රෝහින්ග්‍යා සරණාගතයින්ට භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය මනුෂ්‍යත්වයට නිගාවක් – ජවිපෙ

rohinyaමියන්මාරයේ රෝහින්ග්‍යා පළාතේ සිට පැමිණි සරණාගතයින් පිරිසකට පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටින මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් බවත් කුඩා කණ්ඩායමකගේ මෙවැනි ක්‍රියාවන් නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත් බැවින් එවැනි තත්වයක් වැළැක්වීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.