ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ උපත

 
 

මහාචාර්‍ය දයා සෝම සුන්දරම් –යාපනය විශ්ව විද්‍යාලය 

ශ්‍රී ලංකාව තුළ ආත්මඝාතක  බෝම්බකරුවන් හා අදාල ප්‍රපංචය, අද ලෝකයේ අනෙකුත්  රටවල දක්නට ලැඛෙන  ප්‍රපංචයන්ට සමහර අවස්ථාවලදී සමානතාවක් දක්වන්නාසේම තවත් අවස්ථා වලදී සැලකිය යුතු අසමානතාවක්ද පෙන්නුම් කරයි. වර්ධනය වෙමින් පැවති වෙනස්කොට සැලකීම්, රජයෙන් සිදු වූ අවමානයන් හා සුළු ජාතියක් වූ දෙමළ ජනතාවට විරුද්ධව ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුකොට ගෙන  රට තුල සටන්කාමිත්වයක්  හා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අදාල ප්‍රපංචයක් බිහි විය. ආරම්භයේදී  ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල  ප්‍රචණ්ඩත්වය හටගැනීමට තුඩු දුන් මතුපිටට නොපෙනී පැවති සමාජ, දේශපාලන, ආර්ථීක සාධක සම්බන්ධයෙන් දැනට පරීක්ෂා කරගෙන යනු ලැබේ. ගැටුම් වලට හේතු සාධක වූ හෝ ඒවාට අනුශංගිකව ඇති වූ සමහර මෙබඳු සාධක වලට, මාපිය දෙදෙනාම හෝ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඥාතීන්ව නීත්‍යානුකූල නොවූ ආකාරයකට රජය මගින් මරණයට පත් කිරීම, ඔවුන් වෙන් කිරීම, යුධ සමයේදී තම නිවෙස් හෝ පෞද්ගලික දේපල විනාශ කිරීම, අවතැන්විම, ප්‍රමාණවත් පෝශ්‍යදායී ආහාරවල  හිඟකම්,  රෝගී තත්වයන්,  ආර්ථීක  දුෂ්කරතා  අධ්‍යාපනය ලබා ගැනීමේ අපහසුතාවන්, අනාගත  රැකියා සහ මතු දියුණුවක් උදෙසා කිසිම මාවතක් නොපෙනීම,සමාජයීය හා දේශපාලන වශයෙන් මර්ධනයට ලක්ව තිබීම. දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගැනීම, හිරිහැරයට ලක් වීම හා මරණයට ලක්වීමද අන්තර්ගත වේ. මේ සමඟම දෙමළ සටන්කාමීන් විසින් තරුණයින්, කාන්තාවන්, හා ළමුන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙසින් බඳවාගනු පිණිස විවිධ අන්දෙීම් මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කොට තිබිණ. යුද්ධෝපකරණ, මියගිය යුධව්රුවන්ගේ පෝස්ටර්, වීර කථාවන්ට අදාල වීඩිගේ දර්ශන,  ආදිය විශේෂයෙන් පාසල් වල හා ජන හමු වලදී ප්‍රදර්ශනය කිරීම, වීර ගීත, වීර කථා පොදු අවමංගල්‍ය උත්සව පැවැත්වීම, හා වාර්ෂික සැමරුම්  උත්සව මගින් ජාතිකානුරාගය  පිලිබඳ හැගීම් ඉදිරියට අවුත් යුධකාමී ප්‍රවණතාවක් ඇති කරයි. මෙම ප්‍රවණතාව නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම පිණිස දෙමළ ජනතාවගේ ආගමික, සංස්කෘතික සංදර්භය තුළ අර්ථයක් ද සපයා දී ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙසින් සුවිශේෂී සමාජ පන්තියක් පුහුණු කොට ප්‍රගුණ කිරිම සඳහා අවශ්‍ය සංවිධානාත්මක ශක්තිය දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය :ඛඔඔෑ- මගින් සපයා දි ඇත.  රජය  මගින් හමුදාමය ශක්තිය යොදා ඛඔඔෑ  විනාශකොට දැමීම මගින් මරාගෙන මැරෙන  බෝම්බකරුවන්ගේ ප්‍රපංචය  නිමාවට  පත්වේද එසේ නැත්නම් යටපත්ව  පවත්නා  දුක්ගැනවිලි නොවිසදුනහොත්  ඒවා  වෙනත් ආකාරවලින් යලි මතුවේද යන්න සොයාබැලිය යුතු වේ.
    දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය – LTTE ය ( ප්‍රභාකරන්ද ඇතුළුව) එහි ඉහළම නායකත්වය, ඔවුන්ට සහාය දක්වන්නන් හා දෙමළ සිවිල් වැසියන් 20,000 කට  අධික සංඛ්‍යාවක්  2009 මැයි මාසයේදී සමූලඝාතනය කිරීම මගින් (මානව හිමිකම් උදෙසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, 2009) ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රපංචය අවසානයක් කරා ගෙනයන්නට ඇත. එතෙක් බලවත්ව තිබී ඛෙදුම්වාදී ව්‍යාපාරයක් යුද්ධෝපායන් මගින් සුනුවිසුනු කොට දැමීම ලෝකය පුරා ත්‍රස්ත විරෝදී ක්‍රමෝපායක් ලෙසින් විචක්ෂණය වූ දැනුමක් ප්‍රදර්ශනය කොට ඇත. දැනටමත් පාකිස්තානය වැනි රටවල් තම රට තුළ පවත්නා ත්‍රස්තවාදී ක්‍රියාවන් (ඊඊජල 2009) ඇමතීම සඳහා ඃලාංකේය මොඩලය/  අනුකරණය කිරීම සම්බන්ධව සොයා බලයි.  ශ්‍රී ලංකා රජයද ඃභූමි පුත්‍රයින් ලෙස සලකන/ බහු ජනතාවට වරප්‍රසාද ලත් තත්වයක් ලබාදෙන මැලේසියානු ඃභූමි පුත්‍ර / ආකෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ සාධාරණීකරණය කරන හැගීමකින් යුක්තව පසුවේ. ජන වාර්ගික අර්බුදයට හා ඊට ආනුශංශිකව දුර්වල සටන්කාමීන් අතර මරාගෙන මැරෙන ත්‍රස්තවාදී උපක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම සඳහා වෙනස් කොට සලකන ලද රාජ්‍ය ප්‍රතිපත්තීන් හා සුළු ජාතීන්ගේ අයිතීන්  යටපත් කිරීමද  මූලික හේතුවක්  වන්නට  ඇත.  (්‍යදදකැල 2001) එබැවින් ඓතිහාසික හා  ශාස්ත්‍රීය  වැදගත්කමක්  වශයෙන් පමණක් නොව,  ත්‍රස්ත විරෝදී ක්‍රමෝපායයන් හා විසදුම් සැලසුම් කිරීමේදී කුමක් වීදැයි යන්න අවබෝධ කොට ගැනීම සුවිශාල  වැදගත්කමකින් යුක්ත වේ. ඛඔඔෑ යේ කළු කොටි මරාගෙන මැරෙන බෝම්බ බලකාය ලෝකයේ අනෙකුත්  එබදු බෝම්බකරුවන්ට සමානතාවක් මෙන්ම කැපී පෙනෙන අසමානතාවලින්ද  යුක්ත විය.  (ගුණරත්න 2000,  චන්ද්‍රන් 2001, 2011 ආ  බලූම් 25005,  හසන් 2008)
කලූකොටි  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වර්ධනය වූයේ ඛඔඔෑ යේ විවිධ යුද්ධෝපායයන් අතුරෙන්  එකක් හැටියටය.  ප්‍රථම  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකලේ 1987 ජූලි මස 05 වන දින නෙල්ලියාඩ් පාසලේ තිබී ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරට පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් ට්‍රක් රථයක් පැද වු ඃකැප්ටන් මිලර් /  විසිනි. මෙහිදී සෙබළුන් 100 කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වූ බව  වාර්තා වේ. රජයේ හමුදා විසින්  ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුව යාපන අර්ධද්විපයේ වඩමාරච්චි ප්‍රදේශයෙන් ඛඔඔෑ ට ඉවත් වීමට සිදු වීම ගැන ඃමිලර් දැඩි සේ කනස්සල්ලට පත්ව සිට මෙම ක්‍රියාවලියට පෙළෙඹෙන්නට ඇත. අනතුරුව මිලර් ජනතා වීරයෙක් බවට පත් වු අතර ඛඔඔෑ මගින් එතැන් පටන් ජූලි මස 05 වන දින ඃකලූ කොටි දිනය/ ලෙසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් ප්‍රසිද්ධියේ සමරන ලදී. හමුදාවේ බලපෑම, ඛඔඔෑ බලකායේ හා ජනතාව අතර හට ගත් හැගීම්බර දෝංකාරය හා හැගීම් මතු කළ මාධ්‍ය ප්‍රචාරණ මගින් දෙන ලද වටිනාකම්  හේතුකොට ගෙන  එම ක්‍රමෝපාය දිගටම අනුගමනය කිරීමට ඛඔඔෑ පෙළඹෙන්නට ඇත.
මුල්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන් මැදපෙරදිගදීද පුහුණුවක් ලබා තිබු බව පැවසෙන අතර එම බෝම්බකරුවන් යොදවා ගැනීමේදී එම නායකයින් එම ප්‍රදේශ වල සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැඩි සේ දැනුවත්ව සිටින්නට ඇති බව විශ්වාස කෙරේ.  එබැවින් දුර්වල  රාජ්‍ය  නොවන ගරිල්ලා සංවිධානයක් සතුව  ඇති ආත්මඝාතක  ත්‍රස්තවාදය  අන් සියලූ ක්‍රමෝපායයන් පරදවන බව කිව හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ ඉතාම ඵලදායක ප්‍රහාරයක් බවට පත් කරමින් ඉතාම සාර්ථක වූ ආත්මඝාතක බෝම්බ ප්‍රහාර 300 කටත් වඩා  ප්‍රමාණයක්  ඛඔඔෑ මගින්  සිදුකර  ඇත.
හිස්බුල්ලා, හමාස් හා කුර්ගිස්තාන් කම්කරු  පක‍ෂය  (ඡඔඔ) මෙන් කලූකොටි යනු ඉහළ පෙලේ දැඩිසේ  පුහුණු කරන ලද හා මානසික වෙනස්කම්වලට  බඳුන් කරන ලද සුවිශේෂී වූ සමස්ථ යුධකාමී  සංවිධානය තුළ ඇති විශේෂ කණ්ඩායමකි. එමෙන්ම ගුවන්, මුහුදු, ගුවන්යානා වලට පහර දෙන යුධ ටැංකි වලට පහර දෙන, කාලතුවක්කු විනාශකාරී මෙවලම්,  කාන්තාවන්, තරුණයින්, විශේෂ  ඒකක දේශපාලන හා අනිකුත් ඒකකද සංවිධානය සතු විය. කුඩා බහු විධ,  අර්ධ ස්වාදීන වූ ගෘහස්ථව  වැඩුණු ඉස්ලාමීය  ජිහාඩ් සංවිදානය මෙන් නොව,  කලූකොටින්  දක්නා ලැබුවේ හුද කලාවක සංවිධානය වූ ශ්‍රී ලංකාවේ ඛඔඔෑ  තුළ පමණි. හිටපු ඉන්දීය  අගමැති රජීවි ගාන්ධි  ඝාතනය කරමින් ඔවුන් විසින් එතෙරදී සිදු කර ඇත්තේ එක් ප්‍රහාරයක් පමණි. ඔවුන්ගේ ඉලක්ක ඉතා ප්‍රවේසමෙන් තෝරා ගන්නා ලදී. එයට හමුදා නිලධාරීන්, දේශපාලකයින්. ආර්ථීක හෝ සංකේතාත්මක මරමස්ථාන, හා හමුදාමය හා දේශපාලන නායකයින් (දෙමළ නායකයින්ද ඇතුළුව) තමන්ට දෝහී වී යැයි (ද්‍රෝහී හෝ පාවාදෙන්නන්) සිතන අයද හමුදාමය උපාය මාර්ග වලට අදාල ආයතන හෝ යටිතල පහසුකම් ශ=ද්ධ වූ ස්ථාන වලට පහර දීම හා සාමාන්‍ය යුධ හමුදාවද ඛඔඔෑ මගින් විවිධ මරාගෙන මැරෙන ක්‍රම වලින් ඉලක්ක ගත කරන ලදී. මෙම ක්‍රම වලට ට්‍රක් රථ වැනි වාහන, යතුරුපැදි,  පාපැදි. බොට්ටු හා පුපුරන ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා, පුපරන ද්‍රව්‍ය බදින ලද මිනිසුන්ද ඇතුලත් විය. එම මරාගෙන මැරෙන මෙහෙවර සිදු කිරීමට පෙර බුද්ධිමය සාකච්ඡාවන්. සෝදිසි කිරීම්,  අති සූක්ෂම සැලසුම් කිරීම්, පෙරහුරු වීම්, සහායක කණ්ඩායම් පුහුණු කිරීම ආදී  සියල්ල  සිදු කරන ලදී. ඛඔඔෑ ට අනුව සිවිල් වැසියන් උවමනාවෙන් ඝාතනය නොකරන ලද අතර ඒවා ඊිනියා අපේක්ෂා නොකළ සිදුවීම්ය. විභව ඉලක්ක  වෙතට  ලඟා නොවන  ලෙසට මහජනතාවට අවවාද කොට  තිබින.  සමහර අවස්ථා වලදී අක්‍රීය සාමාජිකයින්, තම මෙහෙවර ඉටු කිරීමට  පෙර කිසිදු සැකයක් මතු නොකොට  සමාජ සබඳතා  වගා කරමින්. සිත් ඇදගන්නා පෙළඹවීම් මධ්‍යයේ ආර්ථීක සම්පත්ද සමගින් ඉලක්ක ගත ප්‍රදේශ වල සාමාන්‍ය සිවිල් වැසියන් මෙන්  අවුරුදු  ගණන්  ජීවත් වි ඇත.  අවිනිශ්චිත බවක්, බිය,  අවිශ්වාසය  පිළිබඳ  ලකුණු,  අඩමානයක් සැකය  ආදී ලක‍ෂණ කිසිවක්  පැන නැගුනේ ඉතාම  විරල වශයෙන් වන අතර මෙහෙයුම් ක්‍රියාත්මක  කරන ලද්දේ අතිශය නිරවද්‍යතාවයකින්  යුක්තවය. කැපවීමේ ඉතා උසස් තත්වයක් එකම අවශ්‍යතාවයක් තුළම සිටීම, කාර්යය කිරීමේදී  එයට ලැදිවීම, කායකයාට ඇති භක්තිවන්තබව,  අභිප්‍රේණය, දිනපතා වන ක්‍රියාකාරකම් පිළිපැදිම,  මනස පැහැදිලි විම, ඉතා දිගු කලක් තිස්සේ ලද පුහුණුව හා ව්‍යාපාරයට ඇති ලැදියාව. (ජනාධිපති ප්‍රේමදාස ඝාතනයේදී වසර 3 ක කාලයකටත් වඩා)  දෛනික වටිනාකමක් නොසලකා කරන කාර්යයට  ධෛර්මත් කිරිමත්  වත් පිළිවෙත් අනුගමනය නොකිරීමත් ආදී  දෑ මින් පෙන්නුම් කරයි.  විභාව ඉලක්ක ගත ස්ථාන වල වැඩිකල ආරක‍ෂක ක්‍රම තරකිරීමට  රජය සමත් වූයේ ඉතා මෑත කාලයේදීය.
