ලන්ඩන් සඳරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට උත්සහයක්?

lankaenews Sandaruwanලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සිය පැජට් පාරේ නිවසට විශේෂයෙන් කැඳවීමෙන් පසු ජනාධිපතිවරයා මහ කොමසාරිස් වරයාගෙන් මෙම ඉල්ලීම කරන ලදැයි ද, මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාද සහභාගී වී සිටි බවද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් පවසන පරිදි මහ කොමසාරිස් වරයා කිසිදු ප්‍රකාශයක් කර නැති අතර සියල්ල සටහන් තබාගෙන තිබේ.

ලංකා ඊ නිව්ස් කතුවරයා අත් අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම සාර්ථක වීමට ඇත්තේ අඩු ඉඩක් බව නීති විචාරකයින් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.