රුසියානු තේ අර්බුදයේදී ලංකාව ෆේල් – උදයංග වීරතුංග

udayanga-weerathungaරුසියානු තේ අර්බුදයේ දී ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික වශයෙන් අසාර්ථ වී ති බව රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග පවසයි.

ඇමරිකාවේ කීම පිළිගත නොහැකි හේතුවක් පෙන්වා දෙමින් ඇස්බැස්ටස් තහනම් කිරීම ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වරදක් කොට ගෙන ඇති බවත් මේ හේතුවෙන් රුසියාව එකට එක කිරීමක් ලෙසින් කුරුමිණියෙක් තේ වල තිබීමේ සිද්ධියක් වූ උපයෝගීතා කොටගෙන මේ තහනම් පනවා ඇති බවයි ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග කියා සිටින්නේ .

රුසියානුවන් තමන්ගේ නත්තල් නිවාඩුවට සූදානම් වෙන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ දූත පිරිස්ක් මොස්කව් වෙත යැවීමෙන් ශ්‍රී ලංකාව තවත් වරදක් කර ගන්නා බවයි උදයංග කියා සිටින්නේ.

ලලනාවන් හා වොඩ්කා අඩියක පහස ලබාගගත හැකි වුවත් මේ දිනවල තේ අර්බුදය විසඳා ගැනීමට ඉඩක් නොලැබෙන බවයි උදයංග පවසන්නේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටින්නේ රුසියාව බලා යෑමට  නියමිතව සිටි අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පසුව යන බවත් මේ අවස්ථාවේ දී මුලින්ම තාක්ෂණික කණ්ඩායම රුසියාව බලා පිටත් කරන බවයි.ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම තේ මිලදී ගන්නා ගැණුම්කරුවා වන්නේ රුසියාවයි.

උදයංග වීරතුංගට එරෙහිව රුසියානු තානාපතිවරයා ලෙස සේවය කළ සමයේ සිදු කළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ගොනු වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.