රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලා අස්වුනේ ඇයි?

 

 

 

regu ජගත් පී. විජේවීර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (25) දිනයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවත් අතිශය පුද්ගලික කාරණාවක් නිසා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශය පිළිබඳව රේගු නිලධාරීන් ගේ බලවත් සැකයක් ඇතිවී තිබේ.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා 2012 වසරේ දෙසැම්බර් 03 වැනි දින රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාරගනිමින් වසර 02 යි මාස 05 කට අධික කාලයක් එම ධුරයේ කටයුතු කළේය. රේගු මුල් පුටුවට පැමිණීමට පෙර ඔහු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තවත් කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරියේ වෙනත් සුදුසු ධුරයක වැඩ භාර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

ජගත් පී. විජේවීර මහතා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමෙන් පසුව රේගුව හරහා ක්‍රියාත්මක වූ මහාපරිමාණ මත්කුඩු ජාවාරම ඇතුළු තවත් ජාවාරම් රැසක තොරතුරු හෙළි කරගැනීමටත් එම නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීමටත් අත්අඩංගුවට ගැනීමටත් මූලිකත්වය ගෙන තිබේ.

රේගු අභ්‍යන්තර තොරතුරු අනුව අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ කරුංකා ජාවාරම මැඩපැවැත් වීමට මූලිකත්වය ගැනීම බව පැවසේ. රේගු ආඥා පනත උල්ලංඝණය කරමින් මෙරටට ඉන්දුනිසියාවෙන් ආනයනය කර තිබූ මෙම කරුංකා කන්ටේනර් තොගයට කෝටි 20කට අධික දඩ මුදලක් අය කිරීමට රේගුව කටයුතු කර ඇති අතර තුර මුදල් අමාත්‍ය  රවී කරුණානායක මහතා මැදිහත් වී රේගු ආඥා පනත සංශෝධනය කර කන්ටේනර් තොගය මුදා හැරීමට කටයුතු කර තිබේ.

කරුංකා ජාවාරම සම්බන්ධයෙන් හා මුදල් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිදු කළ කටයුතු පිළිබඳව සම්පූර්ණ තොරතුරු සහිතව මීට පෙර ලංකා ටෘත් අප වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කළ අතර මුදල් අමාත්‍යවරයාගේ තීරණයෙන් රජයට රුපියල් කෝටි 20කට අධික බදු මුදලක් අහිමි වී තිබේ.

මෙම කරුංකා කන්ටේනර් තොගයෙන් බදු මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැඩි තීරණයක සිට ඇති අතර ඊට එරෙහිව මුදල් අමාත්‍යාංශයේ බලධාරීන් සහ මුදල් අමාත්‍යවරයා සිටිමින් කටයුතු කර තිබෙන බව බවද රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුම්කාරී තත්වයෙන් පසුව ඔහුට එම ධූරයේ කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ රාජකාරි කටයුත්තක් සඳහා ඊයේ රාත්‍රියේ (25) විදේශගත වීමට නියමිතව තිබූ අවස්ථාවක ජගත් පී. විජේවීර මහතා මෙසේ හදිස්සියේ ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.