රාජපක්ෂලා ගෙන් කෝටි 500 ක් හොයා ගත්තා – මංගල

mangala-samaraweeraරාජපක්ෂ සමයේ දූෂණ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවත්නා පරීක්ෂණවලින් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ලඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට අධික වටිනා (ඩොලර් මිලියන 30) දේපළ අධිකරණයේ හා රජයේ භාරයට ගෙන ඇති බව ඇමති මංගල සමරවීර පවසයි.

තමන්ගේ හෝ තම පවුලේ කිසිවෙකුත් රුපියලක් හෝ සොරකම් කර තිබේ නම් තමන් බඩ කපා ගන්නවායැයි වහසි බස් දෙඩූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම පොරොන්දුව හිතාමතාම අමතක කර තිබීම හාස්‍ය ජනක බව සමරවීර ඇමතිවරයා පවසන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.

නැව් නැති හම්බන්තොට වරායෙන් පාඩු පිට පාඩු ලබන අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් මිලියන 9,000ක ණය ප්‍රමාණය 2019 වසර වන විට රුපියල් මිලියන 17,360 දක්වා වැඩි වනු ඇත. මෙයට අමතරව ස්වෛරී බැඳුම්කර හරහා පසුගිය රජය විසින් ලබා ගත් විවිධ ණය එකවර ගෙවීම 2019 වසර වන විට කල් පිරෙන බැවින් ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම වන ඇමරිකාණු ඩොලර් මිලියන 4,200ක් 2019 වසර වන විට ගෙවීමට සිදු ව් ඇති බවයි සමරවීර ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!