රාජිත ශ්‍රීලනිපයේ මුල් පුටුවක් අල්ලයි

downloadrajitha

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකව අද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි රැස්විය. එහිදී  පක්ෂයේ ජාතික සංවිධායක ලෙස  සුසිල් ප්‍රේමජයන්ත්, උප සභාපති ලෙස රාජිත සේනාරත්න සහ භාණ්ඩාගාරික ලෙස එස්.බී නාවින්න මහත්වරු පත්කර ගනු ලැබූහ. අනුශාසකවරු ලෙස හිටපු ජනාධිපතිරුන් මෙන්ම අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද පත් කිරීමට අද තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

උප සභාපති ලෙස පත්වූ රාජිත සේනාරත්න මීට පෙර එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක කටයුතු කොට ඇති අතර ඔහුගේ පුතා වන පුත් චතුර සේනාරත්න මහතා මීළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ.

පක්ෂයේ ජාතික සංවිධායක ලස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරුවලින් ඉවත් කර ඇත.

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකව කටයුතු කළ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මරලිදරන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු තවදුරටත් උප සභාපතිවරයෙකුද නැද්ද යන්න වාර්තා නොවේ.

ශ්‍රීලනිප මහ ලේකම් ධුරයේ කිසිඳු වෙනසක් නොවන අතර, අනුර ප්‍රියදර්ශන යාපා මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව වාර්තාවේ.

 

 

 

Rajitha senarathna appointed vice president of SLFP.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.