රාජපක්ෂ අයියා මලෝ නැවතත් රට විපතට දාන උත්සාහයක!

gotabhayaවසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඥාති – ගජ – මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මුළු රට තුළම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන්ද රට හුදකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු රට නැවත වාරයක් විපත් මගට ඇද දැමීමේ උත්සාහයක නිරත වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණය ඉදිරියේ හා පොලිස් පරීක්ෂණ රාශියක් පවත්වමින් තිබෙන බවත් දූෂිත මිග් යානා ගණුදෙනුව, රාජ්‍ය වියදමින් දෙමාපියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම, මාධ්‍ය වේදීන්ට පහරදීම හා අතුරුදන් කරවීම, දූෂණය භීෂණය පැතිරවීම නීති විරෝධී අවි ගබඩා වගින් රජයට අය විය යුතු අදායම් අහිමිකරවීම ආදිය සම්බන්ධයෙන් බොහෝ චෝදනා පවතින බව මංගල අමාත්‍යවරයා එම නිවේදනයනේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.