ලංකාව ඉන්දියාවට බයයි මල්ලියේ

south-indian-fishermenපසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා උතුරු මුහුදු තීරයේ නීති විරෝධීලෙස ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවර යාත්‍රා 163ක් නැවත ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ඔවුන්වෙත නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහය වහා නතර කරනමෙන් සමස්ථලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ඊයේ (1) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදී.

ශ්‍රී ලංකා හා ඉන්දීය රජයන් එක්වී 1974 හා 1976 වර්ශවලදී දෙරට අතර අන්තර්ජාතික මුහුදු සීමාව තීරණය කරන ඇත. එයට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දියානු ධීවර යාත්‍රා ඇතැළුවීම නීත්‍යානුකූල නොවන බවත් එය ශ්‍රී ලාංකික ධීවරයන්ගේ නිදහස් ආර්ථික කලාපයක් ලෙසත් පිළිගන්නා ලදී. නමුත් දැනට වසර ගණනාවක සිට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර සිදුකරන මත්ස්‍ය මංකොල්ලය හේතුවෙන් පන්දහසක පමණ ධීවර ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බැවින් ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික ස්ථිරසාර විසඳමක් ලබා දෙන මෙන් උතුරේ ධීවර ප්‍රජාව සහ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ අපි රජයට අවස්ථා ගණනාවක බල කරන ලදී. මේ පිළිබඳව 2014 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට යෝජනා ගෙනවිත් ඇත.

විශේෂයෙන් ඉන්දීය ධීවර යාත්‍රා ඒ වන විට සතියකට 1500ක් පමණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ අතර මෙර ධීවරයන්ට පහරදීම් සහා දැල් ආම්පන්න විනාශ කිරීම සිදුකර ඇත. Bottom Trawing (පතුළ ඇදගෙනයාම) පන්න ක්‍රමය භාවිත කිරීම හේතුවෙන් සමස්ථ මත්ස්‍ය සම්පත විනාශ වීම සහ කුඩා ජීවීන් හා ජලජ පැළෑටි විනාශ වීම බරපතල තර්ජනයක්ව පැවතී. මේ නිසා සම්ස්ත රටට මසකට සිදුවන ආර්ථික හානිය රුපියල් මිලියන 6000ක් පමණ වන අතර සාගර පත්ලට හා මත්ස්‍ය වාසස්ථානවලට වන හානිය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැක.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.