රිමාන්ඩ් භාරයේ සිට ලියමි

antarbikshu-nayaka1978 න් පසසේ අපේ රටට ඔබාගත්ත අහක යන සර්පයා තමයි විවෘත ආර්ථිකේ. දැන් කනෝ කනෝ කියලා කෑගහන්නෙත් කීයෙන් කීදෙනා ද? ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ කියල පුංචි කාලේ ඉ`දලම හුරු කරපු හින්දම හැමෝම මේ අසාධාරණය අමනුස්ස ක‍්‍රමය ඉවසන්න පුරුදු වෙලා. රටේ හැම පරිසරයකම මේ ග`ද ගහන ක‍්‍රමය පැතිරිලා. අපිත් අර කරවිල කරලේ පණුවො වගේ තිත්තම කකා කඹුරනවා කාටහරි. අපිට හිතෙන්නෙම මේක තමයි එකම රහ කියල විතරමයි. හරියටම ළිං මැඩියොත් පරාදයි.

අද සදාචාරය කියලා ගිරිය පුප්පන් කෑගැහුවට හරය අතින් ගත්තම ඒ මොකක්ද කියලවත් දන්නැති අය කොච්චර ඉන්නව ද? ආගම් ගත්තත් ඒ වෙනුවෙන් ම කරන දේවල් කොච්චර අල්ප ද? සීමාන්තික ද? හුදු වන්දනාමාන, යාඥාවලින් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒත් අපේ අය කතා කරන්නේ ම ‘‘හිටියොත් හො`දට හැදී දෙවියෙත් නමට ව`දී’’ කියලයි. අද ඉන්න දෙවියොත් ජරාවෙලා. නරුමයන්ටයි ආශිර්වාද කරන්නේ ප`ඩුරු, පාක්කුඩම්, වරදානවලට දෙයියොත් යට වෙලා. ඉතින් හො`දට හැදී ඉන්න බැ විතරක් නෙමෙයි හො`දට හැදිල ඉන්න එකාට හතර වටෙන් පහර වදිනවා. මෙහෙම කියන කොට ‘‘වෛරයෙන් වෛරය නොසන්සිෙ`ද්’’ කියලා දේශනා පවත්වන අයට වුනත් කේන්ති යන්න පුළුවන්. ඒකට කමක් නෑ ඇත්ත මොකක්ද කියල තේරුම් ගන්නවනම්.

නැති බැරි, දුගී, අසරණ මිනිස්සු වෙනුවෙන් අතීතෙ වගේ ම වර්තමානෙත් වැඩකරන පිරිස් ඉන්නවා. හැබැයි බොහෝමයක් අයට ඒ අසරණ කම් බොරවෙච්ච මඩ වලක්, තව බොරකරලා මාලූ බාන්නයි සූදානම. පණ ඉල්ලන උන්ට බණ කියලා වැඩක් නෑ කියන එක උනුත් දන්නවා. අපිටත් තේරෙනවා. ඒවුනාට කරන්න දෙයක් නැහැ කියලා හිතාගෙන ඔහේ අහන් ඉන්නවා.

‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ ආයෙත් මතක් වෙනවා. මෙක හැම තැනටම එකවගේ ආරූඩ කරපුවම පාලකයන්ටත් ලේසියි. ඒවුනාට පීඩාවෙන් ඉන්න මිනිස්සු පවු කියලත් හිතන්න මේ නරුමත්වයට හිතෙන් නෑ. ‘‘ඉතිං මොක ද කරන්න කියන්නේ’’ ගොඩක් අය මොන්ටි සෝරියේ ඉ`දළම උගන්නන්නෙ ‘‘තමන් හැදියන්,  I Can” .. කියලයි. සාමූහිකත්වය ‘‘සමගිය බලය වේ’’ කියන සංකල්ප, මේවා මකල දාලා තියෙනවා. ඒ ඇයි පුංචි උන් සම`ගි වුණොත් ඔය කොයි කාටත් අමාරු වෙනවා. ඒ හැමෝම ඒක දන්නවා. ඒකනෙ ආණ්ඩුවෙන් මැදිහත් වෙලා පෙර පාසැල, පාසැල, දහම් පාසැල ඒ විතරක් ද ගමේ සමිතිය, වෘත්තීය සමිති ඒ ඔක්කොම බෙදාගෙන බෙදාගෙන යන්නේ සමගිය හදනව වගේ. උන් සමගිය බි`දිනවා. අසමගිය වපුරනවා. මේ හැම එකටම ආගමික නායකයෙක් උඩින් යටින් උදව් දෙනවා. සද්දයක් වත් නැත්තේ නොදන්න කමට කියලා හිතුවට එහෙම නෑ. පාලක කල්ලියත් එක්ක ලොකු ඞීල් එකක තමා ඉන්නේ.

මේ ඔක්කොම බි`දින්න නම් හේතුඵලවාදයට යන්න වෙනවා. ඒකට බුදු දහම වැළ`දගන්න  ඕන නෑ. ගැටලූවට හේතුව හොයන එක තමයි ක‍්‍රමය. අපි කොච්චර හො`ද වෙන්න හැදුවත් ඒකට පවතින්න දෙන්නැති මේ සමාජ ක‍්‍රමය අතුගාන්න ඉදලක්වත් හදන්න වෙනවා. ඒ ඉදලේ සමගිය කියන ඉරටු මිටිය බලය කියන බැම්මෙන් බ`දින්න  ඕන. පීඩාවට පත් වුන නැති බැරිවුන් ‘අපි’ කියලා මිටක් ගත්තාම ඉදල බැ`දලා ඉවරයි. දැන් පටන්ගමු හැමෝම නරුමත්වය, ආත්මාරථකාමීත්වය, පාදඩකරණය, වෙච්ච මේ ¥ර්ත සමාජ ක‍්‍රමය අතුගාන්න. මිදුලක් අතුගාන තරම් ලේසි නැතත් මේ සමාජ ක‍්‍රමය පරදන්න එකතුවීම හැර වෙනත් ම`ගක් නෑ.

හතර වටේ ඔබේ පීඩාව, ආවේග කළමණාකරණය කරන, පාලනය කරන පාලක හැත්තන්ගේ බණ නාහ දැන්වත් මිනිස්සු විදිහට එකට හිටගමු. ජාති, කුල, ආගම් පසෙකින් තියලා හැමෝටම හිනාවෙලා ඉන්න පුළුවන් සමාජයක් හදන්න එකතුවෙමු. අපිට නැතිනම් අපේ පුංචි උන්ටවත්

තැන්නේ ඥානානන්ද හිමි,
(වැලිකඩ රිමාන් බන්ධනාගාරයේ සිට)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.