දෙමළ ඊලාම් කොටින් ලෙස  සාමාජිකත්වය  ලබා ගැනීමේදී එම සාමාජිකයින් මරණයට පත්වීමට කැපවන අතර, සයනයිඩ් කරලක් ( මාලයක් මෙන්) නිරන්තරයෙන්ම ගෙලෙහි පැලදගෙන සිටින්නේ යම් හෙයකින් ඕනෑම මොහොතක සතුරන් අතට පත් වුවහොත් ශාරීරික වද හිංසාවක් යටතේ තම සංවිධානය පිලිබඳ තොරතුරු ලබා දීමෙන් වැලකී එය පාවිච්චි කරනු පිණිසය. මෙම සිය දිවි හානි කර ගැනීමේ රටාව :ත‍මකකසැ ෘමරනයැසප (1951)  විසින් හදුන්වන ලද ඃපරාර්ථකාමී / සිය දිවි නසාගැනීමක් යන්නට  සාමානය.  මෙහිදී  එක් කණ්ඩායමක්  තම අනන්‍යතාව ඇතිකොටගෙන එකී කාර්යයන් ඉටු කිරීම සඳහා කැප වි වඩාත් යහපත් වුවමනාවන් වෙනුවෙන් තම ජීවිතය පුද කිරිමට කැමති වේ.  නැතහොත් ඃදෛවෝපගත  සියදිවි නසා ගැනීම /   එනම්  පාලනය  කර ගැනිමට අදාල  ඉහලම  තත්වයක්   හා  කාලයක්  තිස්සේ අවිචාරවත් අන්දමින් යමක් පිළිගැනිමට පුරුදු කිරීමක් ලෙස හැදින්විය හැකි වේ. 1992  දක්වා  සිදු වූ  ඛඔඔෑ යේ සටන් කාමීන්ගේ  මරණවලින්  ඇස්තමේන්තු ගත 1Z3 ක ප්‍රමාණයකට මේ අන්දමේ හේතූන් ආරෝ්පණය කළ හැකි වේ. :ීැය්කනල 2003 ) එබැවින් තාක‍ෂණිකව බලන කල ඔවුන්ට ආත්මඝාතක බලයක් ලෙසින් හැදින්විය හැක්ිය. වසර කිහිපයක් තිස්සේ මවිසින් සාකච්ඡාවට බඳුන් කළ හෝ ප්‍රතිකාර කළ සාමාජිකයින් අතුරෙන් ගැටළු සහිත බොහෝ දෙනෙකුට දැඩි සේ මරණයට ආසාවක් ඇත.  (සමහර විට යුද්ධයේ කුරිරු යථාර්ථය දුටු නිසා සිය සගයින් මිය යාම නිසා, දෛවෝපගත සිදුවිම් මගින් ඇතිවන බලාපොරොත්තු රහිත බව ආදියේ ප්‍රතිඵලයක් ලෙසිනි) ඔවුන් අතුරෙන් සියළුදෙනාම පාහේ කළු කොටින් ලෙස සාමාජිකත්වය ලබා ගැනීමේ දැඩි ආශාවකින් පෙලේ. මෙය ගෞරවයක් හා ප්‍රයෝජනවතක් හා වටිනාකමකින් යුක්ත විය හැකි මගක් ලෙසින්ද ඔවුන්ට පෙනේ. ඔවුන්ව බඳවාගන්න වුන් සොයනුයේ යුද්ධයේදී මෙවලම් හැටියට භාවිතා කල හැකි ශක්තිමත් සටන්කාමින්ය. හදිසි ප්‍රහාර වල යෙදෙන කුඩා කණ්ඩායම්  රටක ජාතික හමුදාවක් සමඟ කරන යුද්ධයේදී ඉහල ඵලදායීත්වයකින් යුක්ත නිරවද්‍යතාවයෙන් යුත් ආයුධ වශයෙන් සලකනු ලබන්නේ මොවුන්ය ( 2008 බී)  ඃ මරාගෙන මැරීමේ් ත්‍රස්තවාදය / යන්න සාමාන්‍යයෙන් භාවිතා කළද මෙම ක්‍රියාවන් සාමාන්‍යයෙන් තේරුම් ගෙන ඇති පරිදි සිය දිවි නසා ගැනීම වශයෙන් හෝ මිනී මැරීම් ලෙස හෝ සැලකිය නොහැකිය. (හසන් 2008 බී)  ඛඔඔෑ  ය හා ඔවුන්ට අනුකම්පා කරන්නවුන්ට අනුව (මේවා සිය දිවි හානි කර ගැනීම්) මරාගෙන මැරීම (තත්කෝඩෙයි)  නොව ස්වයං  – කැපවීම් විය. (කට් කොන්ඩෙයි)  ගැඹුරු සංස්කෘතික මුල් වලින් යුක්ත කැප කිරීමේ භක්තිවන්ත බවක් ලෙස රොබට්ස් (2007) මෙම ක්‍රියාවන් හඳුන්වා දෙයි. (ඔයස්හ්ය්ප ) උසස් පරාර්ථකාමී හේතුවකට සිය දිවි හානි කර ගැනීම හෝ ස්වයං කැපවීම සිදු කිරිම යන්න ඉදිරියට පැමිණියේ තිලීපන් (1987) හා අන්නෙයි භූපති (1988) විිසින් සිදු කල ගාන්ධි ස්වරූපයේ මාරාන්තික උපවාසයක්ද සමගමය.
දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින්, ඉන්දියාව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, හා එක්සත් රාජධානිය යන රටවලටද සදාචාරසම්පන්න විරෝධතා වල ස්වරූපයක්ද ශ්‍රී ලංකාව තුළ 2009 වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරන් පැවති කාල සීමාව තුළ ස්වයං බිලි පූජාවක් දීම වැනි ක්‍රියාවක්ද සිදු විය. එහෙත් මෙහිදී සලකා බැලිය යුතු කරුණ නම් තිලීපන් හැර අනෙකුත් අය ඛඔඔෑ සාමාජිකයින් නොවීම නිසා දෙමළ වාර්ගික හැඟීම් වල ගැඹුරු සාර්ව ජාතික මානය හා එයට මතු කළ හැකි ස්වයං කැපවීමේ අධ්‍යාත්මය පිළිබඳවයි. මියගිය පුද්ගලයින් දිවිදුන් වීරයින් ලෙස ගෞරව කරන ලද අතර උත්සවාකාරයෙන් සිහි කරන ලදී. මෙවැනි පරාර්ථකාමී සිය දිවි හානිකරගැනීම් වඩාත් ඵලදායී අන්දමින් වලක්වනු පිනිස කළ යුත්තේ ආරක‍ෂක පියවරවල් වැඩි වැඩියෙන් ව්‍යාප්ත කිරීම නොව යටපත්ව පවතිනා සමාජ අසාධාරණයන් හා අසමානතාවන් ඇමතීම ඇමතීම යැයි නූතන ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඤයින් පෙන්වා දී ඇති නමුදු (අසාද් 2007)  හසන්, 2008 )  එහි නායකත්වය හමුදාමය ශක්තීන්ගෙන් විනාශ කරමින් මෙම තර්ජනය මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇත.
වෙනත් අවිගත් කණ්ඩායම් මෙන් නොව එහෙත්් ඡණණ   සංවිධානයට සමානවම ඛඔඔෑ ය විසින් කාන්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් රාශිටයක් යොදවා ගෙන ඇත. එය 35% ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. කාන්තාවන් හා ළමුන් වැඩි වශයෙන් රඳවා ගැනීමේ සංදර්භය ඛඔඔෑ  ට ඇතුළු න‍ූයේ සංවිධානයට බැදී සටන් කිරීමට කැමති තරුණයින් හා පිරිමින් අඩුවීමට පටන් ගත බැවිනි. කාන්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිලිබඳව පහසුවෙන් සැක පහළ නොවන අතර, සංස්කෘතික හේතූන් උඩ බොහෝ විට ඉතා හොදින් පරික්ෂාවට භාජනය නොකෙරේ වඩාත් හොඳින් සිවිල් වැසියන් සමඟ මිත්‍ර විය හැකි වේ. ඔවුන්ගේ ඇඳුම් හා සිරුර තුළ පුපුරන ද්‍රව්‍ය මෙවලම් සඟවා ගැනීමට ඔවුනුට හැකිය. එබැවින් මාර්ගයක් පාදාගෙන ඉලක්කය කරා වඩාත් පහසුවෙන් ලඟා වීමට ඔවුන්ට හැකි වේයයි විශ්වාස කරනු ලැබේ. කෙසේවෙතත් බුද්ධිමට්ටම් වර්ධනය වීම වැඩි දියුණු කළ ආරක්ෂක උපක්‍රම හා ඉලක්කයන් වඩාත් අපහසු වීම ආදි හේතූන් උඩ මෙම තත්වය වෙනස් විය. එසේම තම මෙහෙවර කිරීමේදී ඔවුන් වඩාත් කැපවීමෙන් හා ප්‍රයෝජනවත් අන්දමින් ක්‍රියා කරයි. නෙලුෆර් ඩී. මෙල්ට අනුව කාන්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රපංචය සාම්ප්‍රදායික පීතෘමූලික සමාජයක, යුධමය ක්‍රියාවන් හරහා වඩාත් පොදු ස්ත්‍රි විමුක්තියක් හා බල ගැන්විමක් තුළ ස්වාධීනවරණය, නියෝජනය, කාන්තාවාදී දේශපාලනය, සංස්කෘතික පූර්වාදර්ශ භූමිකාවන් හා කැප කිරීම ස්වභතිය නිසා දිවිපිදීම් ආදියට  අදාලව හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ  ස්වභාවයට අදාලව ගැටළු පැන නැගී ඇත. (ඊකදදප 2005- :්‍යැකකප්බ  ඍ්ව්බ්හ්ට ්ප – 2008)
ශ්‍රී ලංකාෙ`ව් දෙමළ ජනතාව සාපේක්ෂ වශයෙන් ගත් කල සාම්ප්‍රදායකවම සාමකාමී සමාජ කොට්ඨාසයක් විය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර, කුලයට අදාල ප්‍රචණ්ඩත්වය හා  සිය දිවි නසාගැනීමේ ආදි සැලකිය යුත\= අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයක් තිබුනද බාහිර මර්දනය මිනී මැරිම් හා මහා පරිමානයේ සිවිල් ප්‍රචණ්ඩත්වයන්හි ප්‍රවණතාවයක් දක්නට නොලැබිණි. දශක කිහිපයකට පෙර වත්මන් සිවිල් හෝ වාර්ගික   යුද්ධය ඇරඹීමට පෙර එක් මිනිස් ඝාතනයක් සිදු කලේ නම් පොදු වශයෙන් සමාජයේ අඩාලවීමක්,  දුෂ්‍යමාන ආරංචි පැතිරීම,  දැඩි භීතියක් හා කෙතරම් සැක සංකාවක් ඇ`තිවන්නේද  යත්  අන්තිමේදි මිනිසුන් සගි ගණන් හෝ වසර ගණන් පවා නිවෙස්තුලම වී සිටිමට පෙළඹෙති.  (සෝමසුන්දරම්) එක් ඝාතනයක් විශාල ප්‍රශ්නයක් බවට පත්ව මාධ්‍ය වලින් ඒ ගැන කථා කිරීමටත් නොකිරීමටත් පටන් ගනි. යුද්දය මගින් ප්‍රචණ්ඩත්වය හා ඝාතනයන් යන්නට ක්‍රමයෙන් ඇබ්බැහිවීමක් ඇති කළ අතර දෛනික සමාජයීය මතිමතාන්තර වල එය එක් අගයක් බවට පත්විය.
