ලංකාවේ මාළු යුරෝපයේ බැහැ-තහනම ක්‍රියාත්මකයි

images (52)

නීති විරෝධී ලෙස සිදු වන මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් කළ  ගණන් නොගෙන වැඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ජනවාරි 14 වැනි දින සිට ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය  කියාසිටී.

මෑතක් වන තුරුම ධීවර අමත්‍යවරයා ලෙස කටයුතු කළේ මෑතකදී පිල් මාරු කල රාජිත සේනාරත්න අමාත්‍යවරයායි.

 මසුන් ඇල්ලීමේදී අන්තර්ජාතික පිළිපැදිය යුතු නීතී සම්බන්ධයෙන් දීර්ග කාලයක් තිස්සේ  ශ්‍රීලංකාව දැනුවත් කළ බවයි යුරෝපා සංගමය කියා සිටින්නේ.

tuna-yellowfin-tuna-at-negombo-market1

යුරෝපා සංගමයේ සාමාජික රටවල්  යුරෝ මිලියන හැත්තෑ හතරක වටිනාකමකින් යුතු  මාළු ටොන් දාහත් දහක් පන වාර්ෂිකව මිලදී ගනී.නෙදර්ලන්තය,ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය  ශ්‍රී ලංකාවෙන් මාළු මිලදී ගනී.

නීති රීති වලට එකඟව මසුන් ඇල්ලීම කරගෙන ගියහොත් මේ තහනම ඉවත් කරගත  හැකිය.

ආණ්ඩුවේ බලධාරීන් කියා සිටින්නේ සුපරීක්ෂණය සඳහා  නව නීති හදුන්වා දී ඇති අතර ඉක්මනින් මේ තහනම ඉවත් කර ගත හැකි වෙනු ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.