ලංකාවේ පිරිමින්ට ඕන වහලියක්-අනෝමා ජිනාදරී

පිරිමියාට අවශ්‍ය කරන්නේ හොද ලිංගික අධ්‍යාපනයක් -අනෝමා ජනාදරී

 

ලංකාවේ සංස්කෘතික පසුගාමීත්වය අද දවසේ පවතින තැන ඔබ දකින්නෙ කොහොමද ?

සංස්කෘතිය කියන ෂානරය විසින් අපට ඒත්තු ගන්වන්නේ කිසියම් කාල පරිච්ඡේදයක අපේ රටේ සියලු ජනවර්ග වල විශ්වාස පද්ධති සහ ඒ ඒ ජනවර්ග එකී විශ්වාස පද්ධතිවලට ගරු කරමින් මනුෂ්‍යත්වය ඔවුනොවුන් අතර විනිවිදීම. ඒ සියල්ල පසුපස්සට ඇද දමා අප සියලු දෙනා අතර අවිශ්වාසය ක්‍රෝධය, දීනතාවය සහ අනෙකා සුළු කොට තැකීම යන අදහස් රෝපනය කළේ අසික්කිත දේශපාලකයන් අතලොස්සක් විසින්.

අද දවසේ රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රීලාංකික සියලු ජනවර්ග අතර සංහිදියාව සහ යහපාලනය ඇති කිරීමට උත්සහදරමින් තියෙන්නේ, තිස් අවුරුදු ජනවර්ග ගිනි දැල් නිවා දැමීමට මහින්ද රාජපක්ෂ කටයුතු කරද්දී දෙපාර්ශවයේම මියගිය සියලු සටන්කරුවන් මේ පොළවේ සුජාත භාවය ලද පුරවැසියෝය කියලයි. මම අහන්නේ ඇයි ඔය ප‍්‍රශ්නය සහ අදහස යුදධය අවසන් මොහොතේදීවත් ඇහුවෙ නැත්තේ ?

ඒ කාලේ රනිල් වික‍්‍රමසිංහ යුද්ධයට පක්ෂපාතීවුණා. ඉතින් මෙන්න මේ වගේ තැනක පශ්චාත් යුධ සමය විග‍්‍රහ වන්නේ. එවන් මෙහොතක අපිට දකින්න පුළුවන් වෙන්නේ කලාකරුවෝ කලාව ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා. කලාවේ අලුත් පරපුර කලාව ඇරෙන්න දේශපාලනය කරනවා. හේතුව තමයි සංස්කෘතික පසුගාමීත්වය.

 ඔබ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ ඇයි?

බොහොම පැහැදිලිව කියන්න කැමතියි මට කාන්තා අයිතිවාසිකම් පිළිබදව පෙනී සිටීමේ හැකියාවක් නැති විත්තිය. ඔබේ ප‍්‍රශ්නයෙන් අදහස් කරන්නේ පුළුල් ජාතික ප‍්‍රතිපත්තිමය රාමුවක් යටතේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන පෙනී සිටීමක් ගැන නම් එම හැකියාව ඇත්තේත් ,ඊට බලය ඇත්තේත් ,ඊට සකලවිධ පහසුකම් ඇත්තේත් රාජ්‍ය වනිතා කටයුතු පිළිබද අමාත්‍යාංශයට. අනෝමා ජනාදරී වන මම එම අමාත්‍යාංශයේ කටයුතු කරන කෙනෙක්වත් ඒ විෂය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන කෙනෙක්වත් නොවෙයි.

මම කරන්නේ ඒක පුද්ගල අරගලයක්. ඒ අරගලය කොටස් දෙකකින් යුක්තයි.

එහි පළමුවැන්න ගැහැණියක් හැටියට, මම මේ පොළවේ උපන්දා ඉදන් වටහාගත්තු ආකාරයට මගේ ගෙදර ඉදන් මම දීග කෑ ගෙදර දක්වා පිරිමියාගේ නින්දිත අසමානතාවට ලක්වුණු ගැහැණියක්. මට ඕනේ ඊට විරුද්ධවී ගැහැණියක හැටියට මගේ ස්ථානය තහවුරු කර ගැනීමට. මගේ දෙවනි අරගලය වන්නේ මගේ වෘත්තීය කුසලතාව හා එහි අගය ලබා නොදෙන පිරිමියාගෙන් එය ලබා ගෙන මට හිමි ස්ථානය රැක ගැනීම.

