ලංකාව හරහා මිනිත්තු හතකින්

මේ වීඩියෝව තුල රූප පෙළ ගස්වලා තියෙන්නේ හරිම අපුරු ලෙසින්.මේ රූප පෙළ අතරින් සිතුවිලි ගලන කොට දැනෙන්නේ කොළඹ ඉඳලා රාගමට යන කෝච්චියේ සෙනග අතරේ තෙරපිලා යන ආකාරයක්. අනේ මේ පෙන්නන හැමතැනකම මමත් ඉඳල තියනවා නේද කියන හැංගීම ඇති වෙනවා.නුවර පෙරහැරේ පන්දම් එලිය දිලිහෙනවා.නුවර මැණිකේ කෙනෙක් දිහා ඒ දිලිසෙන පන්දම් එළියෙන් බලාගෙන හිටපු හැටි මතක් වෙනවා.මාළු ගන්න මීගමු ලේලමට ගියේ හිම්දිරි උදයේ ගොඩ බිමට එන ධීවරයින් දැක ගන්නයි.වෙරළ තීරය දිගේ පිය මනින පාසැල් දැරිවියන්  දකින විට ඇති වෙන්නේ බයක්.මේ නොදරුවන්ට කාගෙන් හරි කරදරයක් වෙයිද ?

මේ වීඩියෝව සිතුවිලි සමුහයක් කිති කවන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හද ගැහෙනා රාවය මේ රූප රාමු අතරේ නිදන්ගත වෙලා තියෙන හඬයි.

මේ වීඩියෝව නිර්මාණය කරල තියෙන්නේ සංචාරකයෙකුගේ  ඇසින්.එත් ඒ නිර්මාණය ඊට එහා ගිහින් ස්වදේශිකයින්ගේත් හදට ආමන්ත්‍රණය කරනවා.මෙහෙම වෙලා  තියෙන්නේ ස්වදෙශිකයාගේ සංස්කෘතියට සංවේදීව රූප පෙළ ගස්වා තිබීම නිසයි.

 

 

Kees Bennema
Kees Bennema

 

 

[vsw id="/DCYAPRHzvA0" source="youtube" width="325" height="244" autoplay="no"]

මේ වීඩියෝව නිර්මාණය කළේ  Kees Bennema,,ඔහු නෙදර්ලන්ත ජාතිකයෙක්.ම්හුට් අනුව වඩත් වැදගත් වෙන්නේ ආලෝකය,අඳුර,දුර ආදී තාක්ෂණ කරනා නොව කැමරාවෙන් එහා පැත්තේ ඉන්න මනුස්සයා සමග තියෙන සම්බන්ධයි.

මේ රූප පෙළ සේකර කවියා ගේ ප්‍රබුද්ධ කවි පොතේ කවියක් මතකයට නංවන්නේ ජීවත් වෙන්න තියෙන ඇල්ම වැඩි කරවමින්


 

දෑතේ කරගැට සිඹ  සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි

අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.