රාජිතට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට

rajitha senarathneසෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය චෝදනා එකොලහක් යටතේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඊයේ (24) භාර දුන්නේය.

මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකොලොස් දෙනෙකුගේ අත්සනින් යුතුව බාර දි තිබේ.

ඒකාබද්ධ විපක්ය බාරදුන් විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මණින් විවාදයට ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සහ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනා එකොලහ මෙසේය.

  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශව විසින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බරපතල වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශනයන්ට සහභාගී නොවීමෙන් යුක්තිය ඉටු කිරිමේ අවස්ථා අවුරා දමා ඇති හෙයින්ද
  2. එතුමා විසින් එකී විමර්ශනයන්ට මුහුණ දී සිය ප්‍රතිරූපය රැක ගනු වෙනුවට එකී විමර්ශනයන් මගහැරිම හේතුවෙන් එකී චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට ප්‍රබල සමාජ මතයක් ගොඩ නැගී ඇති හෙයින්ද
  3. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය වාණිජ අරමුණු පෙර දැරිගත් ව්‍යාපාරික ප්‍රජාවට බිලි දිම සඳහා රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස උපයෝගි කර ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුල බරපතල අර්බුදයක් නිර්මාණය කළ හෙයින්ද
  4. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට ඇමති මණ්ඩලයත් සමස්ත ජාතියත් නොමඟ යවමින් එකී පෞද්ගලික හිමිකාරත්වයක් ඇති රෝහල මහජන මුදලින් නඩත්තු කිරිමට කටයුතු කර මහජන මුදල් අවභාවිතා කර ඇති හෙයින්ද
  5. අභියාචනාධිකරනයේ දි විභාග වුණු සිඒ රිට් 87/2016 නඩුවේදි සෞඛ්‍ය ඇමතිවරයා ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු ඉදිරිපත් නොකරමින් ද නීතිපතිවරයා හරහා සයිටම් ආයතනයට පක්ෂග්‍රාහිව කරුණු දැක්වීමෙන් ද සෞඛ්‍ය අමාත්‍යධූරයේ බලය අයුතු ලෙස යොදා ඇති හෙයින්ද
  6. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරිම උවමනාවෙන්ම මඟ හැරිමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ බරපතල අර්බුදයක් බිහි කළ හෙයින්ද
  7. ඩෙංගු වසංග රෝගී තත්ත්වයක් ඇතිවුණු විට එයට ක්ෂණික පිළියම් යෙදීමට අසමත් වීමෙන් ද රජයේ රෝහල්වලට ඩෙංගු රෝගින් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරිමෙන්ද ජනාතවගේ ජිවත්විමේ පරම අයිතිය බරපතල ලෙස අවදානමකට ලක් කළ හෙයින්ද
  8. පියයුරු පිලිකා රෝගය සඳහා අවශ්‍ය කරන ඖෂධ මිළදි ගැනිමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ටෙන්ඩර් කැදවූ අවස්ථාවේ පිලිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කළාවූ ද මිළදි ගැනිමට පෙර භාවිතයේ පැවැතිය යුතු අවම වසර ගණන සම්පූර්ණ නොකළ වූද ඖෂධයක් ඉදිරිපත් කළ විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉතාම සමිප හිතවතෙකු වන ඔහු විසින් එකී සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තනතුරට පත් කළ රූමි මෙහොමඩ් මහතා යන අයගේ ඥාති සහෝදරයෙකු වන ඩිල්ෂාඩ් මෙහොමඩ් ඉක්‍රම් මොහොමඩ් මහතා යන අයත් මෑතක ලියාපදිංචි කළ ෆාමේස් පෞද්ගලික සමාගමෙන් මිළදි ගැනිමට අයුතු ලෙස බලපෑම් කිරිමෙන්ද රුපියල් මිලියන 986 ක් වටිනා ඖෂධ එකී සමාගමෙන් මිලදි ගැනිමෙන්ද ශ්‍රී ලංකා ආණ්ඩුවට මුල්‍ය අලාභයක් ද දුෂණයක්ද සිදුකර ඇති හෙයින්ද
  9. ධිවර ඇමති ලෙස කටයුතු කළ සමයේදි මෝදර ධිවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතාම අඩු මිලකට පෞද්ගලික ආයතනයකට ලබා දිමෙන් රජයට දැවැන්ත මුල්‍ය පාඩුවක් සහ වංචාවක් සිදු කර ඇති හෙයින්ද
  10. ධිවර ඇමති ලෙස කටයුතු කළ සමයේදි බ්ලූ ඕෂන් ෆිෂරීස් නම් චින සමාගමට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කිරිමේ කොන්දේසියක් ලෙස ලාභයෙන් කොටසක් ලබා දෙන මෙන් නියම කිරිමෙන් ද තමන්ගේ ලේකම්වරයෙකු වන දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න මහතා එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ගැනිමෙන්ද ඇමතිවරයයෙකු ලෙස අල්ලස ගැනිමේ වරද මෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරිම ද සිදුකර ඇති හෙයිද්
  11. නඩු පැවරිම් සහ විභාග කිරිම් සම්බන්ධයෙන් අධිකරණයට සහ නිතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සහ තර්ජනය කිරිමෙන් අධිකරණයේ ස්වාධිනත්වය කෙලසා ඇති හෙයින් ද
    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳ විශ්වාසනීයත්වය සම්පුර්ණයෙන්ම නොමැති බැවින් තව දුරටත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා විසින් එම ධූරයේ කටයුතු කිරිමේ හැකියාව පිළිබඳ විශ්වාසය භංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.