රිය අනතුරකින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු මරුට …………..

yapanaya-accidentයාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු 21 දා අළුයම මිය ගොස් ඇත.
යාපනය පොලීසිය පැවසුවේ යාපනය චුන්කම්හි පිහිටි එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වී මත්පැන් පානය කොට ආපසු අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව යි.

අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කොට ඇති අතර පසුව යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් කුලප්පිඩ්ඩි මන්සන්ධියේ පිහිටි තාප්පයක වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය විසින් අනාවරනය කරගෙන ඇත.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ යාපනය කන්දරෝඩෙයි චුන්නනකම්හි පදිංචි 24 හැවිරිදි සුදන්දිරරාජා සුලක්ෂන් හා 156 සැතපුම් කනුව කලිනොච්චිහි පදිංචි නඩරාජා ගජන් නැමිති සිසුන් දෙදෙනා වන අතර දෙදෙනාගේ මළ සිරුරු ඥාතීන් වෙතට භාර දීමට කටයුතු යොදා ඇති බවටද පරික්ෂණ සිදු කළ යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

 දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.