ලංකාවෙන් ඉංදියාවට චන්ඩි ටෝක්……….

Mahinda Amaraweeraදැනට අත්අඩංගුවේ තිබෙන ඉන්දියාවේ කිසිදු ධීවර යාත්‍රාවක් හෝ ධීවර ආම්පන්න කිසිවක් හෝ නිදහස් නොකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (29 ) පැවැසීය.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දියා බෝට්ටු අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේදී දිගින් දිගටම පියවර ගැනීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව සියයට පනහකින් අඩු වී ඇතැයි අමරවීර මහතා කීවේය.

කෙසේ වෙතත් මේ තර්ජනාත්මක ස්වරයට සරිලන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නැති බව තතු දන්නෝ පවසති.
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් 29 සහ 30 ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්විනි. ඉන් අනතුරුව කොළඹදී දෙරට පවතින ධීවර අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

දෙවැනිදා පැවැත්වෙන සාකච්ඡාවට ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු අමාත්‍ය රාධා මොහාන් සිං, මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.