රොෂේන් ශානක මරා දැමුවන් පසුපස නීතිය- තොරතුරු දැනගැනීමේ පනතේ ජයග්‍රහණයක්

shootingකටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැත්වුන උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානක කම්කරුවා ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ප්‍රකාර පොලිසියට සහ ආයෝජන මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිදහස් වෙළද කලාප සහයෝගිතාවය රජයෙන් ඉල්ලා සිටියි.

රොෂේන් ශානකගේ මරණයෙන් වසර හයකට පසුව, මහානාම තිලකරත්න පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ. උද්ඝෝෂණය අවස්ථාවේ පොලිසියේ වෙඩි පහරින් තවත් කම්කරුවන් පිරිසක් තුවාල ලැබූහ. සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට විරෝධය පළකරමින් සේවකයන් දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිසිය සහ ආයෝජන මණ්ඩලය කම්කරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නීති විරෝධී බව මහානාම තිලකරත්න කොමිසමේ නිගමනය වී තිබේ.

වාර්තාව සැඟවීම
පොලිස් වෙඩි තැබීමට ආණ්ඩුව වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව සනාත කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් නොවූ බව සඳහන් කරන පරීක්ෂණ වාර්තාව, “අඩුම තරමින් වෙඩි තැබීමෙන් අනතුරුව හෝ පොලිසිය ඔවුන්ගේ අශිෂ්ඨ හැසිරීම නැවතිය යුතුව තිබුණු,” බව ද සඳහන් කරයි. එබැවින් “ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සහ පොලිස් සේවයේ ප්‍රතිරූපය රැකගැනීම පිණිස එහි සිටි සියලුම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගත යුතු,” බව ද කොමිසම නිර්දේශ කර තිබේ. ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත

නිදහස් වෙළෙඳ කලාප කම්කරු අරගලය පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු මහාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරනු ලැබූ නමුත් රාජපක්ෂ පාලනය හෝ වත්මන් ආණ්ඩුව එම වාර්තාව ප්‍රකාශයට පත් නොකළේය.
වසර හයකට පසුව පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට වත්මන් රජය පියවර ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රොෂේන් ශානකගේ මව, ඩබ්ලිව් ඩී ස්වර්ණලතා විසින් කරන ලද ඉල්ලීමකින් අනතුරුවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.