රොහින්‍යා සරණාගතයන්ට පහර දීම බලා ගෙන සිටි පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගත යුතුයි

Rajitha Senaratneගල්කිස්සේ නවාතැන්ගෙන සිටි රොහින්‍යා සරණාගතයන්ට පහර දුන් අය පමණක් නොව පහර දීම බලා ගෙන සිටි පොලිස් නිලධාරීන් පවා ආණ්ඩුවක් නම් අත් අඩංගුවට ගත යුතු යයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසීය. මේවා බුදු දහම නොවන බවත් මේවා තිරිසන් වැඩ බවත් පැවසූ රාජිත ඇමැතිවරයා මගේ ජාතිය මිනිස් ජාතියයි කී බුදු දහම අද සිංහල බුදු දහම කරගෙන ඇතැයිද පැවසීය.

මෙම සරණාගතයන් ප්‍රථමයෙන් පැමිණියේ 2008 දී බවත් එකල හිටියේ මහ රජා නිසා මොවුන් නිහඬව සිටි බවත් රාජිත ඇමැතිවරයා කීය.

ජනමාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය හමුවේ දී කළ ප්‍රශ්න කිරීමත් ඇමැතිවරුන් දුන් පිළිතුරුත් පහත වීඩියෝවේ දැක්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.