රිෂාඩ්ට හා බැසිල්ට නොතිසි

rishad-basilවිල්පත්තු වන රක්ෂිතයට ආසන්න විලත්තිකුලම් රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් ලබන මාර්තු මස 05 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝග කරමින් ඊයේ (02) නොතිසි නිකුත් කළේය. ඒ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් විලත්තිකුලම් රක්ෂිතය එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරු ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලද අතර පෙත්සම ගොනුකර තිබුණි. මාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනවිරත්න සහ නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින්ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 වසරේදී පැවැති ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත උතුරු ප්‍රදේශයේ අවතැන්වූ මුස්ලිම් පවුල් නැවැත පදිංචිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් අත්පත් කර ගත් බව පෙත්සමේ සඳහන් විය. ඇමැති රිෂාද් බදියුදීන් මහතාගේ මැදිහත්වීම මත 2012 වසරේදී මන්නාරම, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලින් රක්ෂිත භූමි අත්පත් කරගෙන ඇති බව සඳහන් වන අතර එලෙස අත්පත් කරගත් විලත්තිකුලම් ඇතුළු රක්ෂිත ප්‍රදේශ එළිපෙහෙළිකොට මුස්ලිම් පවුල් පදිංචි කර ඇති අතර එය වන සංරක්ෂණ පනතට පටහැනි බවට පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.