රාජපක්ෂවරු ඉඩම් අල්ලාගත් බවට චෝදනා

 

 

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය බලය යොදාගෙන අත්තනෝමතිකව පවරාගත් බෞද්ධාලෝක මාවතේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ අතුල දක්ෂිණාරාමය අතර ඉඩම් (පඩලිවත්ත) නිරීක්ෂණයට දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (05) ගියහ.

එම ඉඩම්වල අයිතිකරුවන් ද එම අවස්ථාවලට එක්වී සිටි අතර මෙම එක් ඉඩමක රුසියානු ජාතිකයින් විසින් යම් ඉදිකිරීමක් සිදුකරමින් සිටී. එම ඉඩම හිමි තමන්ගේ පියාට බවත් ඔහුව ඝාතනය කර මෙම ඉඩම ගොඨාභය රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් ලබාගත් බවත් එක් තරුණියක කියා සිටී. ඇය මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවටද ගොස් තිබේ. ඇයගේ ජාතික හැඳුනුම්පත පවා ඇත්තේ මෙම ඉඩමෙහි ලිපිනයටය.

දූෂණ විරෝධී හඬ නියෝජනය කරමින් නීතීඥ සුනිල් වටලග, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ, නගර සභා මන්ත්‍රී හේමන්ත වීරකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට එහි ඉදිකිරීම්වල නරත රුසියානුවන්ගෙන් දැඩි බාධා එල්ලවූහ.

 

 

[vsw id=”/ds7uYfEmFGU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

The Rajapaksha family is accused of land grab.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.