female-suicide-bomber-6_VlHQW_16638
දෙමළ  ජනතාව බොහෝ විට ඒකාකාරී බවින් යුතු තරමක් අවනතබවින් යුතුවග_යක් ලෙස සලකන ලදී. එබැවින් සිංහලයින් විසින් එම ජනතාවට විස්තර කිරීම සඳහා භාවිතා කළේ ඃදෙමළ/ යන වචනයයි අපහා`සාත්මක ස්වරූපයක් ගැබ් වි තිබින. 1983 සිදු වූ සංවිධානාත්මක ජනවාර්ගික ඝාතනය (පියදාස 1984)  ෙ`රාබට්ස් 2003)  දේමළ ජනතාවට ඃ පාඩමක්/ උගන්විමට ගත් ප්‍රයත්නයක් ලෙසින් සැලකිය හැකිය. දෙමළ ජනතාව ඔවුන්ගේ වල්ග දෙකුකුල් අතර තබාගෙන දිවිීමට සැලැස්විමක් ලෙසිනි. එය දක්වන ලද්දේ එසේම ඃද්‍රවිඩ/ යන්නෙහි සංස්කෘත මූලයෙහි අර්ථය නම් ඃදිවීම/ යන්නයි. ප්‍රචණ්ඩකාරීත්වය ම`ැඩපැ`වැත්විම සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගත් පසුව පමණක් මෙම ඒකාකාරී වචනය වෙනුවට ඃකොටියා/ යන වචනය ආදේශ කරන ලද්දේ එමෙන්ම ඒ සමගම යම් ඊර්ෂියා සහගත ගෞරවයක්ද ඔවුනට ලැබින එබැවින්  දෙමළ ජනතාව විශේෂයෙන්  තරුණයින් ඉතා ඉක්මනින්ම  යුදකාමී වූයේ කෙසේදැයි යන ප්‍රශ්නය පැන නගින් තඅර ඃප්‍රචලිත/ කලූකොටි බලකායක්/ බිහිවනුයේ කෙසේදයන ප්‍රශ්නයද පැ`න නගී. ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කණ්ඩායමකට සමාජ අවසරයක් ලැබීමට ඔවුන් විසින් දැනගත් හෝ දක්නා ලද විශේෂයෙන් මාධ්‍ය හරහා උගත් කලහකාරී ක්‍රියාවන් කිරීමට තුඩු දෙන බව පෙනී යාමට පුළුවන. සමහර ජනවාර්ගික කණ්ඩායම් අතර සුවි`ශේෂී සටන් ක්‍රම වලට අදාල දක්ෂතාවන්  (ඉන්දීය උප මහද්විපයේ -ගුර්කාවරුන් සිත් හා  රාජ්පුට්වරුන් ඔවුන්ගේ සටන් ශක්තිය සම්බන්ධයෙන් ප්‍රචලිතය) පැවතියද මෙය උප සංස්කෘතික බලපෑමක් විය හැකිය.  පිරිමින් එම ප්‍රජාව තුළ හැදී වැඩුනේ කෙසේද?  ඔවුන්ගේ අපේක්ෂාවන් හා පුහුණුවද මත විය හැකිය. එබැවින් සාමකාමී සමාජයක් ලෙස විවෘත වුනු දෙමල ජන සමාජයට ප්‍රකෝපකාරි කළ පසුව ඛෙහෙවින් දක්ෂ භාවිතයට පහසු අවි ආයුධ පාවිච්චි කිරීමේ දක්ෂතාව කෘතිම වශයෙන් දිරි ගන්වන ලද) හමුදාමය ශක්‍යතාවන්  ඉතා ඉක්මනින් ග්‍රහමණය කොටගත හැකි විය. අවාසනාවන්ත ඉන්දියානු හමුදාවල මැදිහත්විම් වලදි මෙම රෙජිමේන්තු ඔවුන්ට විර`ැද්ධව නැගී සිටියේ හැකියාවකින් යුක්ත විය (්‍යදදකැ ැඒකල 1988) අවසන් විශ්ලේෂනයේදී මෙම ඓතිහාසික මුහණට මුහුණලා කල සටන් වලදී ඉතා හොදින් පුහ7ුණුව ලත් හා හොඳින් සන්නද්ධ වූ මේ සටන් ඒකක වල තීරණාත්මක සාධනය වූයේ ඔවුන්ගේ උත්පේරණය වන ස්වභාවයයි. ශ්‍රී ලංකා` රජය විසින් 2006 2009 දක්වා කාලය තුල ඛඔඔෑ පරාජයට පත් කිරීමටද ඛඔඔෑ පහත වැටෙමින් පැවති හා රාජ්‍ය හමුදාවන් තුළ තෙරපෙමින් පැවති උත්ප්‍රේරණය  හා චික්ත ධෛර්යයද හේතුවන්නට ඇත. (ඹඔ්‍යඍ -න‍ ල 2009)
  දෙමල යුධවාදය හා  ඛඔඔෑ  මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වර්ධනය වීම තේරුම්ගත හැක්කේ සමාජ සංස්කෘතික හා දේශපාලන සන්දර්භයක් හරහාය’  පොදු වශයෙන් ගත් කල යුදවාදයේ  හා විශේෂයෙන් ඉහල ඛඔඔෑ මරාගෙන මැරෙන සාමාජිකත්වය දෙස මා බැලීමට කැමති වන්නේ විවිධ සාධනීය හා නිශේධනීය සාධකවල සංයෝගයකින් නිසා පැන නැගුනක් ලෙසිනි’ සාධනීය ජ් නිශේධනීය යන වර්ගීකරණය මෑතකදී බහුල වශයෙන් භාවිතා කෙරෙන ලද්දේ ළමා ශ්‍රමය පිටු දැකීම යන අන්තර්ජාතික කම්කරු සංවිධානයේ වැඩසටහනකදී වඩාත් සුවිශේෂීම ළමා සොල්දාදුවන්ට අදාළවය’ (සෝමසුන්දරම් 2001)  යථාර්ථවාදී  නම් හේතුකාරක වන සාදක කොටස් දෙකකට  කඩා වර්ගීකරණය කළ නොහැක’ එහෙත් ඒවා සමහර විට ඒකමත එක වැටෙන අතර බැහැරලීම්ද සිදු විය හැකිය’  මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගනු ලබන්නේ සාමාන්‍ය ඛඔඔෑ සාමාජිකයින් අතුරෙන් විශාල ශඛ්‍යතාවක් කැප කිරීමක් හා විශේෂයෙන් මෙබදු මෙහෙයුම් වල යෙදීමේ ස්වභාවික හැකියාවන් ඇති අයගෙනි’ ඛඔඔෑ සංවිධානාත්මක අංශය හා ඔවුන්ගේ ඝාතන සංස්කෘතිය මගින් ඒම සාමාජිකයින්ව හැඩ ගස්සවා අවිචාරවත්ව පිළිගැනීමට පුහුණුකර මුවහත්කොට ප්‍රභූ සාමාජිකත්වය වන ඃකලූ කොටි/ ලෙසින් සාමාජිකත්වය ලබා දේ’ ( Aර 2007) යුද්ධය පටන් ගත්  මුල් අවදියේදී  මෙම හේතු සාදක වඩාත් පැහැදිලි හා  වලංගු බවින්  යුක්ත විය’  කාලයක්  සමඟම සංකීර්ණ  චිත්‍රය වෙනස්ව ගොස් ඇති අතර එකම සාදක මේ වන විට ක්‍රියාත්මක නොවනු ඇත’  සටනේ අන්තිම අවධිය වන විට බඳවාගැනීම් වඩාත් බලහත්කාරකමින් සිදු වූ අතර තෝරාගැනීම හා වරණය ඉතාම අවම විය’
සාධනීය සාධක
සමාජීය  
යුද්ධයට පෙර යාපනයේ හින්දු සමාජය ඛෙහෙවින් කුල ක්‍රමයකට යටත්ව පැවති අතර,  උසස් කුල- විශේෂයෙන් බලගතු මෙන්ම වෙල්ලාල කුලය මගින්පහත්කුල පාගා ගෙන  සියියේය.  මුලූ ඉතිහාසය පුරාම  සැලකිය යුතු  දුරකට සැඟවුණු ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට  කුල ක්‍රමය වග කිව යුතු විය. මෙම පාගා දැමූ කුල ක්‍රමයෙන් මිදීම සඳහා යුධවාදී ව්‍යාපාරයකට එකතු වීම එකල ඔවුන්ට එක් මාග_යක් විය. ඒ හා සමානව තම ස්ත්‍රී භාවය නිසා පුළුල්ව පැතිරගොස් තිබූ සමාජ සංස්කෘතික පීඩාවට  ලක්ව  සිටි  තරුණ  කාන්තාවන්ටද  එය නිදහස්වීමේ මාග_යක් හා  ඃවිමුක්තියක් /  විය.  (ඔර්අසජනල 1999 ්‍යමකකප්බබ- ඍ්ව්බහ්ට්බ්ල 2008) ඛඔඔෑ සාමාජිකයින් විශේෂයෙන් එහි නායකත්වය සමන්විත වූයේ කරෙයියර්  (ණ්ර්සහ්ි) කුලයෙනි. (සාම්ප්‍රදායිකවම  මොවුන් වෙරළබඩ ජීවත්වන ධීවරයින්  වුවද මුහුදු යාන්ත්‍රිිකයින්, කුලී හේවායන්, කුලී වැඩ කරන්නන් හා මුහුදු කොල්ලකරුවන් විය. )  ශ්‍රී ලංකාවේ විශාලතම නාවුක බෝට්ටු වලට තම පුපුරණ ද්‍රව්‍ය  පැටවු යාත්‍රාවක් මගින් තදබල  ලෙස  පීඩනය යොදා ඝට්ටනය කිරිමට සමත් මරාගෙන මැරෙන කළු කොටි හා මුහුදු  කොටින්ගෙන්  සමන්විත ශක්තිමත් නාවික අංශයක් ඛඔඔෑ විසින් වැඩිදියුණු කරන ලද බව සඳහන් කළ යුතුය.
ආර්ථීකමය 
හමුදා සේවාවන් වලට බැඳුණු බොහෝ තරුණයින් හා ළමුන් පැමිණියේ පහළ සමාජ ආර්ථීක පංතිවලිනි. පවුල් තුළ පැවති ආර්ථීක පීඩනය හා පුළුල් සමාජය තුළ තමන්ට අවස්ථාවක් නොමැති වීම යන හේතූන් බොහෝ තරුණයින්ට මෙම ව්‍යාපාරය කරා නැඹුරු වීමට හේතු විය.  බොහෝ තරුණයින්ට හැගී ගියේ රජයේ වෙනස් කොට සැලකීම නිසා ප්‍රගතියේ මාවත් කරා යාමට බාධා සිදු වී තිබුන බවයි. මහ ජාතිය විසින් අත් විදින අවස්ථාවන් එනම් රැකියා අවස්ථා,  උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාවන්, වෘත්තිමය පුහුණුව ණය මුදල් හෝ යෝජනා ක්‍රම හරහා ලැඛෙනඅ ාර්ථීක  සහයෝගයන් හෝ වෙනත් නිරාවරණ වීම් තමන්ගෙන් ඉවත්ව මහජාතියේ ආත්මාර්ථය පිණිසම යොදන බව  ඔවුහු විශ්වාස කළහ.
දෑවැදි ක්‍රමය  යටතේ, එබඳු  දෑවැද්දක් පිරිනැමිය නොහැකි වූ මාපියන් තම දියණියන් ව්‍යාපාරයට බැදෙනු පිණිස ධෛර්යමත් කලහ. එබැවින් සමාජ ආර්ථීක සමාජ යථාදර්ශයකින් බලන කල යුධකාමී ව්‍යාපාරයට බැඳුණු තරුණයින්ගෙන් වැඩි දෙනෙකු වරප්‍රසාද නොලත් පතන සමාජ ආර්ථීක පංතියක වූ අයයි. එමෙන්ම සෘජු සටන් වල නිරතව සිටි රජයේ හමුදා සාමාජිකයින්ගෙන් බහුතරයක්ද ඒ අන්තමින් අඩු වරප්‍රසාද ලත් සමාජ- ආර්ථීක පංතියක් වීම දෛවයේ සරදමකි. කෙසේ වෙතත් ඔවුන්ගේ අභිප්‍රේරණයට අදාලව  විශේෂයෙන් සටන් කාලසීමාව තුළ ඇතිවන බලහත්කාරකම් හා පුහුනුවීමේ දැඩි ක්‍රියාවලිය  නිසා ඒ දෙක අතර සැලකිය යුතු  වෙනස්කමක්  දක්නට ලැබිණි.  යම්කිසි කරුණක් ගැක සීමාන්තිකව විහ්වාස කිරීම හෝ කණ්ඩායමක අනන්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රත්‍යක‍ෂ වූ  තර්ජනයන් ගැන  විශ්වාස  තැබීම  ්‍රමේ සම්බන්ධයෙන් පසුව සාකච්ඡා කෙරෙනු ඇත.)  ආර්ථීක අභිප්‍රේරණයන් අභිබවා යනු ඇත.
ආහාර
ආහාර හිඟකම විශේෂයෙන් පෝශ්‍යදායී ආහාරවල හිඟකම වැදගත්  චක්‍රාකාර  පීඩාකාරී බවක්  වන නමුදු සෘජු අභිප්‍රේරණ සාධකයක් නොවේ. යාපනය මහ රෝහලේ කරන ලද අධ්‍යයනයන්ගෙන්් පෙනී යන්නේ 1989 දී 19% සිට 1991 දී 23% දක්වා අඩුබර දරු උපත් (කි. ග්‍රෑ. 2.5 ක්) සංඛ්‍යාත්මක වශයෙන් කැපී පෙනෙන අන්දමින් වැඩි වී ඇති බවයි. 1992 දී මෙය 25% දක්වා ඉහළ නැංගේය. මෙයට හේතුව වශයෙන් දැක්විය හැක්කේ ගර්භනී මව්වරුන්ගේ මන්දපෝෂණයයි. 1987 දී යාපනය මහ නගර සභාව තුල තිබී සරණාගත කඳවුරු 12 ක් තුල පරීක්ෂාවට භාජනය කරන ලද ගර්භනී මාතාවන් හා කිරිදෙන මව්වරුන් අතුරෙන් සියළු දෙනාම පාහේ රක්තහීනතාවයෙන් පෙළුන බව දේවේ්ද්‍රන් විසින් සොයා ගන්නා ලදී. එමෙන්ම ළදරුවන්ගෙන් 41% ක් ද  වයස අවු: 1-5 අතර ළමුන්ගෙන් 73%  ක් ද ඔවුන්ගේ වයසට අපේක්ෂිත බරෙන් තුන්වෙනි ප්‍රතිශතයන්ට  වඩා අඩු  බවද ඔහු සොයා ගත්තේය.  2-3 තත්වයක් දක්වා උග්‍ර පෝටීන්, කැ`ලරි, මන්දපෝෂණයෙන් ඔවුන්  පෙලූනි.  ඒ හා සමානවම  මන්දපෝෂණ තත්වයක් (1-5) වයස් කාණ්ඩය අතර (3 වෙනි ප්‍රතිශතයෙන් 68% ට වඩා අඩු ) රාජ්‍ය නොවන  සංවිධාන  කේන්ද්‍රය  මගින් 1992  දී කොට්ටාලි සරණාගතක කඳවුරේදී සොයාගන්නා ලදී.  ආහාර  නොලැබීම,  උග්‍ර  කුසගින්නද යන හේතූන් උදාසීන බව උද්යෝගය නැතවීම, නොඉවසිලිමත් බව හා  ශක්තිමත් ව නොවැඩීම  යනාදියට  බලපාන ආතතීන්ය.  තවදුරටත්  බිළිදුන්ගේ උපත් බර අඩු වීම බහා මන්දපෝෂණය  මගින්,  දිගුකාලීන ගිලන් වීමට හා මාරාන්තික බවද සමානව  මානසික ආබාධ වලටදපාදයි.  ස්නායු පද්ධතියේ  වධ_නයේ ඉතා වැදගත් කාලයක් වන  ( පිළිසිද ගැනීමේ සිට  උපතින් පසුව වයස අවු. 02 දක්වා)  තුලදී  ප්‍රෝටීන  මන්දපෝෂණය  අ`ැති වීම  මානසික  අවප්‍රමාණ වීම,  ( බුදධියේ ) ඇති කොට  ස්ථීර  මොළයේ හානි  ඇති කිරීමට මග  පාසදයි.  රාජ්‍ය  නොවන  සංවිධානවල  එකමුතුවේ (1992 හා) සිවරාජ් (1993) අනුව විශාල  වශයෙන්  පැතිරගිය  මෙම මන්දපෝෂී  භාවයට හේතු නම්, ධීවර හා කුකුලන් ඇතිකිරීමේ කර්මාාන්තවල පහත වැටීම, විරැකියාව නිසා ඇති වී තිඛෙන දිළිඳු බව, වැඩ කරණ උපකරණඛ නොමැතිවීම,  මෙන්ම ආහාරවල මිල අධික බවයි.  මේ සියල්ලම යුද්ධයේ ප්‍රතිපලයන්ය.
තම පවුලට ආහාර ලබා දීමේ දුෂ්කරුතා ඇති වූ විට තම දරුවන් ව්‍යාපාරයට බැදීම සඳහා ය`ැවීමට මාපියන් පෙළඹෙන බවද දන්නා කරුණකි. තම දරුවාට ප්‍රමාණවත් ආහාර ලැබේයයි සිතමින් මාපියන් සෑහීමකට පත්වෙති. තම ප්‍රචාරණ කටයුතු වලදී සාමාජිකයින්ට හොද ආහාර ලැෙ`බන බව ප්‍රචාරය කිරීමේ හැකියාව ඛඔඔෑ ය ලබාගති. එමෙන්ම ඔවුනු්ගේ නිත්‍ය සාමාජිකයින්ට හොද ආහාර සැපයීමටද මතක තබා ගන්නා ලදී.
