රෝහල්වල බාහිර ඔෟෂධ ශාලා ඉදිරිපිට අද සිට සතියක් කළු කොඩි ඔසවනවා…………..

black-flagඅවුරුදු දෙකක් පුරා උසස් වීම් නතර කිරීම, පාඨමාලා සම්පූර්ණ කළ ඔෟෂධවේදීන්ට මාස ගණනක් ගතවීත් පත්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගෙන අද (22දා) සිට සතියක කාලයක් සෑම රෝහලකම බාහිර ඔෟෂධ ශාලා ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය දක්වන බව රජයේ ඔෟෂධවේදීන්ගේ සංගමය පවසයි.

මේ මස 28 වැනිදා වන විට සියලු ඉල්ලීම් සඳහා සාධාරණ තීන්දුවක් නොලදහොත් 29 වැනිදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකරන බවත් හෙතෙම කීවේය.

සිය සංගමයේ සාමාජිකයන් 1,500 දෙනා වැඩ වර්ජනය කළහොත් ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්හි බාහිර සහ අභ්‍යන්තර රෝගීන්ට ඔෟෂධ නිකුත් කිරීමද වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතුද නතර වන බවත් හෙතෙම කීය.

සංගමයේ සියලු ඉල්ලීම් සඳහන් කරමින් රජයේ ඔෟෂධවේදීන්ගේ සංගමය ඊයේ (21දා) කෑම පැයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

(මව්බිම)

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.