ලක්ෂ දෙකට අඩුව උකස්‌ කළ ස්‌වර්ණාභරණ වල පොළිය කපා හරී

GOLDPAWN

 

ජීවන වියදම ඉහළ යැම නිසා දැඩි සේ පීඩාවට පත් කාන්තාවනට සැලසෙන විශේෂ සහනයක්‌ ලෙස රජයේ බැංකුවලට උකස්‌ කරන ලද රු. ලක්‍ෂ දෙක නොඉක්‌මවන වටිනාකමින් යුත් උකස්‌ කළ ස්‌වර්ණාභරණ මත අය කෙරෙන පොළිය කපා හරින බව  මුදල් ඇමති රවී කරුණානායක  කියා සිටියේය.

 

MR12042014G_1

 

 

ජනවාර්ගික අර්බුදය පැවැති කාලයේ අත්පත් කර ගන්නා ලද ස්‌වර්ණාභරණ ජනාධිපතිවරණ කාලය තුළදී ආපසු ලබා ගන්නා අහිංසක පවුල් දුටු බවත් හමුදාව විසින් රජයට ලබා දෙන ලද කන්ටේනර් 4 ක රත්තරන් තොග පිළිබඳව අසා ඇති බව සඳහන් කළ  මුදල් ඇමතිවරයා ඒවායේ ඉතිරි රත්තරන් තොගයට කුමක්‌ වූයේ ද යන්න  ප්‍රශ්න කරන  බව සිය අයවැය කතාවේදී පැවසීය.

වර්තමානයේ කන්ටේනර් බාගයක තරම් ඉතිරි වී ඇති රත්තරන් පිළිබඳ සාක්‍ෂි පවතින බවයි මුදල් ඇමති රවී කරුණානායක ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.