සෞඛ්‍යය 
සරණාගතකඳවුරු වල ඉඩ කඩ තදවීම නිසා  ඇති වූ අයහපත් ජල හා සනීපාරක‍ෂක අපහමසුතාවන ්සම්ප්‍රේෂණය  වන රෝග  වසංගත ලෙස පැතිරීම, දුව_ල  සෞඛ්‍ය සේවාවනව්,  ඖෂධවල හිඟතාවය, මදුරුනාශක  ඉසීමේ අඩුපාඩු නිසා  මදුරුවන් වැනි  රෝග කාරකයින් බෝවීම නොවැලැක්විය හැකි වීම ආදියේ ප්‍රතිඵලයක් ලෙස හටගත් මන්දපොෂණය හා මානසික ආතතිය  හේතුකොටගෙන  ඇති වූ  රෝගවලට  දැක්විය හැකි  ප්‍රතිරෝිධය අඩුවීම ද  සෘජු උත්ප්රක සාධකයක් නොවුවද තවත්  එක් දැඩි බලපෑමක්  විය. ළමුන්  අතර වධ_නය වෙමින් පැතිරගිය රෝග, අතර ශ්වසනයට අදාළ ආසාදන, ආමාශය හා අන්ත්‍ර ඉදිමීම, අතීසාරය, උණසන්නිපාතය, ප්‍රතිරෝධක මොලේ  මැලේරියාව,  ක‍ෂයරෝගය, රුමැටික් උණ, හා පුතීිරක්තාව ද වේ.
උතුර හා නැගෙනහිර පුදේශවල තත්වයෙන් උසස් සෞඛ්‍යාරක‍ෂක තත්වයන් නොතිබීමේ ස්වභාවය, පුදුමු එළවන සුළු විය. (සෝමසුන්දරම් 2005)  සෞඛ්‍යය සේවාවන් කරා ලඟාවය නොහැකි වීම  හා මන්දපෝෂණය නිසා සෞඛ්‍ය සේවා අහිමිවීමේ ස්වභාවයක් උදාකරනු ඇත.  මෙය  සෘජු උත්ප්‍රේරණ සාධකයක් කරා පෙරලියහැකි අසමානතාව පිළිබඳ සංකල්පනාවකි.
අවතැන්වීම 
මහාචාර්ය රෆායල් විසින් විස්තර කොට ඇති පරිදි අවතැන්විම යනු බොහෝ ආතතීන් වල ප්‍රභවයකි. (1986) ඃතම නිවසේ අහිමිවීම, ආගන්තුක වටපිටාව, පවුොල් වත් පිළිවෙත් කැඩී බිදී යාම,  මව්පියන්ගෙන් වෙන්වීම,  සුපුරුදු අසල්වැසි හා පරිසරයෙන් වෙනස්වීම, පාසැලෙන් හා මිතුරන්ගෙන් ඈත්ව තම සෙල්ලම්බඩු හා වෙනත් අතර කල දේ නැතිවීම,  තදබදය හා ආගන්තුක වූ ඉදුම්හිටුම් ආදී මේ සියල්ලම දරුවාගේ ආතතියට අදාල වනු ඇත. /
1995 දී ඇති වූ සමූහ නික්මයාම හේතුකොට සියලූම පවුල් පාහේ අවතැන්වීමට ලක්විය (ඹඔ්‍යඍන‍-: 1956 ඉ) එමෙන්ම අනෙකුත් අවස්ථා වලදී විශේෂයෙන්  ඉන්දියානු හමුවන්ගේ මැදිහත්වීම් වලදී,  වැඩි අනුපාතයක් අවතැන් විය. මානසික මනකුළතාවයට අදාල සියලූ ලක‍ෂණ වඩාත් හොදින් සටහන්ව ඇත්තේ අවතැන් වූ ශිෂ්‍යයින් තුළය. (අරුන්ගිරිනාදන් හා අන්අය 1993)  ඛඔඔෑ ට බඳවාගැනීම සඳහා උත්පත්ති ස්ථානයක්  වූයේ  මෙම රැ\වුම් කඳවුරයි. )
අධ්‍යාපනය 
එදිනෙදා වැඩ කටයුතු වලට හා  ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනයට බාධාවීම කැපී පෙනෙන පීඩාවන් ගෙන දෙන සාධක විය.  (අතුරුදහනව්ම්, විනාශවීම්, හෝ කඳවුරු හැටියට භාවිතා කිරීම නිසා පාසල් ලබාගත නොහැකි වීඹ හා අවතැනක්වීම් හේතුකොට ගෙන පාසල් යාමට  නොහැකිවීම)  ජාතික  විභාග පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාව, ඉගැන්වීම් සඳහා අවශ්‍ය නිසල ආලෝකය සහිත (විදුලිය නොමැති වීමද ) ප්‍රවාහන අපහසුතා නිසා දෛනිකව පාසල යාමට නොහැකිවීම වෙනත් බාධාකාරී තත්වයන්, ළමුන්  රදවාතබා ගැනීම, බලෙන් කොටි හමුදාවට බඳවා ගැ`නීම, දේශපාලන ක්‍රියාකාරකම්වලට  සහභාගී වන ලෙස  බල  කිරිම හා  බලෙන්  අදහස් වෙනස්කිරීම  ආදියෙත්.  තම  සගයින් වූ  ශිෂ්‍යයින් එයට  බැදීමට  යාමත්. අද්‍යාපනය  අඛණ්ඩව  කරගෙන  යාමට  ඇති  අවසථා විරලවීම  හා පාසල් පෙළපොත් හිඟකම  හෝ ඒවා ලබා ගැනීමේදී  ඇතිවන  ප්‍රමාදය  වෙනත් පාසල් උපකරණ නොමැතිවීම  ආදියද  අධ්‍යාපනය කඩාවැටීමට  හේතු සාධක විය.
දෙමළ සටන්කාමීන්ගේ ආරම්භය  මහ ජාතියට  වාසිවන  පරිදි  විශ්වවිද්‍යාල වලට ඇතුලත් කිරීමේ පටිපාටිය වෙනස්කිරිම වැනි අධ්‍යාපනයට අදාලව රජයේ වෙනස්කොට සැලකීමේ අධ්‍යාපනයක් අදාළව රජයේ වෙසන්කොට සැලකීමේ අධ්‍යාපන ප්‍රතිපත්තියෙහිද ප්‍රතික්‍රියාවක් විය.
අවාසනාවකට මෙන් අධ්‍යාපන ක්‍රමයට මෑතකදී කරන ලද වෙනස්කම් එක් කලෙක ආදරයෙන්  රැකගත් ප්‍රයත්නයන් ඉවත ලෑමට තුඩුදෙන ෙක‍ෂ්ත්‍රයක් බවට පත්ව ඇත.  1990 පසු භාගයේදී උතුරු ප්‍රදේශවල පාසලින් ඉවත්වීමේ හා පාසලේ නොපැමිණීමේ ප්‍රවණතාවක් විශ්මයජනක ලෙස  පහත වැටුණි. මෙය ශ්‍රී ලංකාව තුළද ඉහලම අනුපාතයයි.  (සේවි ද  චිල්රන්්, 1998) භාෂා හා ගණිතය වැනි විෂයන්ට අදාළ ප්‍රාථමික  හැකියාවන් දෙස බලන කල ශ්‍රී ලංකාව තුල අවසන් තැනට  පැමිණ ඇත්තේ උතුරු නැගෙනහිර බව වත්මන් අධ්‍යයනයන්ගෙන් පේන්වා දී ඇත.  (ජාතික අධ්‍යාපන පර්යේෂණ හා ඇගැයීම්  මධ්‍යස්ථානය, 2004)  සරදමකට මෙන් වඩාත් හොද අධ්‍යාපනික අවස්ථාවක්, ලබා ගැනීම උදෙසා ආරම්භ කරන ලද සටනක් නිමා වූයේ ප්‍රතිවිරුද්ධ බලපෑම් ඇතිකරමිනි.  නොසලකා හරින ලද දිස්ත්‍රික්කයක් ලෙසින් නම් කිරීම දක්වා  දුරට මෙය බලපෑවේය.  මෙම තත්වයන්  යටතේ සටන්කාමිත්වය අධ්‍යාපනය සඳහා සිත් ඇදගන්නා සුළු විකල්පයක් බවට පත්ව ඇත.
මාපියන් සහ හෝ ඥාතීන් මියයාම 
මාපියන් දෙදෙනාම හෝ එක් අයෙකු මියයාම හෝ අතුරුදහන්වීම හේතුකොටගෙන බොහෝ ළමුන් අනාථභාවයට පත්වීම හෝ මාපිය දෙදෙනාගෙන් එක්කෙනෙකු සහිත පවුලක් බවට පත් කොට ඇත.  මින් සමහරුන් රජය විසින් ඔවුන්ගේ දෙමාපියන්  අමානුෂික අන්දමින් ඝාතනය කරනු දුටු පසුව ත්‍රස්තවාදයට බැදීම සඳහා පිටත්ව ගියහ. සමහරු පවුලේ පීඩනය වැඩි වු විට පසුව  එයට පැඳුනහ. ව්‍යාපාරයට බැඳීම සඳහා නොතිත් ආශාවන් සමහරුන්ට තිබුනේ පළිගැනිමේ උග්‍ර චේතනාව මතය.
විනාශවීම්
සටන් පැවති කාලය තුලදී බොහෝ ඉදිකිරීම් විනාශ විය. මෙයට පාසල්, නිවෙස්, පන්සල්, පල්ලි හා  අනෙකුත්  සමාජ ආයතන ඇතුලත් විය.  එතෙක් ස්ථීර පැවති ව්‍යුහයක් තම නිවෙස සහ Z හෝ සමාජ හෝ ආගමික් ආයතන  කඩාගෙන වැටීම  දරුවා දන්නා ලෝකයේ  සියලූ ආරක‍ෂිත හා ශක්තිමත්  දෑ කඩාගෙන  වැටීමක් ලෙස  සලකන ලදී.  යලි කිසිදිනෙක  පිරවිය නොහැකි හිස්තැනක්  එමගින් ඇතිවිය. තරහව, අමනාපය, විනාශකිරීමේ සිට බලාපොරොත්තු රහිතවීම හා කුපිත බවින් යුක්තවීම දක්වා මේවා වර්ධනය විය.
අවමානයට ලක් කිරීම,  හිරිහැර  කිරිම,  රදවාගැනීම, මරණය 
     පරීක්ෂාවලට ලක් කිරිමේදී රැකවල්වලදී හා සෝදිසි මෙහෙයුම් වලදී රාජ්‍ය ආරක‍ෂක හමුදාවන් විසින් ඔවුන්ව  සුවිශේෂීව  ඉලක්ක කරනු ලබන අතර,  සාමාන්‍යයෙන්  ප්‍රශ්න කිරීම්, රඳවා ගැනිම්, ශාරීරික වදහිංසා දීම,  මරණයට  පත් කිරීම හෝ දූෂණය  කිරීම  ආදී  දෑ සඳහා  රඳවාගනු ලැබේ. 1987 වෂ_යේදී ඊනියා නිදහස් මෙහෙයුමේදී  (ධචැර්එසදබ ඛසඉැර්එසදබ ) තරුණයින්ව එක්කොට වෙඩිතබන ලද හෝ (්‍යදකැ හා අනෙකුත් අය. 1988) යදමින් බැඳ දකුණේ බූස්ස කඳවුරට  පිටත් කොට ගෙන යවන ලදී.  එබැවින් හමුදාවට බැදීමේ හැකයාවක් තියේනම් තම නෙත් ඉදිරියේ දඬුවම හෝ මරණය දකිනවාට වඩා හමුදාවට බැදීම යෙහෙකැයි සිතන ලදී. යාපනයේ සිදුව තිබී අතුරුදහන්වීම් 600 අතුරෙන් 15% ක්ම ළමුන් විය. හේතුඵල න්‍යායට හොදම නිදසුනක් ලෙස 1999 මැවි මාසයේදී යාපනයේ ප්‍රසිද්ධ පාසලකට ෙක‍්‍යෂ්ඨ ශිෂ්‍ය නායකයෙකුව දෙමාපියන් විසින් කඳවුරට රැගෙන ගිය විට ඔහුව  රදවා තබා ගන්නා ලදී.  පසුව ගතවූ දින කිහිපයකදී ඔහුව නිදහස් නොකල විට යාපනේ දිස්ත්‍රික්කයේ සියලූ පාසල්  පංති වර්ජනයක නිරත වුනි.  අන්තිමේදී  කිසිදු චෝදනාවකින් තොරව  ඔහුවු  නිදහස් කරන ලදී.  ඔහුගේ සීරීම් හා තැලීම් ලකුණු දක්නා ලදී.  ඔහු  රදවාගෙන  සිටි  කාලය  තුලදී ප්‍රදේශයේ වෙනත් සිසුන් 05 දෙනෙකු ත්‍රස්තවාදී ව්‍යාපාරයට  එකතුවීම සඳහා එම ප්‍රදේශය හැර යන ලදී.
   1983 දී දෙමළ සුළු ජාතික ජන වර්ගයකට විරුද්ධව  සිදුකරන ලද සංවිධානාත්මක ඝාතන ක්‍රියාවලියට අමතරව (පියදාස 1984, රොබට්ස් 2003) අකණ්ඩව සිදුවන මරණ රජයේ  විනාශය  හා ප්‍රචණ්ඩත්වය, දෙමළ ජනතාව වෙතට සෘජුව  එල්ල කරන ලද බවට සංජානනය කරන ලද අතර, එය  නීත්‍යානුකූලභඵාවය  සටන්කාමීත්වය බවට පත්ව පක‍ෂපාතීත්වය  ආකර්ශනය  කොටගත්  අතර කුමන හෝ සටන්කාමී ව්‍යාපාරයකට  හෝ අන්ධභක්තියක්  ඇති කරවීමට මග පෑදීය.  තම පවුලේ සාමාජිකයින්ට  මුරපොලවලදී  සලකන ලද  අන්දම, සෝදිසි මෙහෙයුම් හෝ රාජ්‍ය  නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීමේදී ඇති වූ  ස්වභාවය  නිසා බොහෝ දෙනා නින්දාවට පත්ව තිබුණි. මෙය මතු පිටට නොපේනී තිබූ දැක්වෙන නොරුස්නා ස්වභාවයකන් විය. උතුරෙ පැවති සමහර  වැඩමුලූවලදී  :ඔයැ්එරු Aජඑසදබ ඨරදමච :ඔAක‍- කණ්ඩායමේ පුහුුණු වෘත්තිකයින් විසින් මෙම අසන්තෘප්ත තරුණයින්ගේ හැඟීම් ඉස්මතු කරගත් අතර යුධකාමී න‍යාපාරයට බැඳීම  සම්බන්ධායෙන්  මගපාදා  දුන්නේය.
