රෝහිත රන්ජන් ගේ මාල කථාව ගැන නිහඬ වේද?

1432885541_1

 

 

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට සහභාගිවූ රන්ජන් රාමනයාක මන්ත්‍රීවරයා එදින විවාදයට සහභාගී වීමට පැමිණීමට නියමිත වූ රෝහිත අබේගුණවර්ධන බයේ රත්‍රන් සඟවාගෙන සිට තිබේ. පසුව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා එයට සහභාගී නොවන බව දැනගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම විවාදය අතරතුරේදීම නැවතත් රත්‍රන් මාල සහ මුදු පැළඳ ගන්නා අකාරය දැකගත හැකිවිය.

 

“මම ඇත්තටම රෝහිත මන්ත්‍රීතුමා එන හින්ද රත්තරන් මාලේත් ගලවලා ආවේ..මල්ලි ඒ මාලේ ගෙනත් දෙන්න දැන්..දැන් ෂුවර් එකක් තියෙනවනේ ගලවන්නේ නැහැ කියලා..මම ඇත්තටම බයෙන් ආවේ..මොකද එතුමාට චෝදනා තියෙනවනේ කෝච්චි වල මාල කඩාගන්නවා කියලා..”

[vsw id=”/C1LTFaNbRo8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

රන්ජන් රාමනායක මහතා නියොජනය කරන කිසිදු දේශපාලන වැඩසටහනකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සමාජිකයින් සහභාගි නොකිරිමට පක්‍ෂය විසින් තිරණය කර ඇති බව දන්වා රෝහිත අබේගුණවර්ධන හා අරුන්ධික ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්  විවාදයට සහභාගී වී තිබුනේ නැත.

ද්වේෂ සහගතවත්, පදනම් විරහිතවත් දේශපාලන වෛරයෙන් තමාගේත්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේත් චරිත ඝාතනය වන පරිදි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ වැඩසටහනකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පවරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.කෙසේ වෙතත් මේ තාක් නඩු පැවරීමට ගත් පියවරක් ගැන දැනගන්නට නැත.මීට පෙර රංජන් රාමනායක මන්ත්‍රීවරයා මහින්දනානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට රූපවාහිනි වැඩසටහනකදී දුෂණ චෝදනා ගැන කියමින් අභියෝග කළ අවස්ථාවකදීත්අපහාස නඩු පවරන බව පැවසුවත් එවැන්නක් සිදු නොවීය.

– Ser-11

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.