රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී

roy-de-silvaප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන විට වයස අවුරුදු 80 වන වියේ පසු විය.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයෙකු මෙන්ම පසුබිම් ගී ගායකයෙකු ලෙස හෙළ සිනමාව සුපෝෂණය කිරීමට ඒ මහතා දැක්වු දායකත්වය අති විශාලයි.

මධු සිහින, සැනසිලි සුවය, පික්පොකට්, මේ දෑස කුමටද, මිනිසුන් අතර මිනිසෙක්, මිහිඳුම් සිහින සහ ඔබට දිවුරා කියන්නම් ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය.

1990 දශකයේ සිනමාවේ කඩා වැටීමක් පැවති යුගයේ සිනමා පට 7 ක් අධ්‍යක්ෂණය කරමින් ආදායම් වාර්තා අතරට පැමිණෙන්නට ඔහුට හැකි වන්නේ බිඳ වැටුණු සිනමාවට යළි ජීවය දිය හැකි බව රටටම පෙන්වා දෙමිනි.

සුමිතුරෝ, චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන්, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, රැජිණ මමයි, විජේ සහ අජේ, ඔක්කොම කණපිට සහ ගෙදර බුදුන් අම්මා යන ආදී සිනමා පට රැසක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවිය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.