ලංඩනයේ හැරෝ පුරපතිනිය කන්ද උඩරටින්

kareema marikarශ්‍රී ලාංකීය සම්භවයකින් යුතු කරීමා මරික්කාර් ලන්ඩනයේ හැරෝ හි නගරාධිපති තනතුරෙහි වැඩ භාරගත්තාය. එම අවස්ථාවේ පැවති විශේෂ උත්සවය සංවිධානය වී තිබුණේ ඇගේ ශ්‍රී ලංකා උරුමය සිහිපත් කරමිනි. උඩරට නැට්ටුවන්, බෙර වාද්‍ය ශිල්පීන්ගෙන් අලංකාර වූ මෙම උත්සවය මෙන්ම ඇගේ මානව හිතවාදී අදහස් ද මේ වන විට ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් ව තිබේ.

කරීමා මරික්කාර්, සිය තනතුරේ වැඩ භාරගැනීමට සමගාමී ව ‘රේන්බෝ ට්‍රස්ට්‘ නමැති බරපතළ රෝගාබාධයන්ට ලක් වූ දරුවන් සිටින පවුල්වලට ආධාර කරන ආයතනයද, ෆර්ම් ෆවුන්ඩේෂන් නමැති හැරෝව් හි හිසට සෙවණක් නොමැති අයට ආධාර කරන සමාජ සුබසාධන ආයතනය ද පුරපති ධුරය යටතේ පවතින පුණ්‍ය ආයතන බවට පත්කළාය. ඇය සමාජ සේවයට කැප වූ චරිතයක් වශයෙන් එතෙර ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව වෙස්ට් හැරෝව් වාසීන් අතර ද මහත් ජනප්‍රියත්වයට සහ ගෞරවයට පාත්‍ර වී සිටියි.

ඇගේ පදවි ප්‍රාප්ත උත්සවයට පැමිණ සිටි අය අතර ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගණනාවක් ද දක්නට ලැබිණි. එහිදී ලන්ඩනයේ ජාතීන් අතර විවිධත්වය වැඩි වශයෙන්ම දැකගත හැකි නගරයක් වන හැරෝ හි පුරවැසියන් විසින් තමන් කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ මෙන්ම, දරුවන් තිදෙනෙක් හදා වඩාගන්නා තනි මවක් වශයෙන් තමන් ලබන අත්දැකීම් ගැන ද තමන් ආඩම්බර වන බව ඇය ප්‍රකාශ කළාය. සිය ජීවිතයේ මුල් කාලය ශ්‍රී ලංකාවේ ගත කළ කරීමා මරික්කාර්, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. අනතුරුව පුරා වසර 28 ක් මුළුල්ලේ කරීමා මරික්කාර් ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් ප්‍රදේශයේ හැරෝ නගරයේ ය. ඇය පසුගිය කාලයේ හැරෝව් නගර සභාවේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියක වශයෙන් ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.