ලංකාවේ දැවැන්ත බැංකු කොල්ලයේ මහ මොළකරු රටින් පනියි ?

kkkkkkkkkkkkkkkkkkkලංකාවේ දැවැන්ත බැංකු කොල්ලයේ මහ මොළකරු රටින් පනියි ?

දැවැන්ත මුදල් මංකොල්ලයක යෙදුන ශාලිකා පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ අයිතිකරුවන් මේ වනවිට රටින් පලාගොස් ඇතැයි පොලිසිය සැකකරයි.

කොළඹ ප්‍රධාන පෙලේ බැංකුවක අයකැමියෙක්ගේ විමසිලිමත් දෑස නිසා ලංකාවේ මේ තාක් සිදු වූ ලොකුම බැංකු මංකොල්ලය වලකා ගැනීමට හැකි වී තිබේ.

බංග්ලාදේශයේ සිට ඩොලර් මිලියනයක මුදලක් ලංකාවේ ශාලිකා පදනම නම් රාජ්‍ය නොවන ආයතනයට බැර කොට තිබුණි.මෙහි දී Foundation හෙවත් පදනම යන වචනය ලියා තිබුනේ Foudation ලෙසිනි.මේ තරම් ලොකු මුදලක් යවන ආයතනයක් හරිහැටි අකුරු ලිවීමට අසමත් වන්නේ කෙසේදැයි සිතූ අයකැමිවරිය තම ප්‍රධානීන් දැනුවත් කළාය.

බංග්ලාදේශයේ මහබැංකුවේ ගිණුම් වල පරිඝනක තොරතුරු හොරකම් කරගත් පරිඝනක හැකරුන් එම දත්තය උපයෝගී කරගෙන ලොව වටා බැංකුවල තිබෙන ව්‍යාජ ගිණුම් වලට මුදල් බරකරමින් පසුව ඒවා ලබාගත්හ.

බංග්ලාදේශයේ නිවාඩු දිනයක් වූ සිකුරාදා දවස්වල මෙම හොරකම නිතිපතාම සිදු කෙරුණ බවයි මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර පවසන්නේ.

ශ්‍රී ලංකාවට බාරකළ මුදල ඩොලර් මිලියන 25ක් වන අතර මේ වන විට ලොව පුරා වෙනත් බැංකුවලට බැර කෙරුණ මුදල ඩොලර් කෝටි 800ක් පමණ වේ.

මේ මුදල් පිලිපීනය සහ ශ්‍රී ලංකාවේ කැසිනෝ වල භාවිතා කෙරුණ බව විශ්වාස කෙරේ.

ශාලිකා පදනමේ අයිතිකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ කැසිනෝ හිමිකරුවන්ගෙන් විමසීම වැදගත් විය හැකිබව මාධ්‍යවේදීහු පෙන්වා දෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!