රාජිතට හීන පේනවා – මහින්ද

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතත්වයෙන් එය සංශෝධනය කළ හැකි බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, “මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක,” යනුවෙන් ද පැවසීය.

පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ “එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල,” යන්නය.

රට තුළ මෙන්ම ආණ්ඩුවේත් “අස්ථාවරභාවයක්”

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව “ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ” බවට ද ඔහු චෝදනාවක් එල්ල කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.