1983 දී දෙමළ සුළු ජාතික ජන වර්ගයකට විරුද්ධව  සිදුකරන ලද සංවිධානාත්මක ඝාතන ක්‍රියාවලියට අමතරව (පියදාස 1984, රොබට්ස් 2003)
අකණ්ඩව සිදුවන මරණ රජයේ  විනාශය  හා ප්‍රචණ්ඩත්වය, දෙමළ ජනතාව වෙතට සෘජුව  එල්ල කරන ලද බවට සංජානනය කරන ලද අතර, එය  නීත්‍යානුකූල භාවය  සටන්කාමීත්වය බවට පත්ව පක‍ෂපාතීත්වය  ආකර්ශනය  කොටගත්  අතර කුමන හෝ සටන්කාමී ව්‍යාපාරයකට  හෝ අන්ධභක්තියක්  ඇති කරවීමට මග පෑදීය.  තම පවුලේ සාමාජිකයින්ට  මුරපොලවලදී  සලකන ලද  අන්දම, සෝදිසි මෙහෙයුම් හෝ රාජ්‍ය  නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීමේදී ඇති වූ  ස්වභාවය  නිසා බොහෝ දෙනා නින්දාවට පත්ව තිබුණි. මෙය මතු පිටට නොපේනී තිබූ දැක්වෙන නොරැස්නා ස්වභාවයකන් විය. උතුරෙ පැවති සමහර  වැඩමුලූවලදී  ඔයැ්එරු Aජඑසදබ ඨරදමච :ඔAක‍- කණ්ඩායමේ පුහුණුණු වෘත්තිකයින් විසින් මෙම අසන්කෘප්ති  තරුණයින්ගේ හැඟීම්  ඉස්මතු කරගත් අතර යුධකාමී න‍යාපාරයට බැඳීම  සම්බන්ධායෙන්  මගපාදා  දුන්නේය.  එසේ  බැඳුනු  සාමාජඩියකින් සම්බන්ධයෙන් මග පාදා දුන්නේය.  එසේ  බැඳුනු  සාමාජිකයින්ට  පෝිෂණය  කොට  එම පනාමයන්  සිතට  කා වැද්දීම හා  පුහුණුව මගින් ඃකළු කොටින්/ නිම_ානය කිරීම පිණිස ඔවුන්ගේ චින්තනය වෙනස් කරන ලදසී.  ව්‍යාපාරයේ  නායකයින් යටත්වීමට  අදාලව සාමාජිකාවන්නැවැත්වීඹ සඳඳහා උපක්‍රම සොයම් සිටින අතර ශ්‍රී ලංකා හමුදාවන් ඉදිරියට ඒම වලක්වනු පිණිස මරාගෙන මැරෙන රැල්ලක් එවීඹ බහරහා අවසන් සටනේදී ඛඔඔෑ නායකයින් සිය සාමාජිකයින්ම අවඥාසහගත ලෙස තම වාසියට හැසිර වූ අකාරයසද දක්නට ලැබිණ. (ඹඔ්‍යඍ -න‍ 2009)එසේ  බැඳුනු  සාමාජිකයින්ට  පෝිෂණය  කොට  එම පනාමයන්  සිතට  කා වැද්දීම හා  පුහුණුව මගින් ඃකළු කොටින්/ නිම_ානය කිරීම පිණිස ඔවුන්ගේ චින්තනය වෙනස් කරන ලදසී.  ව්‍යාපාරයේ  නායකයින් යටත්වීමට  අදාලව සාකච්ඡාවන් පැවැත්වීම සඳහා  උපක්‍රම සොයමින් සිටින අතර ශ්‍රී ලංකා හමුදාවන් ඉදිරියට ඒම වලක්වනු පිණිස මරාගෙන මැරෙන රැල්ලක් එවීම හරහා අවසන් සටනේදී ඛඔඔෑ නායකයින් සිය සාමාජිකයින්ව අවඥාසහගත ලෙස තම වාසියට හැසිර වූ අකාරයද දක්නට ලැබිණ. (ඹඔ්‍යඍ -න‍ 2009)
කම්පනයට පත්වීම
ශ්‍රී ලංකාවේ  උතුරු Z නැගෙනහිර  ප්‍රදේශ තුල  දශක දෙකකටත්  වඩා වැඩි කලක් පැවති යුද්ධයේදී  නිරන්තර ෂෙල්වෙඩි ප්‍රහාර, කෙලින්ම බෝම්බ දැමීම, හෙලිකොප්ටර්වලින් වෙඩි වෙඩි පහරදීම්, ඒකරාශී කිරීම්, වට ඇහුරුම් කිරීම්, සෝදිසි මෙහෙයුම්, මරාගෙන මැරෙන තුවාල තුවාල සිදුවීම්, බාධා කාරීම්,  සමූහ වශයෙන් අත් අඩංගුවට ගැනීම්,  රඳවා තැබීම, වෙඩි තැබීම්, ග්‍රෙනේඩ් පුපුරවා හැරීම,  හා බිම් බෝම්බ පිපිරීම වැනි  සාධක හේතුකොට ළමුන් පමණක් කම්පනයට පත්ව ඇත. වන්නි දිස්ත්‍රික්කයේ මෑතකදී කරන ලද පරීක‍ෂණයකදී  ලමුන්ගෙන් 90% කට වඩා  සංඛ්‍යාවක්  සෘජු යුද අත්දැකීමකට මුහුණ දී ඇති බැව් සොයා ගන්නා ලදී.  (ඪෂඪධල 2003- යුධ අවස්ථා වල සිටි ළමුන් භාවිතා කරමින් කළ අධ්‍යනයෙන් නිදසුන්ක් ලෙස  මොසැම්බික් වල  (රිඩ්මන් හා අන් අය 1988) හා පිලිපීනයේ (ළමා පුනරුප්ථාපන  මධ්‍යස්ථානය, 1986) පෙනී ගියේ එම දරුවන් සැලකිය යුතු මානසික ප්‍රතිඵල ඇති වී තිඛෙන බවයි. සුගොස්ලාවියාවේ පලස්තීනය පලස්තිනය හා ඉරාකය යනාදී රටවල කරන ලද අධ්‍යයනයන්ට අමතරව  ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ළමුන් සම්බන්ධව කැනේඩියානුවන් විසින් කරන ලද අධ්‍යයනයකදී ශ්‍රී ලංකාවේ සුළු ජනවාර්ගික කොටස් තුල වඩාත් යුද්ධයට නිරාවරණය වීම් හා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස හටගත් මානසික කම්පනයක් ඇති බව  සොයාගන්නා ලදී. (්‍යැ්කඑය ඍැ්ජයල 1996-  ශ්‍රී ලංකාවේ උතුරුකරයේ වසංගත රෝග ආශ්‍රිතව 1993 දී කරන ලද පුලූල් සමීක්ෂණයකදී වඩුක්කොමේනි  පොකුරු පාසල් 12 ක් හා (අරුණකීර්තිනාදන් සහ අන් අය) (1993) යාපනයේ නවකයන් වූ පරිසක් (ජීවදාසන්) 1993) හා කිලිනොච්චි පාසල් ළමුන් තුළ පුළුල් ලෙස පැතිර ගිය යුද කම්පනය ඇතිබව පෙනීගියේය.
ඔවුන්ගේ වැඩෙමින් පවත්නා මනසට යුද්ධයෙන් ඇතිවන බලපෑම (3 හා 4 සටහන්)  හා එහි ප්‍රතිඵලයක් වශයේ හටගන්නා කම්පනයට ලකම්ම එමෙන්ම කෘෘර සැලකිලි වලට ලක්වීම” අනාගත යුධකාමීත්වයට අදාල මූලික අත්ප්‍රේරක සාධකයක් වනු ඇත’
දෙමළ සුළුජාතීන්ගේ රැකියා නියුක්තිය (නිසාත්” 1996)
ජනවරගය   ජනගහන     රාජ්‍ය සෙවයෙ      පzාදෙශී ය      අරධ  රාජ්‍ය                  ි           පzතිශත                             සෙවයෙ           සෙවයෙ
ශ්‍රී ලංකික     12.7            5.9                   7.1               8.2
කදුකර  දෙමළ   5.5            0.1                   0.2              0.5
දෙමළ මුසලම්ි   7.37           2.0                   4.2              1.0
එකතුව         25.6           8.0                   11.3             9.7
 
අනාගතය ( රැකියාවන් හා අධ්‍යාපනය ) 
ඉහත සඳහන් කරන ලද පරිදි, ජනවාර්ගික අනුපාතයක් පවත්වාගෙන යන බවට බොරු පොරොන්දු  දෙන ලද නමුදු වැඩිදුර අධ්‍යාපනය,  ක්‍රීඩා, විදේශ ශිෂ්‍යත්ව හෝ රාජ්‍ය අංශයේ රැකියාවන් සපයාදීම, පැවති සිංහල රජයන් මගින් සීමාකොට  තිබුනි.
දේශපාලනික.
ප්‍රකටව පෙනෙන දුක්ගැනවිල්ලකට  නිදසුනක් නම්, දෙමළ භාෂාව භාවිතා කිරීම තවමත් ක්‍රියාත්මක නොවීමයි. ළමුන්ගේ ප්‍රඥප්තියට අදාලව ජාතික අධික්ෂණ කමිටුවට සමරවීර විසින් (1997)  ඉදිරිපත් කරන ලද ඃ අපයෝජනයට භාජනය වූ ළමයා හා ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාවලිය / යන වාර්තාවේ පහත සඳහන් කරුනූ දැක්වේ. නීතිමය ක්‍රියාවලිය මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ අප විසින් පරීක්ෂා කරන ලද පෙළවලට අනුව, සිංහලෙන් හෝ සිංහල හා ඉංග්‍රීසියෙන් පමණකි. අපගේ පර්යේෂණයේදී බොහෝ විට අප අත්දුටු පරිදි දෙමළ  බසින් පමණක්  කතා කරන  ළමුන්හට  සැලකිය යුතු අද්නමින්  අවාසි සහගත තත්වයක් උද්ගත වී මුළුමනින්ම ආවරණය  වුනු ස්වභාවයක් ඇති විය.  දෙමළ පමණක් කතා කරන ළමුත් හට නීති ක්‍රියාවලිය මගින් ක්‍රියා කරනුයේ ඉතාම  ලඝු  අන්දමිනි. නීති පද්ධතියට  විශේෂිත වූවාක් මෙන් අද ශ්‍රී ලංකාවේ  සියළුම පොදු කාර්ය ෙක‍ෂ්ත්‍රවලට ද මෙය  අදාල වේ. දෙමළ ජාතික  ඔහු Z ඇය  අනිවාර්යෙන්ම  අපහසුතාවට  පත් වේ.  දෙමළ තරුණයෙකු අත් අඩංගුවට ගතහොත් හෝ පරීක්ෂාවට ලක් කලහොත් ඔවුන් හිංසවාට, පහරදීම් වලට හෝ ශාරීරික වදහිංසා වලට ලක් කරනු ලබයි. වව්නියාවේ කලින් රදවාගෙන සිටි ත්‍රස්තවාදීන් ගැන කළ අධ්‍යායනයකදී ඔවුන් සියළු දෙනාම ශාරීරික වද හිංස වලට ලක් කොට තිබී බව හෙලි විය. (ෘදකකැහල 1998- මීට  අමතරව උග්‍ර සිවිල් ප්‍රචණ්ඩත්වයට අදාළ සමුච්ච්ති බලපෑම්  හා ජනවර්ගයක් පාගා දැමීමද මෙහි ඇත. මෙය ඃමර්ධනකාරී / පාරිසරික තත්වයක් (ඊ්හන්ස සහ අන් අය, 2004) යනුවෙන් හැඳින්වේ.  එමගින් සමාජීය ප්‍රාග්ධනය, සම්පත්, ව්‍යුහයන් හා ක්‍රියාත්මක විම් අඩපන වන අතර මෙය ඃසාමූහික කම්පනය / ලෙසින් හැඳ+ින්වේ/  (සෝමසුන්දරම්, 2007)  මේ අන්දමේ ව්‍යුහාත්මක  ප්‍රචණ්ඩත්වය හා යටපත් කිරිම යන්නෙහි  සුවිශාල ප්‍රතිඵලයක් අත්වන්නේ තරුණ පරම්පරාවටය. කල් යත්යත්ම සුළු  වාර්ගික දෙමළ  ජනතාවට වෙනස්කොට සැලකීම හා ප්‍රචණ්ඩක්තවය ආයතකගතවී  පද්ධතීන් තුල  කොතරම් දුරට  එහි ස්ථාපිත  වීද යත්  රාජ්‍ය භීෂණය හා පාගාදිමීමද කලාතුරකින්් ප්‍රකටව පෙනෙන්නක් විය. (සෝමසුන්දරම් 2005 බී) මෙබදු තත්වයක් යටතේ ළමුන් හා තරුණයින්  ත්‍රස්තවාදයට  බැෙඳන්නේ  ඇයිද යන්න වටහා ගැනීම  පහසු වනු ඇත. දිගුකාලීනව බලන කල හා එම විශේෂිත  කණ්ඩායම් මුහුණපාන දේශපාලන යටපත්භාවය හා සමාජ ආර්ථීක, බිඳ දැමිම සඳහා ස්ථීර විසදුමක් ලබා දෙන ලෙස  රජයට බල කිරීම වඩාත් ඵලදායී විසදුමක් වනු ඇත. අන්තිමේදී ගත් කල සටන්කාමිත්වය හා කලූ කොටියෙකු ලෙස මිය යාම බලයට පිවිසීමට නොහැකිවූවන්ගේ කල කිරිම දක්වන දේශපාලනමය සංඥාවක්ත වැරදි මගකට යොමු කරන ලද ක්‍රමයක් වෙනත් විකල්පයන් අසමත්වූ විට යොදාගන්නා ක්‍රමයක්,  හා ආසාධාරණයක්  හා අසමානතාවට අදාලව සංජානනය වූ පණිවුඩයකි.
නිශේධනීය සාධක 
විශ්වාසයන්
   ආරම්භයේදී මෙම සටන්කාමී ව්‍යාපාරයට තරුණයින් එක් වූයේ තර්ජනයට ලක් වූ තම ජනවාර්ගික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමේ පරාර්ථකාමී විශ්වාස තුලිනි.  1983  දී වග_වාදී කෝලහාල වලදී දෙමළ ජාතිකයින් කණ්ඩායම් වශයෙන් අවමානයට ලක්වේද්දී  තම කණ්ඩායම්වල අනන්‍යතාව  මුලූමනින්ම වැසීයාම වලක්වනු  පිනිස  තරුණයින් අවි අතට ගත්හ.  එවක තිබූ කුමන හෝ දෙමළ සටන්කාමී කණ්ඩායමකට බැදීමට ඔවුහු පෙළඹුනහ.  මෙසේ දහස් ගණනින් ඔවුන් මේ ක්‍රියාවලියට දැඩි කැපවීමකින් අදාපනයකින් නැඹුරු වූයේ අවිගත් කණ්ඩායමක් ලෙසින් තම අනන්‍යතාව හෙලිවේයයි යන බිය නිසා හා ඔවුන් වෙත  එල්ල වී තිබී දැඩි තර්ජනයේද ලකුණක් වශයෙනි.  දෙමළ ජාතීන්ගේ අනන්‍යතාව හා ගෞරවය රැක ගනිමින් දැඩි විශ්වාසයකින් යුතුව කණ්ඩායම් වශයෙන් දිවි රැකගෙන ජීවත් වීමට අවශ්‍ය වගකීම දැරිම දෙමල තරුණයින් සතු යුත\කමක් විය. දෙමළ සටන්කාමීත්වයේ  ආරම්භයේදී  ප්‍රමුඛ  අභිප්‍රේරණ සාධකය වූයේ මෙය බැවි කිව හැකිය.
