ශ්‍රී ලංකාව ගැන වාර්තාව ජිනීවාවලට

mangalassss

 

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටියි.එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්වින් පවසා තිබුණේ එය යොදා ගත් ආකාරයට මාර්තු 25 වැනිදා නියමිත පරිදි ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා රජය විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් එය කල් මැරීමේ ක්‍රියාවක් නොවන බවත් ඇමතිවරයා කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත වාර්තාව  පමා  නොකොට ඉදිරිපත් කළත් අළුත් ආණ්ඩුවේ ස්ථාවරය, ඉන්දියාවේ සහයෝගය සහ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය  කරන හිතවාදී ප්‍රතිපත්තිය සලකිලට ගත විට මේ යෝජනාව තුලින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කිරීමට තිබෙන ඉඩකඩ බෙහෙවින්ම අඩුය.

ජත්‍යන්තර ප්‍රජාව

අනෙක් අතට දැන් පවතින තත්වය යටතේ ජත්‍යන්තර ප්‍රජාවට කල හැකි යමක් නැත.

මානව හිමිකම් කඩවීම් සිදු නොවූ බව පවසමින් කලින් පැවතී රජය මෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොකරන බව පැවසූ මංගල සමරවීර විදේශ ඇමතිවරයා එවැනි මානව හිමිකම් කඩවීම් සිදුවී ඇති බව වත්මන් රජය විශ්වාස කරන බව පැවසුවේය.මේ ස්ථාවරය හමුවේ අළුත් ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ  යම් සහනයක් ලබා ගත හැකි වෙතත් ඒ අවසරය ප්‍රයෝජනයට ගෙන කිසිත්  නොවුවා සේ සිටීමට ආණ්ඩුව කටයතු කළහොත් එය බරපතල වරදක් වනු ඇත.

අළුත් ආණ්ඩුව යහ පාලනය සහ නීතිය පිහිටුවීම ගැන කියන සියල්ල විහිළුවක් වනු  ඇත.මන්ද යත් උතුරේ ජනතාව සඳහා එක නීතියකුත් දකුණේ තවත් නීතියක් තබීම යහ පාලනය නොවන බැවිනි.

මෙහිදී මංගල සමරවීර ඇමතිවරයා තර්කානුකුල ව ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්ට තිබේ.එහෙත් ඔහුට මේ මාර්ගය දිගේ ගමන් කල හැකි වන්නේ රට ඇතුලෙන් ඔහුට සහයෝගය ලැබුනොත් පමණි.

Human rights report to be submitted at Geneeva UN session.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.