ඉහතින් සදහන් කළ මා මුහුණදෙන අරගලය මේ මහ පොළවේ ජීවත්වන වෙනත් ගැහැණුන්ටත් තිබෙනවානම් ඔවුන් ගත යුතු මග ඔවුන් ගනීවි. මට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව කුඩා කළ සිට අද දක්වා මම මේ පොළව දෙවනත් වන තුරුම කෑගැසුවත් එය කිසිවෙකුටත් ඇසුන වගක් මේවන තුරු මට දැනී නැහැ. ඒ නිසයි මෙය මගේම අරගලයක් බවට පත්වී තිබෙන්නේ.

amoma2 ගැහැනුන්ට අයිතිවාසිකම් හෝ අවස්ථා ලබා දීමෙන් ලෝකය වෙනස් වෙයි කියලා හිතනවද ?

ආසියානු කලාපය තුළ ගැහැණුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට තබා ඔවුන්ට අවස්ථා ලබාදීමට පුරුෂ මූලික සමාජය හෝ පිරිමියා ඓතිහාසික වශයෙන්ම පෙළඹී නැහැ.

සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් යශෝධරාවට නොදන්වා නික්මයන තීන්දුව දැන ගැනීමේ නීතිමය අයිතිවාසිකමක් යශෝධරාවන්ට තිබුණා. එසේම බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව රාහුල කුමාරයා මහණ කරවීමට ගත් තීරණය යශෝධරාවන් දැනගත යුතුව තිබුණා. එසේම බුදුන් ගිය මගෙහිම යන්නට යශෝධරාවන් ඉල්ලූ අවස්ථාව එකහෙළා ඇයට ගෞරවනීය ලෙස පිරිනැමිය යුතුව තිබුණා. යශෝධරාවන්ට එකී නීතිමය,සදාචාරමය,මානුෂික අයිතිවාසිකම් සහ අවස්ථා ලැබුණා නම් ආසියානු කලාපය තුළ කාන්තාව මේ තරම් නින්දිත,ගැරහුම් ,අවමන් විදින, හිංසනය ප‍්‍රචණ්ඩත්වය,අපහරණය, ඝාතනයට ලක්වීම සිදු වන පව්කාර භූමියක් බවට පත්වන්නේ නැහැ. ලෝකය කෙසේ වෙතත් ආසියානු කළාපය සහමුලින්ම දැනට පවතිනවාට වඩා වෙනස් කලාපයක් බවට පත්කර ගන්නට තිබුණා. යුරෝපයට සහ බටහිර රටවලට ගැහැණියට ලැබී ඇති සමාජමය අයිතිවාසිකම් සහ අවස්ථා ලැබී ඇත්තේ ආගම නිසා නම් නෙවෙයි. මානව හිමිකම් සහ නීතිමය ප‍්‍රතිපත්ති නිසා.

 පිරිමි ගැන කරන විවේචනයෙන් හැඟෙන්නේ මේ දූපතේ ගැහුණු විතරක් සිටිය යුතුයි වගේ හැඟීමක් ?

ඔබගේ මේ ප‍්‍රශ්නය උදයකාන්ත වර්ණසූරියට නම් චිත‍්‍රපටියක් හදන්න හොදට ගැළපෙනවා. දැන් උදයකාන්තගේ චිත‍්‍රපටියක් තියෙනවා ඒ වගේ. ඒත් මේ පොළවේ පිරිමියා සම්බන්ධ සමාජ යථාර්තය මෑතකදී සිදුවුණු ඝාතනයක් උපුටා ගෙන මම ඔබට කියන්නම්.

අැඟලුම් සාප්පුවක වැඩකළ මුස්ලිම් ගැහැණු ළමයෙකුව අැයගේ පෙම්වතා විසින් මරා දැමුවේ අැගේ සිරුරට පිහි පහරවල් 13 ක් එල්ල කරලයි.මෙහි යටි අරුත තමයි තී මට අයිති නොවනවානම් මේ පොළවේ කාටවත්ම අයිති නෑ කියන ඒක. අැත්තටම මේ පෙම්වතා අැයට එහෙම කියලත් තිබුණා. මේ සිදුවීම බොහෝම සුලබ අත්දැකීමක්.පිරිමියාට අවශ්‍ය කරන්නේ ඔක්කෝටම කලින් හොද ලිංගික අධ්‍යාපනයක් සහ මානව හිමිකම් පිළිබද අධ්‍යයනයක් . ඔහුගේ ඔලුව අැතුළේ අදහන අාගමත් මරා දමන්න ඔීන.

