ලංකාව සහ චීනය නොරොච්චෝලෙන් තෘප්තිමත්.

norochchoala නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය පිළිබඳව සෑහිමකට පත් වන බව ශ්‍රී ලංකාව සහ චීනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ස්ථාවර විදුලි බල සැපයුමක් වෙනුවෙන් එම බලාගාරය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති Ren Faqiang මහතා අතර පැවති සාකච්ඡාවක දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලිබල සැපයුමෙන් සියයට 40ත්, 60ත් අතර ප්‍රමාණයකට එම බලාගාරය විසින් දායකත්වය සපයනු ලබයි. චීන විශේෂඥයන් හා ඉංජිනේරුවන්ගේ සේවා සැපයීම හා වෘත්තීය නිපුණතාව එම සාකච්ඡාවේදී විදුලි බල අමාත්‍යවරයා විසින් අගය කර තිබේ.

චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරුවෙක් බවත් ශ්‍රී ලංකාවේ පශ්චාත් ප්‍රතිසංවර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් චීනයේ දීර්ඝකාලීන කැපවීමට ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව කෘතඥතාව පළ කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

එහිදී අදහස් දැක්වූ චීන නියෝජ්‍ය තානාපතිවරයා මෙම බලාගාරයෙන් කිලෝවොට් එකක විදුලි ජනනයක් වෙනුවෙන් වැයවන්නේ රුපියල් අටක් වැනි මුදලක් බවත්, එය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ඉතුරු කිරීමට හේතු වී ඇති බවත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වන චීනය විදුලි බල මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සමඟ එක් ව පසුගිය වසර අටක කාලය තුළදී ඉහළ සහයෝගීතාවයකින් යුතුව කටයුතු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

ව්‍යාපෘතියේ සමස්ත විදුලි බල ජනනය ගිගාවොට් 8000කි. මෙම බලාගාරය හේතුවෙන් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන සියයකට වඩා වැඩි මුදලක් බලශක්ති උත්පාදන වියදමින් ඉතිරි කර තිබේ.  මේ වන විට පළමු වන අදියරේ විදුලි බල මණ්ඩල ආයෝජන ප්‍රතිපූර්ණ කර තිබේ. මෙම දැවැන්ත බලාගාරය ශ්‍රී ලංකාවේ විශාලත ම ලාභදායී ව්‍යාපෘතිය බව ඉන් පිළිබිඹු වෙයි.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර අදියර තුන ම සම්පූර්ණ කර ගැනීමෙන් පසු විදුලි බල මණ්ඩලයට අමෙරිකානු ‍ඩොරල් මිලියන 1.5කට ආසන්න මුදලක් දිනපතාම ශූද්ධ ලාභයක් ලෙස උපයා ගත හැක.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.