රාජපක්ෂ ලාගේ රූපවහිනිය ඇලෝසියස් මාධ්‍ය ජාලයට

csnරාජපක්ෂවරුන්ට සම්බන්ධකම් ඇති CSN නාලිකාවට අදාල සංඛ්‍යාතයන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සතු මාධ්‍ය ජාලයට පැවැරීමේ සූදානමක් ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි. මේ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යත ලබා දීමට දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.

සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවා ඇත්තේ .  අදාළ නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් බවයි ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි නුවන් බෝපගේ ප්‍රකාශ කළේ. කාර්යාල ලිපිනය වෙනස් කිරීම නොදැන්වීම බලපත්‍ර තහනමට හේතුවයි.

මෙවැනි සුළු වරදකට සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සාධාරණ නොවන බව මාධ්‍ය සනජය තුල මතයක් ඈත. CSN නාලිකාවට ප්‍රාග්ධනය හොයා ගත් අන්දම පිළිබඳව ගැටළු ඇතත් ඒ ප්‍රශ්නය වෙනම ගතයුත්තක් බව මාධ්‍ය විචාරකයින් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් නව ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර සාධාරණපියවරක් ගැනීමට ඉඩ තිබෙන බව CSN මාධ්‍ය නාලිකා ප්‍රධානියෙක් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.