ජනාධිපති සිරිසේන මහතා රජයෙන් ඉවත්ව යන බව ඔහුගේ නක්ශස්ත්‍රයට නොපෙනුණු බව ද ඔහු පිළිගනී.

2010 මැතිවරණයේ දී රාජපක්ෂ පරදිතියි 2009 දී සුමනදාසගේ සගයකු අනාවැකියන් පළ කළේය. ඔහු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවූ බවත්, ඒ නිසා නරක ආරංචිය රාජපක්ෂට පැවසීමට සුමනදාස අදිමදි කරන්නට ඇති බවත් ගාඩියන් පත්‍රය කියයි.

 වැරදීම් වලට ඉඩ හැරිය යුතුයි

කිසිම නක්ෂත්‍රකරුවකුට සියයට සියයක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකි බවත්, නොස්ට්‍රඩාමස්ට ද එසේ කළ නොහැකි වූ බවත් සුමනදාස කීවේය.

‘හැම කෙනකුටම ජනපති විය නොහැකියි. එහෙම නම් මටත් රුපියල් 75000ක් ඇප තබා ස්වාධීන අපේක්ෂකයකු වී ජනාධිපති වන්න ඉඩ තිබුණා. සාස්තර කියන විට සියයට පහක වැරදීම් වලට ඉඩ හැරිය යුතුයි.

රාජපක්ෂ ඇසීමට කැමති දේ පමණක්ම නොකී බව සුමනදාස කියයි.

‘පොදු රාජ්‍ය මණ්ඩලයේ සබාපතිකම බාර නොගන්නා ලෙස මම ඔහුට කීවා. රාජපක්ෂට කලින් එමහ තනතුර දැරූ ඕස්ට්‍රේලියා අගමැතකි ජුලියා ගිලාඩ් පැරැදුණා. ඒ තනතුර කටු ඔටුන්නක්  භාර නොගත්නැයි 2013 දී රාජපක්ෂට මං කිව්වා. බලන්න ගිලාඩ්ට වුණු දේ. ඒ දේම අපේ සර්ටත් වුණා .‘

 

 

 විසන්ධි වූ දුරකථනය

 

 

 

[vsw id=”/QgMBAncmbI8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ජනපතිට පහසු ජයක්

– සුමනදාස අබේගුණවර්ධන

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යාමට ඉඩ ඇත.

මේ අනුව මේ ජනාධිපතිවරණයේදීත් ස්ථිර වශයෙන් ම තම තුන් වැනි ධූර කාලය සඳහා ජනාධිපතිතුමා පහසු ජයක් ලබා ගනු ඇත. මීට පෙර‍ මෙතුමා ලැබූ ජයග්‍රහණ බීබීසී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළාක් මෙන් ම මෙවරත් මෙරට ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අභියෝගයත් වි‍ශිෂ්ට අයුරින් ජයගන්නා අතර දශක තුනක් පුරා පැවැති ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා සේ ම මේ ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයත් එතුමා විශිෂ්ට අන්දමින් පරාජය කරනු ඇතැයි ද අබේගුණවර්ධන මහතා කීය.

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.