ලංකාව චන්ඩි ටෝක් අකුලා ගනී…………..

indian-trollerඉන්දියාවෙන් අනවසරයෙන් ලංකා මුහුදු තීරයට ආ ට්‍රෝලර් යාත්‍රා කිසිදු හේතුවන් නිසා මුදා නොහරින බව පැවසූ ධීවර ඇමති මහින්ද අමරවීර දැන් කියා සිටින්නේ මෙරට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව යි.
.
නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට දැනටමත් උපදෙස් දී ඇතැයි ද ඉදිරියේදී ඔවුන් නිදහස් කරනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. සාකච්ඡා පැවැත්වුණ ද ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවන ධීවරයන් අත්අඩංගුවට ගැනීම නොනවත්වා කරන බව ද අමරවීර මහතා සඳහන් කළේය. ඔහු මේ බව කීවේ ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා ද එක් විය. හුදෙක් චන්ඩි ටෝක් වලින් මේ ප්‍රශ්නය විසඳා ගත නොහැකි දැන් යළිත් වතාවක් පැහැදිලි වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.