ක්‍රොන්රඩ් ලෝරන්ස් (1963)  විසින් ඃසටන්කාමී අභිප්‍රේරණය/ යනුවෙන් එබදු ශක්තිමත් උත්ප්‍රේරණයක් විස්තර කරන ලදී. එයට අන්තර්ගත වී ඇති ශක්තිමත් හැඟ=ම්බර ආරෝපණය හේතුකොට කණ්ඩායම් අනන්‍යතාවට එන අභියෝගයන් බොහෝ විට නිම වන්නේ මුහුණට මුහුණලා කරන සටන් වලින් හා ගැටුම් වලිනි. විශේෂයෙන් අන්තර් කණ්ඩායම් ආතතීන්, සංජානනය කරන ලද අසාධාරණයන්, හා අසමානතා ඇති වූ අවස්ථාවන්හිදී බාධා කිරීම් හෝ මැඩ පවත්වනු ලැබූ විටදීය. අවාසනාවකට මෙන් මෙය ශක්ති ප්‍රමාණය තම ප්‍රයෝජනය පිණිස යොදා ගනිමින්, එය එයතම අවහ්‍යතාවන් පිණිසම යොදා ගැනීමට නායකයෝ දක්ෂ වූහ. ජාතිකානුරාගයට ආයචනා කරමින් භාෂාව, ආගම හා පුචුම දහගත සංකල්ප මාතෘ භූමිය හා රුධිරය  ලෙසින් සලකන ලෙස පවසමින් ඔවුහු මේ සඳහා ඉදිරිපත් වූහ. ජාත්‍යාලය හා භාවාත්මක  හැඟීම් පුබුදු කරමින්  කෙනෙකුගේ හදවතේ ගැඹුරුම ස්ථාන ස්පර්ෂ කිරීමට එබදු අසහනයන්ට ශක්තිය ඇත.  කාලයාගේ ඇවෑමෙන් මුල් අභිප්‍රේරණ සාධකයන් වෙනස් වී ඒවා වඩාත් ලෞකික අන්දමේ උවමනාවන් බවට  පත්විය.
පසුව 1987 දී ඇති වූ ඉන්දියානු මැදිහත්වීම්ච සමගම අනෙකුත් සටන්කාමී කණ්ඩායම් ඉදිරියට ඒම මුලිනුපුටා දැමූ පසුව වැඩිහිටි පිරිමින්  තවදුරටත්  ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා නොගැනීමේ හේතුවෙන් දෙමළ කොටින් විසින් ළමුන්  කා කාන්තාවන් ප්‍රයෝජනයට  ගන්නා ලදී. කාලයක් සමඟම සටන මෙහෙයවන ලද දිශාව  සම්බන්ධයෙන් මුලාවට පත් නොවීමට තරම් වැඩහිටි තරුණ කොටස් පරිනත බවට පත් විය. ව්‍යාපාරය තුළ හා අන්තර් කණ්ඩායම් අතර පැවති එකිනෙකා මරාගන්නා යුධ උපක්‍රමයන් බොහෝ දෙනෙකුගේ  උනන්දුවන් බැහැර වීමට පටන්නකි. තරුණයින්ගේ අති බහුතරයක් විදේශීය රටවල් කරා පලා යාමට පටන්ගති.  මේ සඳහා ඔවුන් සංකීර්ණ මාග_යන් හා පවුලේ සයළු සම්පත් භාවිතා කළ අතර, විදේශ රටවල දේශපාලන රැකවරණය ලබා ගැනීමේ දක්ෂතාවය තම සත්කාරක රටේ සභ්‍යත්වය ආන්නිකව තෝරා ගෙන තමාගේමගේම කොටගෙන ඒවා ප්‍රයෝජනයට ගත්හ.  කෙසේ වෙතත් මෙම පුළුල්ව පැතිරගිය දෙමළ ඩයස්පෝරාව තම  මාතෘභූමියේ  තිබී ප්‍රචණ්ඩකාරි ව්‍යාපෘතියට, මූල්‍යමය වශයෙන් වාචිකව හා භාවයන් වශයෙන් පවා සහයෝගය දීම අඛණ්ඩවම කරගෙන යන ලදී. එහෙත් ඔවුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙම සටන්කාමී  ව්‍යාපාරයට  එකතුව  එම හේතුව  වෙනුවෙන් කැපකිරීම් කිරිමට  කිසි දිනෙක  නැවත දිවයිනට නොපැමිණියහ.
2008 – 2009 සටන් අවසාන වූ කාල සීමාව දක්වා  පැමිණෙන තෙක්,  පුළුල් වශයෙන්  බලන කල කොටින්  යටතේ ඃ බඳවා ගැනීම් /  සිදු කරන ලද්දේ ස්වෙච්ඡාවෙන්මය. මීට ඉහත ඉතාමත්ම කෙටි සංක්‍රාන්ති අවධියකදී ඉන්දීය හමුදාවේ සහයෝගය ලද ෑඡඛඍත‍  (තවත් දෙමළ අවිගත් කණ්ඩායමක්) දෙමළ තරුණයින්ව, ඃදෙමළ ජාතික හමුදාවක් / යැයි නම් කරමින් බලෙන් බඳවා ගන්නා ලදී. මොවුන් අතරෙන් බොහෝ දෙනෙකුම පසු කාලයේදී දෙමළ කොටින් විසින් ඝාතනය කරන ලදී. 1990 න් පසුව  දෙමළ කොටි සංවිධානයට ළමුන් බඳවා ගැනීම ආයතනගත විය.  තමන් ළමා සොල්දාදුවන් යොදා ගත් බවව කොටින් නොපිළිගත්තද ඔවුන්ගේ සාමාජිකයින්ගෙන් 50% කාන්තාවන්ද, 20% 40% ක සංඛ්‍යාවක් ළමුන්ද වන්නට ඇතැයි අනුමාන වශයෙන් ඇස්තමේන්තු වී ඇත.  (ඹඔ්‍යඍ-න‍ 1995 ්ථ ඹභෂඛඍත‍ සහ  ීක‍ත‍ල 2000) ඉතා මෑතකදී ව්‍යාපාරයට බඳවා ගන්නා ක්‍රමයේ වෙනස්කම් සිදුව ඇති අතර, අවසන් දින වලදී වන්නි ප්‍රදේශ වල ළමුන් බලෙන් පැහැරගෙන යාම්, හා බලෙන් බඳවා ගැනීම් පිලිබඳව වාර්තා විය. මෙම සටන්කාමීන්ට හසු වූ ජනතාව වූයේ පහල සමාජ ආර්ථීක පන්තියක සිටි විදේශ රටකට පලා යාමට නොහැකි බේරී යාමට කිසිදු මගක් නැතිව උතුරේ කොටු වී සිටි පිරිසය.  වරක්   ඛඔඔෑ ට ඇතුළු වූ පසුව කණ්ඩායමේ වටපිටාව, පුන පුනා කල සටන් නිසා හටගත් කම්පනය,  හා කැපකිරීමේ සිතුම් පැතුම්  ඉහලයාම,  ආදී සාධක  ඃ කලූ කොටියෙකු / බවට පත් වීමට ඉබේටම පොලඹවන්නට ඇත.
මනෝවිද්‍යාත්මක ක්‍රම 
ළමුන් හා තරුණයින්, ඔවුන්ගේ වයස, පරිනත  බවින් තොරවීම, කුතුහලය සහ වීර  වික්‍රමයන්ට ඇති ආශාව ආදී හේතුන් නිසාවිනිවිධ  මානසික ක්‍රම  හරහා සිදුකරන  ඃ  ඡසැා ඡසචැර / මෙන් සිත් ඇඳ බැඳ ගැනීමට  ලක් කිරීමට ඛෙහෙවින් ප්‍රවණතාවක් ඇත. යුද්ධයේ උපකරණ මෙවලම් ආදිය ප්‍රසිද්ධයේ ප්‍රදර්ශනය කිරීම, මියගිය යුදෙව්වන්ගේ අවමංගල්‍ය උත්සව, හා ඔවුන්ගේ පෝස්ටර්, ගීත, කවි හා කතාන්දර ආදී දැ හරහා විශේසයෙන් පාසල් තුළදී ජාතිකානුරාගය හා ඝාතන සංස්කෘතියක් ඇතිකිරීම ආදී මේ සියල්ල ඒ කරා ඇදී යාමේ සමාජ පරිසරයක්නිර්ණය කලේය.
1983 සිදු වු දෙමළ  විරෝධී  සංවිධිත ඝාතනයෙන් පසුව, දෙමළ අවිගත් කණ්ඩායම් අතර විශේෂයෙන් දෙමල ජනතාව ඔවුන්ගේ ගෞරවය, අභිමානය, මාතෘ භූමිය (ඊලාම්)  හෝ දෙමළ මාතෘ භූමිය (දෙමළ තේයියහම්) සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම උදෙසා අවි අතට ගත් බව පැවසූ දේමළ ඊලාම් කොටි සංවිධානය තුළද මුළුමනින්ම උප සංස්කෘතියක් ගොඩ නැගී ඇත. ඛඔඔෑ සාමාජිකයින් තම නායකයා වූ ප්‍රභාකරන් සමඟ තදබල ලැබැදියාවක් සඳහා දිවුරුම් දුන්නේ ගෙලේ පැළඳගත් සයනයිඩ් කරල (කුප්පි)  ඔවුන්ගේ පූර්ණ පක‍ෂ පාතීත්වයේ  හා කැප කිරීමේ සංකේතයක් ලෙසිනි.  ඔවුන්  සටනේදී හෝ සේවය කරන අතරතුර මරණයට පත් වුවහොත් ඔවුන් ඃ මහා වීර/  ලෙසින් ප්‍රශස්්තියට  පත් කරන ලදී.  (විශිෂ්ඨවිරුවන්)  ඔවුන්ගේ මළ සිරුරු මහජනතාවට ප්‍රදර්ශනය වන පරිද්දෙන් ප්‍රදේශය වටා ගෙන යමින් අවමංගල්‍ය සංගීත භාණ්ඩ  මහා හඬින් වයමින්, ශබ්ද විකාශන යන්ත්‍ර  මාග_  අද්දරවල  යොදවා ඃතුලියන් ඊලාම්/ (නින්ද ලබන නිවාස)  යනුවෙන් ප්‍රකට වූ සුසාන භූමි වල භූමදානය (විදෙයිකපදුකලප්-බීජ මෙන් පැල කිරීම ලෙස සලකන ලදී) ඔවුන්ගේ සිරුරු හමු නොවූ විට ඒ වෙනුවෙන් ස්මාරක ගල් පිහිටුවන  ලදී. ඔවුන්ගේ පින්තූර පෝස්ටර් මෙන් මුලූ උතුරු නැගෙනහිර පුරාම දක්නට ලැබින.  මාධ්‍ය හරහාද  (දිනපතා පුවත් පත්, වාර සඟරා,  ප්‍රකාශන, සහ අන්තර්ජාල අඩවි වලද ) ප්‍රකාශයට පත් කෙරිනි. එමෙන්ම,  ගීත, කවි, කථාන්දර, චිත්‍ර නාට්‍ය, වීඩියෝ දර්ශන,  ප්‍රතිමා, ශබ්ද විකාශන යන්ත්‍ර හා  කතා ආදිය  මගින්ද  ඔවුන්ව පූජනීයත්වයට පත් කරන ලදී. එබදු මහා විරුන්ගේ පවුල් වලටද ඛඔඔෑ ඃමුදවා නොගත් / ප්‍රදේශවලදී සේවාවන් කරා ලඟා වීමේදී උත්සව වලදීගරු නම්බු දීම, තව දුරටත් තම දරුවෙකු ඛඔඔෑ ට දීමට අවහ්‍ය නොවීම (මෙය අවසාන  කාලයේදී නොතකා හැරින )  ආදී විශේෂ  වරප්‍රසාද ලබා දෙන ලදී.  මුළු උතුරු නැගෙනහිර පුරාම යෝධ සැමරුම් රැලි පවත්වනු ලබන අතර, විදේශ රටවලද දෙමළ ඩයස්පෝරාවේ සහභාගීත්වයෙන් විශේෂ දිනයන්හිදී සහ කාන්තාවන්ගෙන්  විශේෂ දිනයන්හිදි  මහා වීර දිනය  නොවැ. 27 (පළමු  දිවිපිදුම සිදු වූ දින)  හා ජූලි 05    (කළු කොටි දිනය ) චාරිත්‍රානුකූල සිරිත් හා සංස්කෘතික සංදර්ශන පවත්වා එම අවස්ථාවන් සමරන ලදී. මහා වීර ඡායාරූප මාධ්‍යයන් පුරාම ප්‍රදර්ශනය කරන ලද අතර බිත්ති වල හා විශේෂයෙන් ඉදිකරන ලද  තොරණ්වල ඃ කට්අවුට්/  ලෙසින් ඔවුන්ගේ රූපයන් ප්‍රදර්ශනය කෙරිනි විශේෂයෙන් කහ හා රතු වර්ණයන් මේවායේදී යොදා ගැනින. සුභ වේලාවන් වලදී ගිනිසිළු ( තීපන් සදාකලික ශ=ද්ධාත්මය හෝ ප්‍රාණය හුවා දක්වමින්) දල්වන ලදී. මෙම පිලිගත් කොටි දිවිපුදන්නන්ට මෙම උත්සව වලදි  හා  ඔවුන්  වෙනුවෙන් වෙන් කළ විශේෂිත දිනය වු  ජූලි 05  වන දින අති උසස් ස්ථානයකට ඔසවා තබන ලදී.  ඛඔඔෑ ප්‍රචාරක වැඩසටහනකට, ඔවුන්ගේ ප්‍රතිරූපයට, ජනතාව පාලනය  කිරීමට  හා  සාමාජිකයින්  බඳවා ගැනීමට උපකාරී වන ශ්‍රේෂ්ඨ පොදු ජන ගෞරවයක්  හා දර්ශනයකි. මෙය ඔවුන්ගේ එම මෙහෙවර සඳහා නික්ම යාමට පෙර ප්‍රභාකරන් සමඟ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ බවද වාර්තා වේ. මීට අදාළ ඡායාරූපය නිකුත් කරනුයේ ඔවුන්  මියගිය පසුවයි. ගෞරව සම්ප්‍රයුක්ත බියකට හා සම්මානනීයත්වයකට අනුප්‍රාණය ගෙනදෙන්නා වූ ජීවමාන දෙවිකෙනෙකුට  සමවන්නා වූ මෙම හුදකලා නායකයා මුන ගැසීම පමණක්ම එබදු මෙහෙවරක් සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වීමේ අධ්‍යාසයක් වනු ඇති බව කියනු ලැබේ. ඛඔඔෑ ලෞකික ආගමකට සම්බන්ධ නොවන නමුත් ඃජාතිය පූජනීයත්වයකට පත් කිරිමක්/ ඒ තුළ ඇත. හින්දු හා ක්‍රිස්තියානි විශ්වාසයන් හා සිරිත්විරිත්වල සංකලනයක් වූ ආගමික හා ඓතිහාසික වශයෙන් උසස් සංකේත හා සලකුණු මෙම සියළු උත්සව වල හා විදහාපෑම් වල  අන්තර්ගත  විය.  (හෙල්මන්  රාජනායගම් – 2005 රොබට්ස් 2005 නටාලි 2008)  මෙම දිවිපිදීම් සංස්කෘතිය මගින් ඛඔඔෑ සාමාජිකයින් හා කළු කොටින්ට අනුප්‍රාණය  විශ්වාස, අවශ්‍යතාව, උද්යෝගය හා වීරත්වයක්ද ලබා දෙන  අතර, ඔවුනගේ කැප කිරීමේ ක්‍රියාවන් හා මරණය දක්වාම ඔවුන්ව දිරිමත් කර තිරසාර බවක් ලබා දේ. කොටින්ට අයත් ප්‍රදේශ අල්ලාගෙන ඔවුන්ගේ මෙම උත්සවයන් මර්ධනය කළ පසුවද ඃතිලියන් ඊලාම් ඃනමින් එැදින් වූ එම සුසාන භූමිය ඩෝසර් කොට විනාශ කොට දැමීමට රජයේ හමුදාවන් පසුබට වීමෙන් මෙම සංස්කෘතියෙන් අපේක්ෂා කළ බලය පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් මෙම ආගමික සංස්කෘතික සිරිත් විරිත්  හා විශ්වාසයන්ගේ දිගු කාලීන පැවැත්ම කෙබදු දැයි විමසිය හැක්කේ රාජ්‍ය ග්‍රහණය ලිහිල් වූ පසුව ඒවා කෙතරම් කල් පවතීදැයි යන්න මතය.