 ඔබට අනුව පිරිමියා කියන්නේ කොහොම විය යුතු කෙනෙක්ද ?

මට එහෙම හිතුන කාලෙකදිවත් මම ආදරය කරන්න කසාද බදින්න තෝර ගත්තේ ඒ වගේ කෙනෙක් නෙවෙයි. හැබැයි මං තාමත් හොයන්නේ මගේ තාත්තා වගේ පිරිමියෙක්. හේතුව මේ පොළවේ හැම ගැහැණු දරුවෙකුගෙම පරමාදර්ශී චරිතය තමුන්ගේ තාත්තා කියලා මම හිතන නිසා.

නිළි රැජිනන් රාජිනියන් රජ කරන ඔබේ ක්ෂේත්‍රෙය් ලිංගික සූරා කෑමක් වෙන බව ඔබ නිතර කියනවා.

මම එහෙම නොනිල වශයෙන් කිය කොට පාර්ලිමේන්තු සභාගර්භයේදී නිල වශයෙන් රංජන් රාමනායක මන්ත‍්‍රීතුමා එතන හිටිය කැබිනට් ඇමතිවරයෙකු ගැන සදහන් කරලා ලිංගික සූරා කෑමක් සහ අල්ලස් දීමක් ගැන රටටම ඇහෙන්න කිවිවා.එහෙම කියපු පාර්ලිමේන්තුව ඇතුළෙ තමයි නිළි රැජිනක් හිටියේ. ලිංගික සූරාකෑම නෙවෙයි තමුන් නියෝජනය කරන චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයටවත් හරිහැටි සේවයක් මේ අයට කරන්න බැරිඋනා. පාර්ලිමේන්තුව ඇතුළෙ තව නළුවොත් ඉන්නවා.

 ඔබ නිළියක් වෙන්න කලින් ඒක දැනගෙන හිටියේ නැද්ද?

ඇයි ඒ ක්ෂේත‍්‍රය ගැන විතරක් අහන්නේ ඔබම මට කියන්න ලිංගික සූරාකෑම නැති විෂය ක්ෂේත‍්‍රයක් ?

 දැනගෙන හිටියනම් ඔබ මොනවාද එතැනදී කළේ ?

මම දැනගෙන ආවා.එවැනි සූරාකෑම් වලට නතු නොවීමට සැමියාගේ වේදිකා නාට්‍ය ටෙලි නාට්‍යවල චිත‍්‍රපටවල පමණක් රගපෑවා.

 තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා නේද ? ඔබව එතෙන්දි නිරුවත් කිරීමත් ලිංගික සූරාකෑමක් නෙවෙයිද ?

එහිදී මා ලිංගික සූරාකෑමට ලක්වූවාය කියන ප‍්‍රශ්නයට හා ඔව් කියා කියන්න පුළුවන්. මා එසේ කියන්නේ තිරනාටක රචකයා, අධ්‍යක්ෂවරයා, එකම පුද්ගලයා බවට පත්වීම නිසයි.ඔහුම මගේ ස්වාමියා බවට පත්වීමත් අතීතයේ සිට සැළකිය යුතු කාල පරිච්ඡේදයක් පුරා ඔහුගේ කලාත්මක හා දේශපාලන දෘෂ්ටිය පිළිබදව සැළකිය යුතු මට්ටමේ අන්‍යෝනය අවබෝධයක් මා තුළ පැවතීමත් නොසිතූ විරූ ආකාරයට පෞද්ගලිකව හෝ හදගම සහ මා චිත‍්‍රපටයේ රූපගත කිරීම අවසන්වූ පසු එකී අනෝන්‍ය අවබෝධය බිදවැටුනු නිසා.

 ඇයි ඔබ ඒ අවස්ථාවේදී ඔබේ සැමියට විරුද්ධ නොවුනේ.?

ඉහතින් මම කිව්වා වාගේ ඒ වන විට රූපගත කිරීම් ඉවරයි. ඔහුගේ සමාජ දේශපාලන දෘෂ්ටියන් ,ඔහු හා මා අතර තිබූ සියලු සබදතාත් වෙනුවෙන් මා කළ නිර්මාණශීලී කැප කිරීම බිදවැටුණාට පසු විරෝධයක් දැක්වීමෙන් පලක් නෑ.

 පස්සේ විවේචනය කරන එක සාධාරනද?

කිසිසේත්ම නැහැ. හේතුව ඒ විවේචන වලින් මට කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවෙන නිසා.

