රාජපක්ෂ ලා ගේ මාළිගාව ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් නිදොස්……….

rajapakshaරජයේ මුදලින් ඉදිකළ බව කියන පෞද්ගලික පාරක් හා නිවසක් ගැන ගවේශනාත්මක වාර්තාකරණයට මොරවක ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් එම මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කළේය. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි.

අද නිදොස් කොට නිදහස් වූයේ ශාලික විමලසේන,දයා නෙත්තසිංහ හා රවීන්ද්‍ර යන මාධ්‍යවේදීන් තිදෙනාය.
මේ පිළිබඳව සත් හඬ පලකළ වාර්තාවයි මේ.

මහින්ද රාජපක්ෂගේ බාල නැගණිය විචිත‍්‍රා ශීලාධරී රාජපක්ෂට අයත් බව කියැවුණු දෙණියාය නාතගල වත්ත නම් අක්කර 40ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළොවෙන් යටට මහල් දෙකක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක් ද වශයෙන් මහල් 5 කින් යුතුය. මේ ගැන පළමු වරට තොරතුරු හෙළි වූයේ 2009 වසරේ දී මාධ්‍යවේදීන් තිදෙනකුගේ ගවේෂණාත්මක කටයුත්තක් හේතුවෙනි. ඔවුන්ගේ නිරීක්ෂණයට හසු වූ ආකාරයට ඒ වන විටත් ඉදිවෙමින් තිබූ මේ භූගත මාලිගාව සුපිරි අංගෝපාංගවලින් සමන්විතව තිබිණි. එය කොළඹ ජනාධිපති මන්දිරයේ භූගත මාලිගාවට වඩා සුපිරි ලෙස සකස් කරමින් තිබූ අතර එය හෙලිකොප්ටර් අංගණයකින් ද සමන්විත විය. මේ ගැන අනාවරණය වීමෙන් පසුව හෙලිකොප්ටර් අංගණය ඉදිකිරීම නතර වූවත් මන්දිරයේ අන් සියලූ කටයුතු සම්පූර්ණ කළේය. නමුත් මෙහි අද දක්වාම කිසිවෙක් ස්ථිර පදිංචියේ නැත. විටින් විට සාජ්ජ, රැස්වීම් පැවැත්වීය. මේ ඉදිකිරීම සඳහා යොදා ගත්තේ රජයේ දේපළය. හම්බන්තොට වරාය ඉදිකිරීම් සඳහා ගෙන ආ අමුද්‍රව්‍ය එම ඉදිකිරීම සඳහා ද යොදාගෙන තිබූ අතර මඟ නැගුම ආයතනය මඟින් ඒ වැඩ බලා කියා ගෙන තිබිණි. මේ පෞද්ගලික ඉඩමක කළ ඉදිකිරීමකි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.