තම පාලනය යටතේ පවත්නා ප්‍රදේශ වලින් ඉවතට යාමට අදාලව, විශේෂයෙන් තරුණ පරම්පරාවට අදාල වූ බාධා කිරීම් උගුලකට හසුවූවාක් වැනි හැගීමක් දනවන ලද අතර ඇතුලතින් සාමාජිකයින් දිගටම බඳවා ගැනීමේ ක්‍රමයක් තිබුණු බවටද සහතික කළේය. මෑත  කාලයේදී තම පාලිත ප්‍රදේශ වලට  අනිවාර්ය වූ හමුදා ස්වභාවයේ පුහුණු වීම් හදුන්වා දෙන ලද අතර එය යුධ කාමී චින්තනයක් ඇති කිරීමට මගපාදන ලදී.  9 වෙනි ශ්‍රේණියේ  සිට  සියළුම තරුණයින් හමුදා ශාරීරික අභ්‍යාස, අවි භාවිතය, ව්‍යාජ සටන්, ආදිය සඳහා පුහුණූ වීම් අනිවාර්ය වූ අතර බන්කර්  ඉදිකිරීමට පොලව සෑරීම මුර කුටි භාරව සිටීම වැනි හමුදාමය  කාර්යයන් වලද යොදවන ලදී. රජයේ සලාක වෙනත් ප්‍රතිලාභ හා එහා මෙහා ගමන් කිරිමටද  ඉඩ  සලසන ලද්දේ මෙසේ පුහුණුව ලද අයට පමණය.
(ඹඔ්‍යඍ-න‍ල 2000)
සමාජ සංස්කෘතික ආයතන අකර්මන්‍ය වීම 
දිගුකාලීන, සංස්කෘතිකමය ශිෂටාරයකට තවමත් අයත් වෙතැයි යන සාඩම්බර හැගීමක්, දෙමළ ජන සමාජය සතුව තිබිණ.  කෙසේ වෙතත්  යුද්ධයට  ළමුන් භාවිතා කිරීම ඇරඹු විට  සමාජ ව්‍යුහයන්  හා ආගමික ආයතන  එයට විරුද්ධ  වීමට අසමත් විය.  ඔවුහු නිශ්ශබ්දව හා නිෂ්ක්‍රීයව සිටියහ.  එක් පාර්ශවයකින් බලන කල  මීට  හේතු වූයේ ශ්‍රී ලංකා රජය මගින් බෝම්ම හෙලීමේදී දෙකොට්ඨාශයට  වෙනස්කොට  සැලකීමක්  කිරීම,  ෂෙල්වෙඩි  ප්‍රහාර  එල්ල කිරීම, රදචවාතබැගැනීම්,  සහ  ශාරීරික  වද හිංසා පැමිණවීම් ආදියයි.  එමෙන්ම අනික් අතින් යුද්ධය  සම්බන්ධව  පැවති  පොදු සමාජ පසුබැස්ම මෙන්ම අනෙක් සියළු විකල්ප ව්‍යුහයන් හා පුද්ගලයින්ව භය ගැනීවීම මගින්  රුදුරු ලෙස මර්ධනය කොට පාලනය  කිරීමේ ක්‍රමයක්  දෙමළ සටන්කාමීන් විසින් අනුගමනය කිරීමයි. සමාජ ආයතන බිද වැටීමෙන් ඇති වූ රික්තය තුල  තම ප්‍රචාරණය හා මානසික පීඩනයන් හරහා ළමුන් තම සටන්කාමි ඒකක වලට ආකර්ශනය කර ගනිමින්  ක්‍රියා කිරීමට දෙමළ සටන්කාමීන්ට ඉඩ හරින ලදී. එමෙන්ම විශේෂයෙන් කළු කොටි වැනි දිවිපිදීමේ දෘෂ්ඨියට ජනප්‍රිය හා සමාජීය අනුදැනුමක්  තිබුණි.  ඔවුහු ගෞරවයෙන් පුදන ලද  වීරයෝ බවට  පත්වුහ. :ඵස් ඊකචචප(2005) තර්ක කරන  පරිදි දිවිපිදීමේ ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය මහජනතාව සමඟ අනුගත වී (කුමන හෝ හේතුවක් – රාජ්‍ය මර්ධනයක්  හෝ ත්‍රස්තවාදය නිසා ) සමාජ අනුදැනුමක්  ලද කල්හි එය සාර්ථකව, තිරසාරව පවත්වාගෙන යා  හැකිය. කෙසේ වෙතත් දෙමළ ජනතාව හා සමාජ නායකයින් විසින් මෙම ක්‍රියාවන් සිවිල් වැසියන්ට විරුද්ධව සිදු කදරන ලද වැරදි ක්‍රියාවන් ලෙසින් සිතනු නොලබන අතර, යුධ අවියක් භාවිතා කිරීම සඳහා ඛඔඔෑ මගින් තෝරා ගත් නීත්‍යානුකූල යුධමය හෝ දේශපාලන ඉලක්ක කිරිම වශයෙන් සලකයි. අසමාන වූ තරඟයකදී වඩාත්  දුර්වල, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට රජයට සමාන සම්පත් හෝ බර අවි නොමැති වූ විටකදී ඛඔඔෑ   මිනිස් බෝම්බයක් දකින්නේ පිවිසිය නොහැකි එහෙත් ක්‍රමෝපායයගත ඉලක්ක වෙත ලඟාවියහැකි ගුවන් යානයක රැගෙන ගිය යුතු පුපරන ද්‍රව්‍ය ගෙනගිය  හැකි  ඉතා සියුම් ආයුධයක් ලෙසිනි. මෙම ජීව ආයුධ ලෙස  කැපවන සාමාජිකයින් කෙරේ ඔවුන් තුල් ඇත්තේ ප්‍රසාදයක් පමණකි. එසේනම් මේ සඳහා  විභව ප්‍රතිමිනුමක්  වනුයේ මෙම ජනප්‍රියතාවට හෝ අනුදැනුමට අදාල හේතු පරීක්ෂා කොට ඒවා අවම කිරිමට ක්‍රියා කිරිමයි. ශ්‍රී ලංකාවේ ආදර්ශය නම් මෙහි ගැඹුරේ පවත්නා මුල්බැසගත් හේතු සොයා ඒවාට  පිළියම්  කිරිම  වෙනුවට  රජය  ඛඔඔෑ පසුපස යුධකාමීත්වයෙන් හඹා ගොස් අනතුරුව එය මැඩ පැවැත්වීමට ප්‍රයත්න දැරීමයි. ජනවාර්ගික මූලයන් බොහෝ සංවේදී හා මෙල්ල කළ නොහැකි බැවින් ඒවාට විසදුම් ලබා දීමේ තත්වයක් ඔවුන්ට නොමැති වීමට ඉඩ තිබේ. එබැවින් ඒ අන්දමින්ම භෞතික තත්වයන් සැපයීම, එනම් දෙමළ  සුලූ ජනතාව  ප්‍රචණ්ඩකාරී  අන්දමින්  මැඩ පැවැත්වීම, ඔවුන්ගේ නෛතික අයිතීන් පිළි නොගැනීම, පරාර්ථකාමී දිවි නසා ගැනීමට අවසරයක් හා ගෞරවයක් ඇති ඔවුන්ගේ ආගමික සංස්කෘතික සන්දර්භයන් නොතකා හැරීම, එමෙන්ම ඉතාම සුවිශේෂී වූ පුහුණු කුරීම් හමුදාමය ශඛ්‍යතාවයන් නිසා යලිත් මරාගෙන මැරෙන ප්‍රපංචය ඉදිරියට ඒද ? ඉදිරියට ඒද කෙසේ වෙතත් මේ හා සමානව සංවිධානය වූ හෝ අර්ධ ස්වාධීන වූ ගෘහස්ථව වර්ධනය වු  ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතිවීමේ ඉඩ කඩ වලකනු සඳහා සියළුම ආරක්ෂාකාරී පියවරවල් ගැනීමේදී ලෝකයේ අනෙකුත් රටවල සිදු වීම් හා ඒවායේ පරමාදර්ශ චරිතද  කෙනෙකු වඩාත් අවධානයට ලක් කළ යුතුව ඇත.
සාමූහික කම්පනය  
දශක කිහිපයක් තිස්සේ පැවති යුද්ධය ඊට අනුශංගිකව ඇති වූ ව්‍යුහයන් වල ක්‍රියාවලින් හා  සමාජ  ආයතන වල කඩා බිද දැමීම් ආදී හේතූනA නිසා සමාජය සාමූහික කම්පනයකට මුහුන දේ.  මේ තත්වය  ණ්ස ෑරසඑිදබ විසින්  සඳහන් කරනුයේ ඃප්‍රජා අයිතිය අහිමිවීමක් /  ලෙසිනි.  (සෝමසුන්දරම්, 2007) දෙමළ ප්‍රජාව නිහඬව සහභාගීත්වයකින් තොරව පසුබිමෙහි  පමණක් සිටීමට උගෙන ගෙන සිටියහ.  ඔවුන්  අතර ගැඹුරු සැකයක්  හා අවිශ්වාසයක්  වර්ධනය  වී  තිබේ.  තම හදිසි අවශ්‍යතා සඳහා පමණක් සහභාගී වී ඊලඟ දිනය තෙක් පමණක් ජීවත් වීමට පමණක් ජනතාව පුරුදු වී සිටියේය.  බලයේ සිටිය වුන් නිතරම වෙනස්වීම හේතුකොටගෙන කිසියම් දෙයක නිරත වී හෝ ඒවාට හවුල් වීම සැලකිය යුතු අන්දමේ අවදානමක් ගෙන දුන්නේය. මෙම බල තුලනයන් තුලදී සාව්‍ය චෝදනා එකිනෙකාට දොස් පවරා ගැනීම්, පලිගැනීම් හා තවත් දෑ ඛෙහෙවින් දක්නට ලැබිණි. නායකත්වයට අවශ්‍ය ලක්ෂණ, අභියෝගයනක්ට මුහුණ දීම හා තක_ කිරීමට කැමති අය බුද්ධිමතුන්, විරුද්ධ මතධාරීන්. හා සමාජ අභිප්‍රේරණය ඇති  පුද්ගලයින් වැදගැම්මකට නැති අය ලෙස සලකන ලදී. ඔවුන්ව එක්කෝ අතහැර දැමීමට පොළඹවන ලද හෝ මරණයට පත් කිරීම හෝ නිශ්ශබ්ද වීමට සලස්වන ලදී. ක්‍රම ක්‍රමයෙන් ජනතාව වඩාත් අක්‍රීය හා අවනත තත්වයකට පත් විය.  වඩාත් ඉදිරිපත් වීමේ චර්යාවන් සැලකිය යුතු අවධානම් ලඟකරන බැවින් ළමුන් හට නිශ්ශබ්ධව සිටීමට, ප්‍රශ්න කිරිම, හෝ අභියෝග කිරීමකින් තොරව  පපවත්නා තත්වය එසේම භාර ගැනීමට උගන්වන ලදී.  මෙම ලක‍ෂණ සමාජගතවීමේ ක්‍රියාවලියේ එක් කොටසක් බවට පත්ව ඇත. එබැවින් පසුගාමී පරිසරයක  ජීවත්ව  වැඩීම (ඊ්හන්ස සහ අන් අය, 2004) යුධාකාමීන් හා එකතුවීම හා  දිවි පිදීමේ  මෙහෙවර වලට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම ඉන් මිදීමේ මගක් බවට පත්ව ඇත.
