රාඩා ගනුදෙණු පත්තුවෙයි… ටිරන් අලස්ට අධි චෝදනා 7 යටතේ නඩු

Tiran Aමහා භාණ්‌ඩාගාරය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීමට ලබාදුන් රුපියල් මිලියන 200 ක මුදලක්‌ සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා 7 ක්‌ යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ ඇතුළු සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ටිරාන් අලස්‌, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රම වීරසූරිය, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර පළාත් මූල්‍ය අංශ නායකයා ලෙස කටයුතු කළ ඇන්තනි එමිල් කාන්තන් හා ජයන්ත ඩයස්‌ සමරසිංහ නමැති විත්තිකරුවන්ට එරෙහිව එලෙස අධිචෝදනා ගොනු කරනු ලැබීය.

විත්තිකරුවන් සිවුදෙනාට ලබන 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන  ඊයේ (15 දා) නියෝග කළාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!