 60-70 දශකයන් වලදි කොටට අඳින එක කාටවත් ප්‍රශ්නයක් උනෙ නෑ, ඒත් අද ඒක මැජික් එකක් වෙන තැනට ගිහින් තියෙන්නෙ ඇයි ?

කාන්තා විලාසිතා කලින් කලට වෙළදපල හරහා සමාජය හමුවට එනවා යනවා.වෙළදපල බලාගෙන ඉන්නේ කාන්තාවගේ සුන්දරත්වය මතුවන අාකාරයට අැදුම් පැළදුම් අාභරණ සුවදවිළවුන් පාවහන් වර්ග වෙනස් කරමින් ඉදිරිපත් කරන්න.මෑතකදී මම දැකපු විලාසිතාවක් තමයි කාන්තාවගේ සිරුරට අැළුණු ස්කීන් ටයිට්ස් (skin tights) වෙළදපල විසින් හදුන්වාදීම.සමාජයට අාදරේ ,අාගම දහමට නැඹුරුවුනු, හම රැළි වැටුණු අැන්ටිලාට අඳින්න බැරි නිසා එයාලා නම් මේක දකින්නේ වැරදි විදිහට. නමුත් මම නම් දකින්නේ ස්ත්‍රීත්වය සහ අැගේ සිරුරේ ලාලිත්‍ය පිරිමි සමාජය සුවපත් කරනවා කියලයි. ඒ මැජික් ඒක පිරිමියාට ෆැන්ටසියක්.

 ස්ත්‍රී සමලිංගික ප්‍රේමය ඔබ දකින්නේ ?amoma2

ඔබ අහන්නේ lesbianism ගැන වෙන්න ඔ්න.එය පමණක් නෙවෙයි homosexualism ලෝකය පුරා ප්‍රචලිත වන්නේ යුධමය මානසිකත්වයන්, ස්ත්‍රියට හෝ පුරුෂයාට එරෙහිව සිදු කෙරෙන විවිධාකාරවූ පරපීඩනයන් නිසා එය මෝස්තරයක් ලෙස හදුන්වන පිරිස අවමයි. එනමුත් පීඩනයන් නිසා තමුන්ගේම වර්ගයට අැති වන බැදීම පිටුපස ගැඹුරු මානුෂීය සංවේදනයන් තියෙනවා.ලෝකය පුරා විවිධ දියුණු රට වල මීට නීතිමය පසුබිම මගින් අවසර දෙන්නේ ඒහි තිබෙන ගැඹුරු මානුෂීය පැත්ත හරි හැටි අවබෝධ කරගෙන. අපේ රටවලට මෙය මානුෂීය විෂයක් නොවී කුණුහරුපයක් වන්නේ අාගමික හා සංස්කෘතික ගතානුගතිකත්වය මත ගැහැණු පිරිමි සබදතා ශතවර්ෂාධික කාලයක් තිස්සේ බල පවත්වා ගෙන එන නිසා.

 ඔබේ දුවෙකුට ඔබ උගන්වන්නෙ කොහොම ජීවත් වෙන්නද ?

මම දුවට කිව්වෙ ලංකාවේ සිංහල පිරිමියෙක් නම් කවදාවත් බදින්න එපා ඒ අය පොඩ්ඩක්වත් විවෘත නෑ.කොච්චර අධ්‍යාපනික වූවත් වෙන ඔ්නම ජාතියක පිරිමියෙක් බදින්න. ඒ අය අාදරණීයයි. අනෙකාට ගරු කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට.එහෙම නෙවෙයි නම් ස්වාධීනව ඉන්න බැදෙන්න එපා. ඔය ටිකයි මං මගේ දුවට හැමදාමත් කිව්වෙත් කියන්නෙත් ඉදිරියට- හේතුව ලංකාවේ පිරිමියාට පුරුෂමූලිකත්වය විසින් ලැබී තිබෙන නිදහස ඔහු පාවිච්චි කරන්නේ ගැහැණිය හැමදාම මනාළියක් සේ දකින්න නෙවෙයි වහළියක් සේ දකින්න.ඒ නිසාම විවාහ ජීවිතය අැතුළේ පිරිමියාට සිද්දවෙලා තියෙන්නෙත් ඊට ප්‍රතිප්‍රහාර අත්විදිමින් පවුලේ වහලෙකු බවට පත්වෙන්න.

සාකච්ඡා සටහන – හිමාෂි කරුණාරත්න

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.