     පුද්ගල මූල සමාජයන්ට වඩා ජන මූල ප්‍රජාව අතර සාමූහික ලක්ෂණ හා අවස්ථාවන් වඩාත් කැපී පෙනෙනු ඇත. මෙය වඩාත් පුළුල්  සාකල්‍යවූ යථාදර්ශය  සාම්ප්‍රදායික  හා ප්‍රජා මූලික වූ බටහිර නොවන ඃසාමූහික/ සංස්කෘතීන් තුළ උත්තරීතර වේ.  පුද්ගලයා  වඩාත්  පුළුල්  උවමනාවන්  තුල නිරත වේ  (්‍යදෙිඑැාැල 2005)සාමූහික  සමාජයන් තුල පුද්ගලයා,  පවුල් හා ප්‍රජාව  තුල  වඩාත් ගිලීයන බැවින්  කම්පනසහගත  සිද්ධීන්  වඪාත්  විිශාල  වශයෙන් අත්දැකින අතර, එහි  බලපෑමද  ඒ මට්ටමින්ම විද්‍යාමාන වේ. පවුල් හා ප්‍රජාව තමාගේම කොටසක් ලෙසත් සැලකේ.  පුද්ගලයා හා පිටස්තර සීමාවන්  හෝ වෙන් කිරීම බොඳ වීමට පටන් ගනී. නිදසුනක් ලෙසින්  දෙමළ ජනතාව තම නෂ්ඨික හා විස්තීරණ පවුල් අතර පවත්නා සමීප හා  ශක්තිමත්  බැඳීම්  හේතුකොටගෙන වෙන් වෙන් පුද්ගලයින් වශයෙන් නොව බාහිර තර්ජන වලට හෝ කම්පනයට ප්‍රතිචාර දැක්වීමේදී එකම  ඒකකයක් ලෙස ක්‍රියා  කරයි. ඔවුහු එම අත්දැකීම ඛෙදා හදාගෙන එම සිද්ධිය එක්තරා ආකාරයකට සංජානනය කරති.  කම්පනකාරී අත්දැකීම් ඇති වූ  විට  ඒකම ඒකකයක් වශයෙන් එම තර්ජනයට මුහුණ දීමට ඒකාබද්ධ නී ඉදිරියට විත්  සුහද  සහයෝගය හා ආරක‍ෂාව සපයයි.  කල් යත්ම  එම  කම්පනකාරී  සිදුවීම නිර්වචනය කොට එයට හැඩයක් දී පොදු අර්ථයක් ගෙන දී පීඩනයට අදාලව ක්‍රියා කිරීම සඳහා ක්‍රමෝපායක්ද වර්ධනය කරයි. එබැවින් මෙහිදී පුද්ගලික ගතියකයන්ට වඩා පවුල් ගතිකයන් සම්බන්ධව කථා කිරීම වඩාත් සුදුසු වනු ඇත. මේ හා සමානව දෙමළ ප්‍රජාව තුළ ගම හා එහි මිනිසුන් ජීවන රටාව හා අවට පරිසරයද මගින් ඔවුන්ගේ වැඩෙමින්  පවතිනා මනසට යුද්ධයෙන් ඇති වන බලපෑම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් හටගන්නා කම්පනයට ලක්වීම හා කුරිරු සැලකිලි වලට ලක්වීම අනාගත යුධකාමීත්වයට අදාල මූලික උත්ප්‍රේරක සාධකය වනු ඇත.  (3.4 සටහන)
  අවට පරිසරය මගින්ද ජෛව මූලයන් සපයන ලද අතර සහයෝගිතා තරඟයක්  පොෂණීය වටපිටාවක් හා සම්බනධතා ජාලයක්ද ලබාදෙන ලදී.  ඔවුන්ගේ දෛනික ජීවිතයේ පදනම් හා රාමුව වූයේ ගමෙහි සම්ප්‍රදායයන් ව්‍යුහයන්  හා  ආසන්නයන්ය. දෙමළ සම්ප්‍රදායට අනුව පුද්ගලයෙකුගේ අනන්‍යතාවය පුළුල් අන්දමින් නිර්වචනය වූයේ ඔවුන්ගේ ගමෙන්  හෝ උපතිනි.  (ඩ`ැනියෙල් 1984) ඔවුන්ගේ  මතින් බොහෝ දුරට  පුද්ගලයාව විශේෂවූ සමා`ජ දේශපාලනික න්‍යාසයක් මත පිහිටුවන  ලදී. තර්ජනයට ලක් වූ  ප්‍රජාවගේ ශ්‍රේෂ්ඨතම කාර්යය වූ පරාර්ථකාමී ආත්ම පරිත්‍යාගය (තකෝඩෙයි)  (ෘමරනයැමප අනුව) සාමූහික යථාදර්ශනයනකින් අවබෝධ කොට ගත යුතු වේ.  දිවි නසා ගැනීමේ බියකරඑැ බව පුද්ගලවාදී සමාජයක් තුළ බියකරු හා ප්‍රගුජ්‍යාජනනක සිතුවිලි ජනනය කරන අතර ආත්ම වටිනාකම් රෑ කරන පුද්ගලයින් හට එය කිරිමට පහසු නොවනු ඇත. අපේක්ෂිත අයුරුන්ම මරාගෙන ම7ැරෙන බෝම්බකරුවන් ගැන විශ්ලේෂණය කරනුයේ  පෞද්ගලික මනෝව්‍යාධික පහැසිරීම් වලට අනුව හෝ ඃවෛරය/ තුලින් පැන නැගෙනක් ලෙස ලෝකයේ ගැන සිතීම හා අත්දැකීම්  ලබා ගැනීම සම්බන්ධව බලන කල  පුද්ගල මූල ස්වාදීන සමාජ හා සාමූහික ස්වාධීන සමාජ හා සංසන්ධනය කිරීමේදී විප්ලවකාරී වෙනස්කම් දක්නට ලැබේ.  ( නිස්ඛෙට්, 2003)  පරාර්ථකාමී දිවි පිදුම  මෙහිදී විස්තර කරන  අන්දමට  දැකිය  හැක්කේ සාමූහික සමාජ වල පමණකි. (රියාස් හසන්, ඡැරිග ක‍දපප)
විකල්ප චර්යාවන් 
පොදු මධ්‍යස්ථ මිනුමක් ලෙස ගත් කල සියදිවි නසාගැනීමේ අනුපාතයන් ඒ ඒ සමාජ වලට අනුකූලව විචල්‍ය වන නමුදු  යුධ සමයේදී එහි කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරයි. (ෘමැජඑරසයම 1951)යුද්දය යන්න පොදු සතුරෙකුට එරෙහිව සමාජ සංස්කෘතිය ගොඩනගන්නක් බව කියනු ලැබේ.  මෙය ජීවිතයට අර්ථයක් ගෙන දෙයි. කෙසේ වෙතත්  සිය දිවි නසාගැනීමේ අනුපාතය අඩජුවීමට හේතුව  සිය දිවි නසාගැනීමේ අනුපාතය අඩු වීමට හේතුව සිය දිවි නසා ගැනීමට චර්යාවට අදාල  විකල්ප මාවතක් යුද්ධය මගින් සපයා දිම වන්නට ඇත.  (ඊමරරසකක 1980) එසේත් නැත්නම් ප්‍රචණ්ඩකාරි බව බාහිර බලයක් බවට පත්වීමේ අවස්ථාවවක් වන්නට ඇත.  (ඛහදබිල 1979) යුධ සමය තුල යාපනෙ`ය් සිය දිවි නසාගැනීමේ අනුපාතයන්හි මුල් ප්‍රවණතාව යුධ සමයේදිද දක්නා ලැබින.  (1 සටහන  බලන්න) දරුණු සටන් පැවති කාල වලදී  සැලකිය යුතු පහත බැසිමක් දක්නට ලැබින. ( සෝමසුන්දරම් සහ රාජදුරෙයි 1995ථ සෝමසුන්දරම්, 2009)
සාමාන්‍යකාලවලදී සිය දිවි හානි කොට බමිය යන පුද්ගලයින් යුධසමයන්හිදී වෙනස් හේතුන් නිසා මිය යයි. (භැැකැ ප්බ :2002) විසින් මෙම ප්‍රසංකුචය  විස්තර  කරන්නේ යුධ සංදර්භය තුල මිය යාම සඳහා විකල්ප සඳහා විකල්ප මාර්ග විවෘතාට දෙමින් අපේක්ෂිත සිය දිවි නසා ගැනීමේ අවදානමට ගෙන දුන් ඃසන්දර්භාත්මක/ නවීකරණයක්  ලෙසිනි. එබැවින් සිය දිවි නසාග`ැනීමේ සංඛයාවේ අනුපාතයන් වලට හේතුව යුද්ධය  ඒ සඳහා විකල්ප මාග_යක් තනා දිම වන්නට ඇත. (බර්න්විල් 1980) මෙම මහෝගතික පැහැදිලි කිරිම  සිය දිවි නසාගැනීම යන්න ආතතියයි.  තමන් වෙතටම හැරවුනු ප්‍රචන්ඩත්වය ස්වභාවයක් ලෙසින් විස්තර කෙරේ. මෙහිදි යුද්ධය  එම තමන් වෙත පැවරුනු ප්‍රචණ්ඩකාරිත්වය පොදු සතුරෙකු වෙත පිටතය ය`ැවීමේ ප්‍රකාශනයක්  ලෙසින් සැලකිය හැ`කි වේ. නැතහොත් එය භාහිර ප්‍රචණ්ඩකාරිත්වයකි. (ඛහදබිල 1979) (ඊමසඩසකක 1980) විසින්  යුද්ධය, සිය දිවි නසාග`ැනීම සඳහමා වන විකල්ප අවස්ථාවන් ලෙසින් උපකල්පනය කළද ඕස්ටේ්‍රලියාවෙන් ලද සංඛ්‍යාවෙන් පදනම්කොට ගෙන එය  ප්‍රතිෙක‍ෂ්ප කළේය.ත කෙසේ වෙතත් යුද්ධයට සහභාගී වීම විකල්ප සිය දිවි නසාගැනීමක්ය යන මතයට කිසියම්  සහයෝගයක්  විය හැකි බැව්  දැක්වෙන සායනික නිරීක‍ෂනයන්  ශ්‍රී ලංකාවේදී  යුධසමය තුළ දැක ගත හැකි වේ.  දැඩි  මානසික කලකිරිමකින් අන්තර්පුද්ගල ගැටුම් නිසා හටගත් මානසික තත්වයන් හේතුකොටගෙන සාමාන්‍ය ජීවිතයේදී සිය දිවි නසාගැනීමේ උත්සාහයයන් අත්හදා බැලීමට යොමු වූ නව යෞවයනයින් අඩුගණනේ තවමත්  මියගිය  පසුව, තම ජීවිත වලට පෝස්ටරයක්  මතින්  හෝ ගරුත්වයක් ලබාදෙන (මියගිය සටන්කාමීන් සැමරීමේ ප්‍රසිද්ධ ක්‍රමයකි) සටන්කාමි  ව්‍යාපාරයට බැදි සටනේදි මියයාම වඩාත් සුදුසු යයි බොහෝ විට ප්‍රකාශ කළේය. යාපනයේ උපදේශක මධ්‍යස්ථාන අධ්‍යක‍ෂවරයෙකු  වෛද්‍ය  නිලධාරීන්  සඳහා පවත්වන ලලද පසම්මන්ත්‍රණයකදී වත්මන් සමාජ මානව ධර්මතාවන් නව යෞවනයින් හට තරුණයින්ගේ උග්‍ර පවුල් ගැටුම් හෝ පාරිසරික ආතතියට  අදාළ අභාවන් සමහර විට තර්ජඩනයට ලක්ව විකල්ප දෙකක් ඉටු කිරීමට එක්කෝ සිය දිවි නසාගැනීමට හෝ සටන්කාමීන් හා එකතු වීම යන්න ඉටු කිරීමට යොමු වන බව සඳහන් කළේය. (ආනන්දරාජා ඡැරි ක‍දමප ) සිය දිවි හානිකරගැනීමේ සංස්කෘතිය හා පරිත්‍යාගශීලී කැපකිරීම මේ වන විට කලකිරුණු හා විප්ලවකාරී තරුණයින්ට වධ_නය වන්නා වූ ආකර්ශනයක් බවට පත්ව ඇති අතර ඃත්‍රස්තවාදී සිය දිවි පනසාගැනීම් මරාගෙන මැරෙන  එහි ප්‍රතිඵලයක් බවට පත්ව ඇත.  (රොබට්ස්, 2007)
    ලෝකයේ අනෙක් රටවල වැඩිහිටි කොටස් අතර සිය දිවි නසා ගැනීම් ඉතාම සාමාන්‍ය වන්නා සේම (ඩර්කෙයිම් 1951)  යාපනයේ  සියදිවි නසාගැනීම්වලට  අදාලව  කල අධ්‍යයනයකින්  පෙනී ගියේ වඩාත්ම අවදානමට ලක් කොටස අවු. 25-34 අතර  වන බවය. (ඤානේස්වරන් සහ අන් අය, 1984)  මෙම ප්‍රපංචය වාර්ගික අර්බුද හා තරුණ නැගිට්ටීම්වලට අදාළ වන්නට  ඇති බව එම කෘතීන් නිගමනයට බැස ඇත. ශ්‍රී ලංකාවේ තරුණයින් අතර සිය දිවි නසාගැනීම් හා සිය දිවි නසාගැනීමට තැත් කිරිම් වල  එබදුම ඉහල අනුපාතයක් ඇතිබව (වයස අවු. 15-34) දිසානායක හා ද සිල්වා  විසින් සොයා ගන්නා ලද අතර, එයට හේතු වන්නට ඇත්තේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ අරගලවලදී විද්‍යමාන වූ තරුණ අසහනය හා  විරැකියාව බව සඳහන් කරති. සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ අනුපාතය ලෝකයේ ඉහළම අගයක් ගත් බව මතකතබා ගැනීම වැදගත්ය.  යුදස්ධයට  පෙර යාපනයේ තත්වය එයම විය. (ඥනේස්වරන් සහ අන් අය, 1984) උතුරේ තරුණයින් සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ අනුපාතයද ඉහල වන අතර  එය ආතතිය පසුපසින් එන්නකි.  (ගනේස්වරම් සහ රාෙජ්ස්වරන් 1989)  යුද්ධයත් සමග සිය දිවි නසාගැනීම පහළ බැසීමේ අනුපාතය වඩාත් සටහන් වනුයේ පිරිමින් අතරය, එය 300% කින් වූ අතර ස්ත්‍රීන් අතර 180% නකි.  එමෙන්ම  එය වඩාත් බලපා`න ලද්දේ වයස අවු. 25-34 වයස් කා`ණ්ඩයට වඩා 15-24 වයස් කාණ්ඩ වලටය. (62.4 සිට 25.4 දක්වා 100,000 කට) අවු. 15-24 අතර වයස් කාණ්ඩ වල යෞූවනයින්, සටන්කාමී කණ්ඩායමකට බැදෙන්නන් අතුරෙන් උතුරා යන සංඛ්‍යාවකට හිමිකම් කියයි. යුද්ධය ආරම්භ කිරීමට පෙර සිය දිවි නසාග`ැනීමේ ඉහලම අනුපාතය  තිබුනේද මෙම වයස් කාණ්ඩයේය.
කෙසේ වෙතත් අප යාපනයේ ඃමහාවිර්/ සංඛයා ලේකන දෙස බලා (නටාලි, 2008)  ඉන් 2Z3 ක්ම සියදිවි නසාගැනීම් යයි සම්මතයකට පැමිණියහොත්, විකල්ප මනෝගතිකයන්හි අපේක්ෂිත සංඛ්‍යන‍ාව  එම  සංඛ්‍යාවට වශාල අන්දමින් අභිබවා  යනු ඇත.  එබැවින් විශාල සංඛ්‍යාවක් යුධකාමීන් ලෙස එකතු වීඹ හා  මහාවිරුවන්  ලෙසින්  මිය යාමට ද අදාළව අමතර සාධක දෙස අප විසින්  බැලිය යුත්තේය.  මොවුන් අතරෙන් පතෝරාගත් සංඛ්‍යාවක් 1987 සිට ඉදිරි කාලවලදී ඃකළුකොටි/ බවට පත්වන්නට ඇත.
සමාප්තිය
වසර 20 කට අධික කාලයක් මුළුල්ලේ  ශ්‍රී ලංක`ාව  දේශපාලනික  මර්ධනයකට්හා උග්‍රයුධකාමිතවයකට  ගොදුරු වී තිබුණි.දෙමල සටන්කාමිත්වයේ නැගීම හා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රපංචය පාරිසරික සංදර්භයක් හරහා තේරුම්ගත හැක්කේ සාධනීය හා නිශේධනීය සාධක වල අන්තර් ක්‍රියාවන් වශයෙනි.  යුධකාමිත්වය හා ආත්ම පරිත්‍යාගය උදෙසා තරුණයින් අභිප්‍රේරණය කරවනු ලබන අසීමිත හේතූන් වටහා ගැනීම තුළින් ඒවා හා සමම්බන්ද වී ඇති මූලික අවහයතාවන් හා ගැටළු වලට ආමන්ත5ණය කිරිම හරහා  වඩාත් සමතාවයෙන් සාධාරණත්වයෙන්  හා සාමකාමීත්වයෙන්  යුත් සමාජයක්  බිහි කිරීමට අපට හැකිවනු ඇත..
ස්තුතිය
මයිකල් රොබට්ස්, රියාසා හසන්, සම්බසිවමූර්ති, සිවංයක්කන් කුන්තෙයි එන්මුගලින්ගම්, ර`ාජන් හූල්, සහ මෙම සංවේදී විෂයය පැහැදිලිකොට දුන් අනෙකුත් අයවළුන් සංඛයාවක්ද සමඟ පවත්වන ලද ප්‍රසිද්ධ සාකච්ඡාවන් වලට ස්තුති කිරීමට කැමැත්තෙමි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.